
(පාලිත ආරියවංශ)
බදුල්ල, තෙල්බැද්ද වත්ත ප්‍රදේශයේ අඩි 45 ක් පමණ උසැති කොස්ගසකට නැඟ සිහිසුන්ව සිටි තරුණයෙක් දැඩි පරිශ්‍රමයකින් යුතුව පැය 2ක මෙහෙයුමකින් පසු පහළට ගැනීමේ පුවතක් අද (25) බදුල්ලෙන් වාර්තා විය.
ගසින් බැස්සවූ තරුණයා අනතුරුව සුවසැරිය ගිලන් රියකින් බදුල්ල මහරෝහලට යැවූ බව බදුල්ල පොලිසිය පැවසීය .
27 හැවිරිදි මෙම තරුණයා කොස් ගසක අතු කපමින් සිටියදී වාරුනැතිව වැනෙන අයුරු දුටු කීපදෙනෙක් ගසට නැග කඹයකින් ඔහු ගසට තබා බැඳ පොලිසියට දැනුම් දී තිබේ .
පොලිසිය තරුණයා බිමට ගැනීම සදහා ආයතන කීපයකට කතා කර සහාය ඉල්ලා සිටියත් පළක් නොවූ තැන අසල්වැසි තරුණයන් ගසට නංවා කඹයක ආධාරයෙන් සිහිසුන්ව සිටි තරුණයා පහතට ගෙන දිවි ගලවාගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහ කැපුවා නම් මිනිහාව මිනිත්තුවෙන් බිමට ගන්න තිබුණානේ.... පැය ගණන් බලන් ඉන්නේ මොකටද?
"පොලිසිය තරුණයා බිමට ගැනීම සදහා ආයතන කීපයකට කතා කර සහාය ඉල්ලා සිටියත්" යන විස්තරයෙන් මෙම පුවතට කිසිදු ඵලක් තිබේද යන්න ගැටළුවක්..., මක්නිසාදයත් එම ආයතන කුමක්දවත් මහජනතාවට දැනගනුමට නොහැකි වීමය. සමහරවිට මෙවන් අවස්ථාවකට උදව් ලබාදීමට කිසිසේත්ම නොහැකි ආයතනවලින් පොලිසිය සහය ඉල්ලුවේද? අදාළ රජයේ හෝ පුද්ගලික ආයතන (මෙවන් හදිසි අවස්ථාවකට උදව් ලබා ගැනුමට හැකි) එසේ නිසි ප්‍රතිචාරයක් නොදැක්වුයේ නත්තල්දවසේ සියල්ලෝම නිවාඩු බැවින් හා "අද වැනි දිනක කිසිදු හදිසි අනතුරක් නොවෙනා බව සක්සුදක්සේ ඔවුන් දන්නා" නිසා විය හැක. කෙසේ වෙතත් මෙම තරුණයාගේ ජීවිතය බෙරගනුමට සබභාගි වූ සැමට යහපතක්ම වේවා... එලෙසම කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ ආයතනවල ප්‍රධානීගේ සියලුම ඒ ආදරණිය මෑණිවරුන්ව අප ඉතාමත්ම හැගුම්බරව ආදරයෙන් මතක් කිරීමටත් කැමැත්තෙමු.
මෙම තරුණයාගේ ජීවිතය බේරාගැනුමට සහභාගි වූ සැමට යහපතක්ම වේවා...!!!