ජනපති කාර්යාලයේ මූලිකත්වයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ‘සහසර‘ වැඩසටහනේ ක්‍රියාකාරී අදියර ජනවාරි 16 මහනුවරින් ආරම්භ වීමට නියමිත බව උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ (සෙමා) සභාපති අශෝක අබේගුණවර්ධන මහතා පැවසීය.
සහසර කාඩ්පත ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතාට පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් එසේ කී ඒ මහතා මේ වසරේ සිට ලංකාවේ සෑම පළාතකටම සහසර කාඩ්පත හඳුන්වාදීමට නියමිත බව ද කීවේය.
නිසි වේලාවට බස් රථ ධාවනය කිරීම, මගී ආරක්ෂාව, ගමන් ගාස්තුවෙන් 20%ක මුදලක් අඩුවීම, ඉතිරි මුදල් පිළිබඳ ගැටලු ඇති නොවීම නිසා සාර්ථක මගී ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක වන බව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති එරික් වීරවර්ධන මහතා පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - අකිල බද්දෙවිතාන



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර පළාතේ මේ වගේම ටච් කාඩ් වැඩේ අසාර්ථක වුනා. ඒ ගැන නොතකා කරන මේ වැඩේට මහජන මුදල් කොච්චර නාස්ති කරනවද. ඒවාට කිසි කෙනෙක්ව ඇත අඩංගුවට ගන්නේ නැහැ. (හේ)
කඩුගන්නාව මහනුවර බස් එකට පැය 1 1/2 ක් ගතවෙනවා. පිටරටවල වගේ බස් හෝල්ට් එකක නැවැත්විය හැකි මිනිත්තු එකේ හෝ මිනිත්තු දෙකේ නීතිය මෙයාලටත් අනිවාර්ය කරන්න. කාඩ් එකෙන් ඒකත් කරන්න පුළුවන්. තාක්‍ෂණය අපි දෙන්නම්. එ්කෙන් පුළුවන් බස් එක කොච්චර කොටනවද කියලා බලන්න. (නි)
මේ මොන වැඩසටහන ආවත් පෞද්ගලික බස් මගී ජනතාව රස්තියාදු කරන එක නවතීද නම් සැක සහිතයි. ඉතා කෙටි දුරක් යාමට බොහෝ කාලයක් ගත කිරීම නිසා බස් වල ගමන් කිරීම අන්තයටම එපා වෙලා. උදාහරණයක් විදියට මහනුවර මැදවෙල (603) මාර්ගයේ 14km දුර යාමට පැය එකහමාරක් ගතවෙනවා.අපිත් ඔහේ යනවා. (අ)
මේවා කවදාද පිළිවෙළකට කරන්නේ? එක සැරයකුත් මට මතකයි මගී කාඩ්පත උත්සවාකාරයෙන් ආරම්භ කළා. අර තාමත් බස්වලයි, බස් හෝල්ට්වලයි ටච් කියලා බෝඩ් ගහලා තියෙන්නේ. අන්තිමට බෝඩ් ලෑල්ල විතරයි. (ර)
බස්නාහිරත් තියනවනේ එ්ත් ක්‍රියාත්මක නැනේ හැම එකක්ම සෝබන විතරයි (බ)
මහනුවර සහසර පළමු වැඩසටහන හොඳට වුණා. හොඳ වැඩක්. නමුත් මහනුවර නගරය තුළ ඇති වාහන තදබදය හා පිළිමතලාවේ සිට පාරට ගෙවෙන පැය දෙකහමාර ගැන මහනුවර පළාත් සභාවේ ඉන්න ලොක්කෝ දන්නෙවත් නැහැ වගේ තමයි හැසිරෙන්නේ. විනාඩි 20 ගමනට පැය 2ක්වත් යන නිසා තෙල් දහනයෙන් ඇතිවන පරිසර දුෂණය සහ මුදල් නාස්තිය අතිමහත්. මේවට පාලකයන්ට උත්තර නැහැ (නි)
අරුප්පොල සිට මහනුවරට විනාඩි 45 ක් ගන්නවා. ලංගම කිසිම බසයක් මේ පාරේ යන්නේ නැහැ. මහනුවරින් සවස 7 පසු කිසිම බසයක් ධාවනය වෙන්න නැහැ. මෙතරම් ජනාකීර්ණ අරුප්පොලට ලංගම බස්වලට එන්න දෙන්නේ නැහැ පුද්ගලික බස්කාරයෝ. මේවා බලන්න කිසිම කෙනෙක් නැහැ. මේ දේවල් වලට නිසි පරිදි ක්‍රියාකරන්න කිසිවෙක් නැහැ (නි)