අකුරැස්ස ගොඩපිටිය පෝරුතොට හවුපේ මුස්ලිම් නිවසක හටගත් ගින්න මැදිවී සිටි මාස හයක කුඩා දරුවකු සහ තවත් ළමයින් දෙදෙනකු බේරා ගැනීමට අසල්වැසි සිංහලයෝ සමත් වූහ.
දරුවන්ගේ අම්මා සහ අත්තම්මා නිල්වලා ගඟට රෙදි සේදීමට ගිය අවස්ථාවේදී ගින්න හටගෙන ඇත. දරුවන්ට කිරි හැදීම සඳහා ලිප පත්තු කර ඇතැයි ද එයින් මුළු නිවසම විනාශයට පත් වී ඇතැයිද කියති. මෙම ගින්න නිවීමට සිංහල පිරිස දැඩි වෙහෙසක් ගෙන ඇත. දැඩි රස්නය නිසා කිසිවකුටත් අසලට යෑමෙට හැකි වූයේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගෝ මුදලට නිර්මල බුදුදහම විනාස කරන ඉස්ලාම් ආගම විනාස කරන, ජාතිය, රට විනාස කරන ආගමික ත්‍රස්තයන් හා චන්දයක් ලග උනාම ජාතීවාදය හා ආගම් වාදය උසිගන්නලා චන්ද මල්ල වැඩිකරගන්න හදන වත්මන් දෙසපාලුවන් මේවා බලලාවත් කරන සහගහන අපරාධ නවත්තන්න (දී)
ඇත්තටම හොඳ වැඩක් (දී).
සිංහල මුස්ලිම් ලේබල් ගලවාගෙන අපි සැම එකට සිටිමු. (නි)
ජාති වාදය අවුස්සන ලොකු පොඩි කටත් උතුම් ආදර්ශයක්,(දී).
කොච්චර හොඳ ආදර්ශයක්ද? (නි)
ආදර්ශමත් වැඩක් (දී).
අතීතයේ ඉදන් ඔන්න ඔය සහජීවනයෙන් තමයි මිනිස්සු ජිවත් උනේ (දී)
මේකට තමයි කියන්නේ නියම සිංහලකම කියල. ජාතිවාදය කියන බලුගතිය නියම සිංහලයෝ ලඟ නැහැ. (ස)
මගේ උත්තමාචාරය. (අ)
ඔවු කපිල, ගින්දර බලන්න ගිහිපු අය නම් පළාත හොදයි කියල තේරුනොත් ආපහු නම් එන එකක් නැහැ.(අ)
පව් දුප්පත් අසරණ කමේ අගාදයේ හිටිය මිනිසුන් වගේ. දැන් ඇදිවත පමණයි ඉතිරි ..ජාති බේද නැතිව හැමෝම උදව් කරලා ඉන්න හිටින්න තැනක් හදල දෙන්න, එය හැමට ආදර්ශයක් වේවි ..!දරු පැට උන්ගේ දිවි බේරුව හැමට පින් ..!! (අ)
අපේ සිංහල අය ඕනෑම තැනකදී ඕනෑම කෙනෙකුට පිහිට වෙනවා. නමුත් අසාදාරනේට නම් හිස නවන්නේ නැහැ බෙල්ල ගියත්. මේ කරපු දෙය අපේ ජාතියේම උපහාරයක් වෙන්න ඕනා. අපේ සමගිය මේවගෙන් පේනවනේ. මේකට පස්සේ පිල්ලේ නෝනා මොනවා කියාවිද දන්නේ නැහැ (නදී)
අනුපාතික ඡන්ද ක්‍රමය නිසා සිංහලයෝ සහ මුස්ලිම් වරු දෙපසට බෙදී ගියා. මේ සත්‍යා තේරුම් ගන්න (නදී)
මේක අල් ජසීරාවේ ලංකාවේ එක්කෙනා දැක්කේ නැහැ නේද? නැතිනම් හෙට දමයි සිංහල මිනිස්සු කරපු වැඩක් කියලා. විමසිල්ලෙන් ඉන්න (නදී)
ඔව් දැන් මේ කළ උපකාරය නිසා ප්‍රශ්නය ඉවර වුනා එහෙනම්? (නදී)
සිංහල සහෝදරයන්ට මාගේ හදවතින්ම ස්තුති කරමි. ගොඩක් පින් ඔයාලට. (නදී)
දැන් පේනවා නේද විපතේදී කව්රුත් ඕනෑ වෙන බව? (නි)
මිනිසාගේ පරම යූතූකම මිනිසාට සේවය කිරීමයි. මනුස්ස ජාතිය කල යූතූ යූතූකමයි කර තිබෙන්නේ. (නදී)
මෙයයි සැබවින්ම වියයුත්තේ (නි)
විපතකදී සැණෙකින් දුවගෙන එන සිංහලයන් විශේෂයෙන් ගැමියන් කොළඹ නුවර මාර්ගය දෙපස මම බොහෝවිට දැක තිබෙනවා. ඒ අයගේ එකම අභිලාෂය ජීවිත ගැළවීම පමණයි (නි)
හොඳ වැඩක් (නදී)
සිංහලයෝ කියන්නේ උතුම් ජාතියක් (නදී)
සිංහල , දෙමල මුස්ලිම් ජාතීන් අතර මේ රටේ කිසිම බේදයක් නෑ. ඔය සේරම බේද ඇති කරන්නේ දේශපාලකයෝ උන්ගේ බඩ වඩා ගන්න. කිසිම හිරිකිතයක් නැතුව ජාතිවාදී ප්‍රශ්න ඇතිකරනවා. දැන් පෙන්නේ නැද්ද එල්.ටී.ටී එක ඉවර වෙලා ලේ වැගිරීම් නැතුව තියෙන එක කට්ටියකට හරිම අමාරුවක් තියෙනවා. ජාත්‍යන්තරේ පවා හවුල් කරගන නැවත මිනීමරාගන්න තත්වයක් ඇති කරවන්න හදන්නේ. (නදී)
මිනිසුන්ව බිල්ලට දීලා හරි බඩ වඩාගන්න දේශපාලුවන්ට ඇරෙන්න පොළවේ පයගහලා ඉන්න සියලුම සිංහල දෙමල මුස්ලිම් මිනිසුන්ට ඕනෑ කාලා බීල සතුටෙන් සමගියෙන් ඉන්න මිසක් කිසිම ආගමකට ජාතියකට පහර ගහන්න නෙමෙයි. මේ වගේ සහයෝගයෙන් ඉන්නවා නම් කොච්චර ලස්සනද? (නි)
සැමට දෙවි රැකවරණයි! (නි)
උතුම් ක්‍රියාවක්. (නි)
අපි ඔක්කොම මිනිස්සු. අපි සිංහල ළමයි, මුස්ලිම් ළමයි පිච්චෙද්දී බේරා ගත්තා. ඒ සේරම මිනිස්සු නිසා (නදී)
සිංහලද මුස්ලිම්ද කියන එක වැදගත් නැහැ. මිනිසුන් වශයෙන් අප අනුන්ගේ විපතේදී උදව් කරනවා විනා විපතට පත් අයගේ ආගම, ජාතිය, කුලය ගැන සෙවීම නොකළ යුතුයි. (නි)
කළ උදවුවට අනේක වාරයක් පිං. ගින්න ඇතිවුණේ කොහොමද කියන එකත් බැලිය යුතුයි. (නි)
ලොව වෙසෙන එකම ජාතිය මනුෂ්‍ය ජාතියයි (නි)
සාමාන්‍ය මිනිසුන්ට ලෝකයම ගිලගන්න හදන සංවිධාන ලංකාවේ ක්‍රියාත්මක බව පෙනෙන්නේ නැත. නමුත් ඒ ගැන උනන්දුවෙන් විමසිල්ලෙන් සිටින අයට වලට මේවා හොඳට පෙනෙනවා. අන්න එනිසයි අපේ සංවිධාන කෑගහන්නේ. මදුරුවා කනකොට වටපිට අයට දැනෙන්නේ නැත. නමුත් මදුරුවාට ගහනකොට සියල්ලෝම කියනවා බණ අහන ගමන් මදුරුවට ගැහුවයි කියලා. (නි)
මුලිම කියන්න ඕනෑ මේක තමයි මනුෂ්‍යත්වය නමැති පොදු ධර්මතාවය. ඕක තමයි හැමතැනම ප්‍රකට වෙන්න ඕනෑ කාරණය. අවසාන විග්‍රහයේදී අපි ඔක්කොම එකම දුක බෙදාගන්න ඉන්න මනුෂ්‍ය සත්වයින්. එහෙත් අශෝක් කියන්න වගේ අපි හරි ප්‍රවේශම් වෙන්න ඕනෑ අවස්ථාවාදීන්, ප්‍රශ්නවලට ගිනි තියන මිනිසුන් පිළිබඳව (නි)
ළමයින් තනිවම දාලා යන්න හොඳද? කොච්චර ළමයි මෙතන ඉන්නවද? (නි)
එක රටක ජීවත්වන අපි කාටත් උදව් කළ යුතුයි.අසරණ අවස්ථාවකදී උදවු කිරීම විශාල පිනක්.සිංහල දමිල මුස්ලිම් කව්රුත් මිනිසුන් නේද? (නි)
ලොකු දෙයක් මේ දරුවන්ගේ ජිවිත බේරා ගැනීම.එත් මේ පොටෝ ජාත්‍යන්තරය හමුවේ වැරදි ප්‍රචාරයන්ට යොදා ගනීවි දෝ කියා බයකුත් දැනෙනවා.(දී)
සිංහල මුස්ලිම් සමගිය තවම තියෙනවා ලංකාවේ කවුරු නැහැ කියුවත් (දී)
දරුවාව බේරගත් සියලුම දෙනාට තෙරුවන් සරණයි.(දී)
මේක තමයි සිංහල බෞද්ධයාගේ ගතිය.එය බුදුදහම,සිංහල සංස්කෘතිය තුළින් ඇතිවූ පෝෂණයේ ප්‍රතිඵලයි (නි)
බොහොම හොද වැඩක්! බෞද්ධයෝ විපතක් උනාම දිවිපරදුවට තියල හරි උදව් කරනවා!(දී)
ඔබ සැමටම ස්තුති (දී)
මෙන්න ලෝකෙටම ආදර්ශයක් ! මෙන්න එකමුතුකම. මේක නැති වුණ හින්දා අපි අවුරුදු 30 ක් අපා දුක් වින්දා මතකයි නේද? (නි)
බොහොම හොද වැඩක්! බෞද්ධයින් විපතක් වුණහම දිවිපරදුවට තියලා හරි උදව් කරනවා (නි)
අපි එක රටේ එකට හැදෙන මිනිස්සු. ආගම මොකක් වුණත් අපි ජීවත් වෙන්නේ එකට. (නි)
හැමදෙනාම එක මවකගේ දරුවෝ (දී).
අසරණ මිනිසුන්,ජාති ආගම බේධ නොතකා මිනිසුන්ට උදව් කිරීම දේව ගතියක්,එයයි නියම මිනිස් කම, (දී)
මේවා මතක තියෙන්නේ ටික දවසයි. (නදී)
මුස්ලිම් ජනතාවනි ඔන්න බලාගන්න සිංහල මිනිස්සු කොච්චර හොඳද කියල. (දී)
සාමාන්‍ය මින්සුන් අතර කිසිම බේදයක් නැහැ. දේශපාලනයට තමයි බෙදීම අවශ්‍ය (නදී)
හකීම්, සාලි, වාසු, තෙමරප්පෙරුම, මහත්වරු අන්තිමට කියයි ද දන්නෙ නැහැ ගිනි තිව්වෙ සිංහළයො කියල (දී)
දැන් මුස්ලිම් ගෙවල් කඩ ගිනි ගන්න එක වැඩි වෙලා නේද? ගිනි තිබ්බද? ගිනි තියාගත්තද? අන්තිමේදී වාසි වෙන්නේ අන්තවාදීන්ට (නදී)
මේ ගැහැනු අය සිංහල වගේ (නදී)
එ්කනේ අපේ සිංහල කම (නදී)
පොදුවේ සලකන විට බහුතර සිංහල ජනයා බොහොම කරුණාවන්තයි. ඒ වගේම දයාබරයි. කුඞා කාලයේ සිටම සිංහල බෞද්ධයන් ඉතා ළඟීන් ආශ්‍රය කරපු කෙනකු හැටියට මා ඔවුන් ගැන ඉතා හොඳින් දන්නවා. හදිසියකදී ආපදාවකදී ඉදිරියට පැන පිහිට වන උතුම් මිනිසුන්. (නදී)
හේරත්, ඔයා හරියටම හරි. අපේ ලස්සන රට කන්නේ දේශපාලුවන් තමයි.නැත්නම් හැමෝටම හොඳට ඉන්න පුළුවන් රටක්. (නි)
සාමකාමී රටක් සදහා - පුවත් පත් කලාවේ නිහඩ හඬ මෙයයි. ලංකාදීපයේ මේ චායාරූප ශිල්පියාට උපහාරවෙවා (දී)
සියල්ලටම වැඩිය වටින්නේ උතුම් මිනිස්කමයි (නි)
සිංහල මිනිස්සු දිවි බේරගන්න දිවි දෙන්න උනත් සුදානම්. අනික් පැත්තටත් එහෙම තමයි. (දී)
නියම සිංහලකම මේක තමයි. බොහොම ස්තුතියි සහෝදරවරුනේ...... (නි)
අර පොඩි දරුවා දකිනකොට ජාතිවාදයක් හිතන්න පුළුවන්ද? ඔබ සැමට අපේ උත්තමාචාරය! ඔබට දීර්ඝායු! (නි)
සිංහල බෞද්ධයො විපතකදි පිහිට වෙන්න ජාති,ආගම් බේද බැලුවෙ නැහැ. (නි)
බොහොම හොඳ වැඩක් (නි)
සාමාන්‍ය මිනිසුන් තුල ජාති බේදයක් ආගම් බේදයක් නැහැ. අවස්ථාවාදීන් පිරිසක් තමයි ජාතිවාදී, ආගම්වාදී ගැටුම් පිටුපස සිටින්නෙ. අපි කවුරුත් මිනිස්සු. ඒක තමයි ඔය පැහැදිලි කරල තියෙන්නෙ. (අ)
දරුවන් බේරගත්ත අයට ගොඩාක් පින්....මිනිසත් කම උතුම්ය හැමවිටකම (අ)
ඔබට අපේ උත්තමාචාරය , ඔබේ මනුස්සකම අගයමු .(අ)
ඇයි ඒ වගේ සමගියෙන් ඉන්න බැරි. (අ)
දුප්පත් පවුලක් ,අපි හැමෝම උදව්කළ යුතුයි .උදව්කල හැමෝටම දෙවිපිහිටයි.(අ)
අකුරස්සටත් මේ ගොල්ලෝ ගිහිල්ලද (අ)
ජාතීන් අතර බේද ඇති වුණේ මේ පක්ෂ දේශපාලනය නිසා කියලයි මට හිතෙන්නේ. විශේෂයෙන්ම ජාතිය මුල්කරගෙන ජාතියේ නම ඉදිරියට දමාගෙන ගොඩනැඟුණු දේශපාලන පක්ෂ තම ජාතිය තුළ අනෙකුත් ජාතීන් කෙරෙහි වෛරය පතුරුවා තම ඡන්ද ගොඩ හදාගත්තා. ගිනිගත් නිවාස බේරගැනීමේ මානුෂික ක්‍රියාව අර වගේ කූට දේශපාලකයින්ට හොඳ පාඩමක්. දරුවන් බේරාගන්න උදවු උපකාර කළ සැමට පින්. (නි)
ජීවිත රැසක් බේරාදුන් හෙළ සොයුරන්ට අපගේ ස්තුතිය පුද කරන්නෙමු, ඔබ සැමදෙනා ජාතියේ මුර දේවතාවන්ට සමානය, (අ)
මගේ සිංහල සහොයුරන්ට මේ කරපු උපකාරයට මගේ ප්‍රණාමය . (අ)
මේ ඔක්කොම ලංකාවේ අපේ මිනිස්සු සිංහල මුස්ලිම් දමිල කියල බෙදිලා වැඩක් නැහැ (නදී)
පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න වෙය් මොකද මේ අහිංසකයන්ව පෙන්නලා ලෝකයට නැවත සිංහලයන් ගැන වැරදි ප්‍රචාර දෙන්න පුළුවන්.(අ)
නියම සිංහල මිනිස්සු බලාගන්ඩ ඕනේ නම් දෙවෙනි පින්තුරේ බලන්ඩ. (අ)
මේ පින සිංහල ඡාතියේ චිරාත් කාලයක් පැවතීම පිනිසම හේතු වේවා. ඒ පින ඒ ඡාතියටම අනුමෝදන් වේවා. ඇස් ලේ දන් දෙන ඡාතිය බොහෝ කල් දුකින් තොරව ඡීවත් වේවා. දෙවියෝද මේ පින අනුමෝදන් වේවා. (අ)
සිංහල මිනිසුන් කොහොමත් සංවේදී ජාතියක්. ඕනෑම කෙනෙකුට ජාතියක් ආගමක් බලන්නේ නැහැ, තමන්ට හැකි උපරිමයෙන් පිහිට වෙනවා. හොදම උදාහරණයක් තමා දන්සල් දීම. (නි)
දැන් මේකත් දායිද දන්නේ නෑ "බී බී සී" එකේ මුස්ලිම් වලට විරුද්ධව කරපු විනාසයක් කියල. (අ)
ඒ උනාට මුස්ලිම් අය මේකට ස්තුතියක් කරන්න වත් නිහතමානී වෙයිද දන්නේ නැහැ. මොකද ඒගොල්ල නිතරම දකින්නේ සිංහලයාගේ වැරදි පැත්ත විතර නේ.කොයි දරුවත් අපට නම් දරුවෝ මයි. (ස)
ඉතාම හොඳ ක්‍රියාවක්. මේ ඉන්න සියලු දෙනාම ශ්‍රීලාංකිකයෝ. ජාති බේද ආගම් බේද වලින් තොරව සමගියෙන් ඉන්න හැමෝම වග බලා ගන්න ඕනේ. (ස)
අසල්වැසියෝ වුණහම ඉන්න ඕනෑ මෙහෙම තමයි (නි)
ළමයින් බේරපු අැත්තන්ට ගොඩක් පිං. (ස)
ඔබ සැමට ස්තූතියි! (නි)
කෝ ඔය මහලොකු මුස්ලිම් දේශපාලකයෝ.(අ)
සැමට අපගේ උත්තමාචාරය! (නි)
කවුරු උනත් මිනිස්සු අපි හිතන්න ඕනි මිනිස්සු විදියට. මුස්ලිම් සිංහල කියල නොබලා ඔක්කොමල මිනිස්සු කියල එකීනෙකට උදව් කරගත්තනම් කොච්චර අගේද,,,,මේක ජදිබෙදෙන් දකින එපා ..... අපේ ලංකාවේ මිනිසුන්ගේ වීර කමක් කියමු (අ)
මටත් යමක් කියන්න හිතුනා. මේ වගේ හැමදාම, හැමතැනම, හැම මොහොතකම සමගියෙන් ඉදිමු. ජාතිය මොකක් උනත් අපි '' ශ්‍රී ලාංකිකයන්'' බව ලෝකෙටම පෙන්වමු. වීර ලෙසින් පොඩි දරුවන් බේරා ගත් සැමට මගේ නමස්කාරය. (නදී)
ජාති බේද අවශ්‍ය නැහැ කාගේ උනත් ජිවිතයක් බේරා ගැනීම ගැන ගොඩක් සතුටුයි. (අ)
මේ හැම බෙදිමක්ම අපි අපි විසින්ම හදාගත් ඒවායි. මනුස්සකම තමයි සියල්ලටම වැඩිය වටින්නේ (නි)