IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සහල් හිඟයට රජයෙන් දීර්ඝ කාලීන විසැඳුමක්

(එස්.රුබතීසන්)

සහල් තොග රඳවා තබා ගනිමින් අනවශ්‍ය සහල් හිඟයක් නිර්මාණය කර ඇති මහා පරිමාණ මෝල් හිමියන්ට එරෙහි පියවරක් ලෙස රජය තමන්ගේම අමතර වී තොග පවත්වා ගෙන යාමට තීරණය කර ඇතැයි කෘෂි කර්ම අමාත්‍යංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා අප පුවත්පතට පැවැසුවේය.

ඒ අනුව සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යෑමේ අරමුණින් එළඹෙන මහා කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට රජය සැලැසුම් කර ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.

වර්තමානයේ සහල් මිල ඉහළ පහළ යෑමට හේතුව වී ඇත්තේ මහා පරිමාණ මෝල් හිමියන් වෙළඳපොළට සපයන සහල් තොග සීමා කරමින්  සහල් කෘතීම හිඟයක් ඇති කිරීම බවද ඔහු පැවැසුවේය.

පසුගිය රජයේ තීරණ හේතුවෙන් වී අලෙවි මණ්ඩලය සතුව වර්තමානයේ ප්‍රමාණවත් වී තොග නොපවතින බවත් විශේෂයෙන් නාඩු ප්‍රභේදයන්ගේ ප්‍රමාණවත් වී තොග අලෙවි මණ්ඩලය සතුව නොමැති බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මහා කන්නයේදී විශාල වී තොග ප්‍රමාණයක් මිලදී ගෙන මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ මට්ටම දක්වා රජය වී තොග වැඩි කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසුවේය.

වී අලෙවි මණ්ඩලයේ අම්පාර ගබඩාවේ කිරී සම්බා ප්‍රභේදයේ වී තොග සීමිත ප්‍රමාණයක් තිබෙන බවත් ඒ හේතුවෙන් සහල් ආනයනය ඉතා ඉක්මණින් නතර කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය කිරීමත් සමග කිරී සම්බා සහල් මිල ඉහළ ගිය බවත් කෘෂි කර්ම අමාත්‍යංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (4)

සහල් හිඟයට රජයෙන් දීර්ඝ කාලීන විසැඳුමක්

Perera Monday, 04 November 2024 06:21 AM

වැඩිපුරම වගා කරන්නේ කීරි සම්බා නම් ඒවායින් නාඩු අස්වැන්නක් ගන්න බැහැ .ඔඅ ප්‍රශ්නේ විසඳුවොත් හාල් ප්‍රශ්නේ ඉවරයි .බොහොම සතුටුයි

:       0       47

Lalla Monday, 04 November 2024 08:04 AM

රජය වෙලඳාම අතට ගන්න ඕන නෑ නේද?

:       6       41

prabash Monday, 04 November 2024 11:38 AM

රජය වෙළඳාම අතට ගන්න ඕනේ. හැබැයි නිලධාරීන්ට දූෂණය කරන්න නොදී. පහුගිය රජයට එය කළ නොහැකි වුණා.

:       0       0

PJ Monday, 04 November 2024 02:17 PM

ඉස්සරහ කියලා හිතාගෙන යන්නේ ආපස්සට නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site