සහල් මිල පිළිබඳව එකිනෙකා විවේචනය කරමින් සිටීම නවතා සහල් මිල ඉහළ යාම නැවැත්වීමට ගත හැකි හොඳම පියවරක් ගන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක් කරයි.
සහල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා පාරිභෝගිකයා සහල් මිලදී ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.තවද මෙම තත්ත්වය මුල් කරගෙන බොරදියේ මාළු බෑමටද සූදානමින් තවත් පාර්ශවද මග බලා සිටින බව එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ලංකාදිපයට පැවැසීය.
සහල් හිගයට පිළියමක් ලෙස සහල් ආනයනය කිරීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නද තවම මෙරටට සහල් ආනයනය කර නැති බව ඔහු කීවේය.
සහල් මිල වැඩිවීමට ඉඩ දී මහ පරිමාණයෙන් ලාභ ලැබීමට පිරිසක් සූදානමින් සිටීම මෙයට හේතුව බවත් ඔහු සඳහන් කළේය. එම ජාවාරමට ඉඩ නොදී මෙම අර්බුදයට ඉක්මනින් මැදිහත් වෙන ලෙසත් පාරිභෝගිකයාට සහනයක් ලබා දිමට කටයුතු කරන ලෙසත් රජයෙන් ඉල්ලන බව විතානගේ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා මහත්තයා හරි. මේ ඔක්කොම මේ එකට එකතුවෙලා ඉන්නේ අපට ආදරේට නෙමෙයි. තනියම ආණ්ඩුවක් කරන්න බැරි හින්දා. දේශපාලකයෝ දෙපැත්තට වෙලා වාද බයිලා කියනවා. අපි පාන් කෑලි උලාකකා ලෝකේ ලොකුම නත්තල් ගහ යටට වෙලා ඒවා අහගෙන ඉන්නවා. ආඩම්බර නැද්ද මම අහන්නේ? (නි)
මහා ජනතාව ගැන බලන්න ඉස්සෙල්ල පවුලේ ව්‍යාපාරය ගැන බලන්න එපාද ? හංගල තිබෙන තොග ටික විකුණලා ඉවර වුනහම රටින් ගෙන්වමු , එතකම් රුපියල් 100 ට හාල් කමු (අ)