IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිංහලත් අමතක වනතුරු සෞදියේ වහල් වැඩ

වසර 12කට පෙර සෞදි අරාබියේ  ගෘහ සේවිකාවක් ලෙස පැමිණ වසර 11ක් වැටුප්ද නිවාඩුද නොලද කාන්තාවක්සෞදි අරාබියේ   නැගෙනහිර අල් කොබාර් තානාපති ජංගම සේවාවේදී සොයා ගැනිණි. ඇය අනුරාධපුරයේ කතකි.

 අලුත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඇයගේ හාම්පුතා යැයි සැලකෙන සිරියා ජාතිකයකු සහ ඔහුගේ බිරිය සමඟ පැමිණි අතර තානාපති කාර්යාලයයේ කම්කරු නිලධාරී රොෂාන් ගුණවර්ධන මහතා මේ කාන්තාවකගෙන් කරුණු විමසීමේදී හෙළි වුයේ තමා පැමිණ වසර 12 ක් ගත වුවද වැටුප් ලෙස මෙතෙක් ලැබුණේ එක් වසරක වැටුප් පමණක් බවයි.

වසර 12දීම ලංකාවවෙන් ලංකාවට නොගිය ඇය නිතර නිතර පහරදීම්වලට ලක්වෙන බවද කිසිදු දිනක ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමට ඉඩ නොදුන්  බවද ඇය කීවාය.තමාට නැවත මෙම පුද්ගලයින් සමඟ එම නිවසට යෑමට නොහැකි බවත්  කෙසේ හෝ තමා  ශ්‍රීලංකාවට පිටත් කිරීමට කටයුතු යොදන ලෙසත් ඇය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.මෙම කාන්තාවට හරිහැටි සිංහල භාෂාව පවා කතා කිරීමට නොහැකි බව පෙණිනි.

වහා ක්‍රියාත්මක වු රොෂාන් ගුණවර්ධන මහතා සහ කම්කරු නිලධාරී යසීර්,නෂ්රත් ,යන නිලධාරීන් උපක්‍රමශ්‍රීලිව සිරියා ජාතික හාම්පුතාගේ සියලු තොරතුරු ලිඛිත හා වාචිකව සාක්කි ලබාගෙන සහ නීතිමය තත්ත්වයන්  සහ මෙහි බරපතලකම අවබෝධ කර දී වසර 11 වැටුප් වෙනුවෙන් අවම වශයෙන්  සෞදි රියාල් අසු දහසක් පමණ ( ශ්‍රී ලංකා රුපියල් ලක්ස විසිහතරක් ) පමණ ගෙවිය යුතු බවයි.නොගෙවන්නේ නම්  නිතීමය ක්‍රියාමාර්ගයකින් එම මුදල් ලබා ගැනීමට කටයුතු කරන බව පැවසු අතර හාම්පුතා හදිසියේ නිලධාරීන් හට පැවසුයේ ගමන් බලපත්‍රය ලබාගෙන මුදල් සමඟ ඇය ලංකාවට පිටත් කිරීමට පියවර ගන්නා බවයි.

 රොෂාන් ඔහුගේ යෝජනාවට එකඟ වුයේ නැත. කාන්තාව වහාම තානාපති කාර්යාල භාරයට ගෙන රියාද් ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන යාමට කටයුතු කළ අතර හාම්පුතා මුදා හැරියේය.

ශ්‍රී ලංකා කම්කරු නිලධාරීන් සඳහන් කළේ මෙම කාන්තාව පිළිබඳව තොරතුරක් නැති බවයි. ඇගේ පවුලේ ඥාතීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කිහිපයක්ම කර ඇති බවයි. එම අවස්ථාවේදීම එම සටහන්ද හාම්පුතා වෙත පෙන්වන ලදි.

 

DSC03849 DSC03853



අදහස් (0)

සිංහලත් අමතක වනතුරු සෞදියේ වහල් වැඩ

විජයබාහු Monday, 09 March 2015 09:04 AM

ඔයාට විකාරද හේවගේ.. අපේ රටේ ඉන්නේ හැමදේම නිකන් ලැබෙන කන් බලන් ඉන්න ජාතියක්. ඉතින් මොන නිෂ්පාදනද. එකටම හරියන දේශපාලනයක් තියනවා ලංකාවේ. එක වෙනස් කරන්න අවොත් ගෙදර යන්න වෙනවා. ඕක පටන්ගන්නේ මහපොළ දීල. පිට රටවල ඔහොම කරන්නේ නැ. ඒ අය වැඩකරලා සල්ලි හොයාගන්නේ. අපේ අයත් පිට රට අවම කතා නැතුව වැඩ කරලා සල්ලි හොයාගන්නවා. ලංකාවේදී තම මහපොලි අර පොලයි මේ පොලයි ඉල්ලලා කැ ගහන්නේ (අ)

:       0       0

සමන් Monday, 09 March 2015 12:25 PM

අපි වහාම ලංකාවේ කතිකාවක් ඇති කල යුතු වනවා, පවුලේ ප්‍රශ්න වලට අම්මල රට යන්නේ නැතුව පියවරු ගියානම් තමා හොඳ. ගැහැණු රට ගිය අයගේ පිරිමි ඇත්තටම පිරිමිද කියලා හිතෙනවා (නදී)

:       0       0

ඒ . හේවගේ - බදුල්ල Monday, 09 March 2015 01:27 AM

අපි ජාතියක් වශයෙන් ලැජ්ජා වියයුතුයි. කිසිම නිෂ්පාදන‍යක් නැතුව වහල් සේවයෙන් ආර්ථික සංවර්ධනයක් සොයන ජාතියක් අපි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site