( තිලකරත්න දිසානායක)
සහල් මිල ගණන් දරාගත නොහැකි මට්ටමක ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
මේ වනවිට සාමාන්‍ය වෙළඳපොලේ සහල් කිලෝවක අවම මිල රුපියල් 200 - 240 ඉක්මවා ගොස් ඇතැයි ද ඔවුහු කියති.
සහන මිලකට සතොස වෙළඳසල් මගින් සහල් අලෙවි කෙරෙන බව වෙළඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළද ආනයනික සහල් ඉල්ලුමට සරිලන ලෙසින් නොමැති බව සතොස වෙළඳසල් කිහිපයකින් කළ විමසීමේදී දැනගන්නට ලැබිණි.
දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි සතොස වෙළඳසල්වල සහල් , වියළි මිරිස් ඇතුලු භාණ්ඩවල හිොඟයක් පවතින ආකාරයක් දක්නට ඇති අතර අද ගම්පහ සමූපකාර වෙළඳසල්වල දේශීය නාඩු සහල් කිලෝවක් රුපියල් 200 ක මිලකට අලෙවි කෙරුනු ආකාරයක් දක්නට ලැබිණි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සහල් ආනයනය කොට හෝ පාලන මිලක් නියම කරමින් මිල ගණන් අඩු කිරීමට රජය කටයුතු කළ යුතු බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය සහල් නිෂ්පාදනය මිලදීගෙන ඒවා සඟවා රටතුළ අර්බුදයක් නිර්මාණය කරමින් සතුටුවන ව්‍යාපාරිකයින් ඒ කරගන්නා අකුසල් සංස්කාර කවදා හෝ ගෙවා දැමිය යුත්තේ තමතමන් විසින්මයි. සැළිය රත්වන තුරු කකුළුවා එහි දිය කෙළියි.
ටිකක් මිල වැඩියි තමයි.. ඒ වුණාට ඕවායේ වස විස නැහැනේ, තනිකර කාබනික සහල්, ඒක නිසා වකුගඩු ගැන කරදර වෙන්න එපා. මං කියනවාට නෙවෙයි.., පාදෙනිය මහත්මයාගෙන් අහලා බලන්න...!