දෙමළ ජනතාවට අවාසිදායක වන ආකාරයේ ව්‍යවස්ථාවක් ගෙන ඒමට කිසිවිටක ඉඩ නොතබන බවත් , දෙමළ ජනතාවගේ අර්බුදයට හිමිවිය යුතු දේශපාලන විසදුම මෙරට බහුතර සිංහල ජනතාවද පිළිගන්නා ආකාරයේ එකක් විය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පැවසීය.
2016 වසර කිසිවක් සිදුනොවූ වසරක් ලෙස හැදින්විය නොහැකි බවත් මේ වසර තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් ප්‍රගතශීලීත්වයක් දක්නට ලැබූ වසරක් බවත් විපක්ෂනායක වරයා සදහන් කළේය.
‘‘මේ වන විට වඩාත් ප්‍රගතශීලී කටයුතු රැසක් මෙරට තුළ සිදුවෙනවා. මෙය අවුල් කිරීමට අප කැමති නැහැ. අප අවස්ථා ගණනාවකදීම දකුණේ දේශපාලන නායකයින් හමුවී සාකච්ඡා කළා.මෙහිදී ඒකීය රාජ්‍ය දේශපාලන විසදුමක් බලාපොරොත්තු නොවන බවට අවස්ථා ගණනාවකදීම පෙන්වා දුන්නා. අප කියන්නේ අප ජනතාව පිළිගන්නා සාධාරණ දේශපාලන විසදුමක් ලබා දෙන්න කියලයි.
විශේෂයෙන් දෙමළ ජනතාවගේ අර්බුදයට හිමිවිය යුතු දේශපාලන විසදුම මෙරට බහුතර සිංහල ජනතාවද පිළිගන්නා ආකාරයේ එකක් විය යුතුයි.එය විශේෂයෙන් ප්‍රකාශ කළ යුතුයි.සිංහල ජනතාවගේද පිළිගැනීමට ලක්වන ආකාරයේ විසදුමක් ලැබේවි යැයි මා විශ්වාසයෙන් පසුවෙනවා.
පසුගිය 2015 ජනවාරි අට වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු දීර්ඝ කාලයක සිට විසදුමක් හිමි නොවුනු ජාතික ප්‍රශ්නය එනම් උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් මේ වසර අවසන් වන්නට පෙරාතුව ගෙනඑන බව මා විසින් විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළා.මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව පක්කර ගත්තා.ඉන් අනතුරුව පැවති මහ මැතිවරණයෙන් ජයගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැති ධූරයට පත්වුනා.අනතුරුව ජනපතිගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් අගමැතිවරයාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයත් එක්වී මේ වන විටත් ජාතික ආණ්ඩු පාලනයක් ගෙන යනවා.එජාපයට අපගේ සහායෙන් තුනෙන් දෙකක බලයක් හිමිකර ගනිමින් ජාතික ආණ්ඩු පාලනයක් ගෙන යාමට අවස්ථාව තිබුණා.එසේ වූයේ නැහැ.
කෙසේ වෙතත් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රගතහීලී කටයුතු රැසක් සිදුව තිබෙනවා.පාර්ලිමේන්තුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්ව තිබෙනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් මගපෙන්වීමේ කමිටුවක් පත්කර ගෙන තිබෙනවා.මෙම කමිටුව විසින් අනු කමිටු හයක් පත්කරගෙන තිබෙනවා.එම අනුකමිටු විසින් යොජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තා මේ වනවිටත් භාර දී තිබෙනවා.එම වාර්තා ලබන ජනවාරි 09,10,11 තෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට ද නියමිතව තිබෙනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මේ වනවිට අවස්ථා 45 කදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගපෙන්වීමේ කමිටුව රැස්ව තිබෙනවා.මෙනිසා 2016 වසර කිසිවක් සිදුනොවූ වසරක් ලෙස කියන්න බැහැ.ප්‍රගතීලී දෑ රැසක් සිදුව තිබෙනවා.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු ඒ සදහා ජනතා කැමැත්ත හිමිවීම අනිවාර්යයි.මෙම ව්‍යවස්ථාව ජනතාව වෙත ඉදිරිපත් කර ජනමත විචාරණයක් සිදුකළ යුතුයි. එම ව්‍යවස්ථාව දෙමළ ජනතාවට අවාසිදායක ආකාරයෙන් සකස් නොවිය යුතුයි. නව ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් රැකිය යුතුයි‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසිර පැරිස්, සිංහලයින් කොළඹ හැරයන්න හේතු ගණනාවක් තිබෙනවා. ඒ කාලේ අපි සිටිය ප්‍රදේශයේ අන්‍ය ජාතීන් සිටියේ නැත. සිටියේ පරසිද්ද ව්‍යාපාර කරපු ඉන්දියානු දෙමළ පවුල් කීපයක් සහ බර්ගර් ජාතිකයින් සහ සිංහල මිනිසුන්ය. 1956 සිදුවූ දේශපාලන වෙනස නිසා බර්ගර් ජාතිකයින් රට හැරයන්න ගියා. ආරක්ෂාව සහ වෙළඳාම් කටයුතු වලට පහසු නිසා දමිළයින් සහ මුස්ලිම්වරු කොළඹට ආවා. සිංහලයෝ සල්ලි වලට කෑදරකමට ඔවුන්ට ඉඩකඩම් විකුණුවා. (නි)
මේක ඒකීය රටක් කිසිම ජනවර්ගයකට ,විශේෂ වරප්‍රසාද නැහැ ,විශේෂ වරප්‍රසාද වාසි අවාසි කතාකරනවා කියන්නෙම ,බෙදුනා වෙන්වුනා කියන එකයි , කුමන ජාතියකට වුනත් මේ පින්බිමේ පය ගසන්නට ලැබීමම වාසනාවක් කොට තකව් (බ)
සම්බන්දන් මහත්තයෝ ....! දෙමළ ජනතාවට අහිමි සිංහල ජනතාව බුක්ති විඳින විශේෂ වරප්‍රසාද මොනවද කියල අපිට කියල දෙන්නකො. (බ)
ඉස්සර විදියට විදේශියෙකුට වුනත් රජකම කරන්න පුළුවන්කම තිබුන. දැන් එහෙම බැරි හින්ද වෙන්න ඇති. මට පෙනෙන විදියටනම් සිංහල ජනතාව බුක්ති විඳින විශේෂ වරප්‍රසාද එයයි. හැමෝම සිංහල වෙලා සිංහල කතා කරනවනම් හැමෝටම රජ වෙන්න වරමක් තියෙයි. මට අමතක වුන සිංහල වෙලා විතරක් මදි බුද්ධාගමේ වෙන්නත් ඕනේ. (බ)
යාපනේ ඉඩම් මිලදීගන්න වෙනත් අයට පුළුවන්න්ද ??? (බ)
ගුණසිරි ලෝකය සිංහලය මහා ජාතිය හැටියටත් අනිකුත් අය සුළු ජාතීන් හැටියට සලකනවා. අපි සුළු ජාතීනට ඒ අයිතිවාසිකම් දෙමු සුළු ජාතීනට රටේ පොලිස් බලය හෝ ඉඩම් අයිතිය හෝ දෙන්න ලෝකයේ කොහෙවත් කියා නැත. ලෝකය සුළු ජාතීන් හැටියට සලකන කොටස අපි විහින් මහා ජාතියේ කොටසක් කරගත යුතු නැත. පසුව වෙන්නේ කොහෙවත් යන නයි ඇඟේ ගෙන කනවෝ කනවෝ කියන්නයි (බ)
සමරේ සිංහල ජනතාව බුක්ති විඳින වරප්‍රසාද තිබෙනවානම් ඒ හැම එකක්ම දෙමළ ජනතාවට දිය යුතුද? එහෙනම් ලෝකය ඔවුනට සුළු ජාතීන් කියන්නේ ඇයි? (බ)
ලංකාවේ මිනිස්සු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කියවන්නේ නැහැනේ. දේශපාලකයෝ කියන දේ විතරයි විශ්වාස කරන්නේ. පොලිස් බලතල බෙදීමේ යෝජනා මම කියෙව්වා. මම දැක්කේ එක අඩුවයි. එනම්, පුහුණුව පළාතට සීමා කිරීම පමණයි. අනෙක්ව කියන තරම් යකා කළු නැහැ. වරද තියෙන්නේ ජාතික ප්‍රතිපත්තියක් මේ රටේ නැති එක විතරයි. එහෙම තියෙනවනම් පළාත් බලතල ඕන නැහැ. (බ)
විජයකලා සතුටු වෙන විදියේ වැඩපිළීවෙළක් ලෑස්ති කරන්න තමයි අපේ ජනාධිපතිතුමා උත්සාහ කරන්නේ (බ)
බමුණු අදහස් කරන කිසිවක් මම අදහස් නොකෙළෙමි . පාර්ලිමේන්තුව පත් කරලා තියෙන්නේ බහුතර කැමැත්තට ,නව ව්‍යවස්ථාවක් වැනි අතිශයින් සෘජුව සමස්ත ජාතියට බලපාන කරනාවකදී ජනමත ව්චාරණයකට යාමට අදහස් කිරීමම ඉතා ප්‍රගතිශීලියි, තම තමන් කවුදැයි මැනවින් දැනගැනීම වැදගත් කොට සලකමි ,සුළු ජාතින් සුළු ජාතින් හැටියටත් ,මහා ජාතිය මහා ජාතින් හැටියටත් තම යුතුකම් අකුරට ඉටු කරන්න මේ පින් බිම රැකෙන්නේ එතකොටයි. (බ)
මොකද්ද මේ ජනවාර්ගික ප්‍රශ්නය එහෙම දෙයක් අපේ රටේ නැ කොළඹ ජනගහනයෙන් සියට හැටක් දෙමල ජනතාව ඉන්නේ නමුත් යපෙනේ සිංහල ජනතාව බින්දුවයි ප්‍රශ්නය තියන්නේ කොහෙද කියල කාටත් පේනවා මෙයාල ඉල්ලන්නේ ඊළම මෙය අහිසක ත්‍රස්තවාදය (බ)
බමුණු, පැරිස්හි සිසිර, ඔබලාගේ අදහස් වලට ස්තුතියි! මේ සිංහල රට, සියලු ජාතින් සිංහලයාගේ අනාගතයට තර්ජනයක් නොවන පරිදි, මේ රට ඔවුන්ගේ මුල් රටවල්වල ප්‍රාන්ත බවට පත්කිරීමට උත්සාහ නොකර ජිවත්විය යුතුය. (නි)
සිසිර පැරිස් සමඟ මම 100%ක් එකඟයි (නි)
ගුණසිරි, නව ව්‍යවස්ථාවක් වැනි අතිශයින් සෘජුව සමස්ත ජාතියට බලපාන කරණාවකදී ජනමත විචාරණයකට යාමට අදහස් කිරීමම ඉතා ප්‍රගතිශීලියි කිවුවාට ඒ ගැන විමසාබලා තීරණ ගැනීමට තරම අපේ ජනතාව බුද්ධිමත්ද? එම තීරණ ගන්නෙත් දේශපාලුවෝ කියන්නාක් අසා නොවේද? මේ ආණ්ඩුව බලයට පත්කිරීමට රැවටුන විදිහට නව ව්‍යවස්ථාවක් දෙන්නත් රැවටුනොත් කොහොම සිටීවිද? (නි)