අද සිංහල පුවත්පත්වල තියෙන්නේ කුණු ජරාව. මම නම් ඒ පුවත්පත් බලන්නේම නෑ. මොකද ඒ පුවත්පත් බැලීමෙන් හිත කිළිටි වෙනවා. ඒ නිසා අද තියෙන සිංහල පුවත්පත් දරුවනට බලන්න දෙන්න එපා යැයි මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉංගිරිසි පත්තර කියවන්න. ඒවායින් විශාල සේවයක් වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපකුලපති එන්.එල්.ඒ. කරුණාරත්න මහතා එසේ පැවැසුයේ වලල්ලාවිට ගුලවිට ගලපිටගල විහාරයෙ උත්සවයක දීය. පසුගිය කාලේ වෙච්ච වැරදි ගොඩකට මේ පත්තර වගකිව යුතුයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙයාව උත්සව වල අරධිතයෙක් විදිහට ගෙන්නන මෝඩයොත් ඉන්නවනේ මේ රටේ ? ජපුර විශ්වවිද්‍යාලයේ විනාශ කාරයා
කුලපති දේශද්‍රෝහී ද
පව් අනේ කුලපති...
මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම 2 දී බලාපොරොත්තු වෙමු
උඩ පහල පෙරලන්න
හරියටම හරි , මගේ කනට මී පැණි දැම්ම වගේ...
ඔවු ඉතිං, සිංහල පත්තර වල අසභ්‍ය පින්තූර එහෙමත් අඩුයිනේ.
මේ කතාවේ යම් ඇත්තක් තියෙනවා. සිංහල පත්තරවල් වැඩිපුර තියෙන්නේ මිනීමැරීම්, ස්ත්‍රී දුෂණ, හොරකම් වැනි දේවල්. නමුත් ඊට හාත්පසින්ම වෙනස් ඉංග්‍රීසි පත්තර. යමෙක් හිතනවානම් ඇයි එකේ ඇති වැරැද්ද කියල; ඒ වගේ පුවත් වලින් වෙන්නේ සමාජය දුෂණයවීම...එය අපරාධ වැඩිවෙන්න එක් හේතුවක්.
අපි ඉංග්‍රීසියෙන්ම වැඩ කරමු.හොදයි, උපකුලපතිතුමනි, මෙය බලධාරීන් හට දැන්නුවාද?
තව ටික දවසකින් මෙයා කියයි..සිංහල සංස්කෘතිය හරියන්නේ නැ. ඇමරිකන් සංස්කෘතිය දරුවන්ට උගන්වන්න ඕනි කියලා
එකම ප්‍රකාශන ආයතනයක පළ කරනු ලබන සිංහල, දමිළ හා ඉංග්‍රීසි පුවත්පත් තුනක් ගෙන බලන්න. එහි කුණු රසය 95% ක් සිංහල පුවත් පතේද 30 % කුණ රසය දමිළ පුවත්පතේද .001% කුණු රසය ඉංග්‍රීසි පුවත්පතේද අඩංගුය.මේ අනුව කුණු රසය අඩුවෙන්ම අඩංගු වනුයේ ඉංග්‍රීසි පුවත්පත්වල බව උප කුලපතිතුමා පවසන කතාව 100% සත්‍යයකි. මන්ද ඉංග්‍රීසි පුවත්පතක ජාත්‍යන්තරව බොහෝ වැදගත් තොරතුරු හා ශාස්ත්‍රීය කරුණු විශාල ප්‍රමාණයක් අන්තර්ගතය. එකම ප්‍රකාශන ආයතනයකින් පළ කරනු ලබන එකම ප්‍රවෘත්තියේ වුවද සිංහල හා ඉංග්‍රීසි පුවත්පතේ දෙකක පළවන විශ්ලේෂණ දෘෂ්ටිකෝණ දෙවිදිහකි. ඉංග්‍රීසි පුවත්පත් කිසියම් ප්‍රමිතියක පිහිටා සිය පුවත් ඉදිරිපත් කරන අතර සිංහල පුවත්පත් ගැන නම් මට ඇත්තේ උපකුලපතිතුමා පැවසූ වචන වලටත් වඩා කර්කශක විවේචනයකි. සිංහල සමාජය කොතරම් මෝඩයින් ලෙස සිංහල පුවත්පත් සිතාගෙන සිටීදැයි මෙයින් එක්තරා නිගමනයකට පවා පැමිණිය හැකිය.සෑම පුවතක්ම පාහේ ඉතාම ජරා ජීර්ණ ලෙස දේශපාලින විශ්ලේෂණ මඟින් අදාළ පුවතේ සත්‍යතාව විකෘතිවන අයුරින් මෝඩ විශ්ලේෂණ ගෙනහැර පාමින් තමන් කඩේ යන දේශපාලන පක්ෂය පුම්බා ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ කඩා ඉහිරවීමේ කුණු කොන්ත්‍රාත්කාරුවන්ගේ මෝඩ පුරාජේරුවලින් සිංහල පුවත්පත් පිරී ඉතිරී ඇත.මමද කාලයක් සිංහල පුවත්පත්වලට නොමිලයේ ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි සම්පාදනය කලෙමි.අවසානයේදී මට ඉතිරිවුයේ කළකිරීමක් පමණි. මන්ද අදාළ ශාස්ත්‍රීය අතිරේක විශාල ලෙස අලෙවි වෙමින් පවතින බව එම ශාස්ත්‍රීය අතිරේක සම්පාදනය කළ සංස්කාරකවරු පුන පුන පවසද්දී දේශපාලන ගැතිබව මත ලාභ ලබන එබඳු ශාස්ත්‍රීය අතිරේක හදිසි හස්ත මඟින් නවත්වා දමන ලද්දේ කිසිවෙකු සිහිනයකින් වත් එබඳු දෙයක් වෙතැයි නොසිතූ අවස්ථාවකදීය.අදාළ පුවත්පත් සංස්කාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහෘද හිතවතා වෙනත් පුවත්පත් ආයතනයක සේවයට එක්වීමට තීරණය කිරීම දක්වාම එබඳු මෝඩ දේශපාලනික හස්තයන් යටි පසුබිමේ ක්‍රියාත්මක විය.තව බොහෝ දේ මේ සම්බන්ධව පැවසිය හැකි වුවද සෙසු අයටත් අදහස් දැක්විය යුතු නිසා මෙතකින් නිහඬ වෙමි.කෙසේ වුවද උපකුලපතිවරයා දැක්වූ අදහස් මමද එකහෙලාම අනුමත කරමි.තෙරුවන් සරණයි !!!
මම නම් කවදාවත්ම සිංහල පුවත්පත් බලන්නේ නැහැ. මම අපේ ගෙදරට ගන්න එකම සිංහල පුවත්පත ලංකාදීපය පමණයි.මොකද ලංකාදීප පත්තරේ බලන්න වැදගත් දේවල් හරියට තියෙනවා.ඒ වගේම හරිම අපක්ෂපාතීයි මධ්‍යස්ථයි. ඒ හැරුනාම මම විශාල වශයෙන් ඉංග්‍රීසි පුවත්පත් තමයි කියවන්නේ. ඉංග්‍රීසි පුවත්පත්වල අපක්ෂපාතී සමබර පුවත් නිතරම පල වෙනවා.අනික ලෝකයේ විවිධ වැදගත් පුවත් ඉංග්‍රීසි පුවත්පත් තුළින් අපට දැන ගන්න පුළුවනි.
මේ ප්‍රකාශය විවේචනයට බදුන් විය යුතු දෙයක් නොවේ. එතුමාගේ ප්‍රකාශය සත්‍යයි. ඉරිදා පුවත් පතක් බලන්න , එය ප්‍රචාරණය කරන්නේ කොහොමද බලන්න. ඉතාමත් සජීවී ලෙස ප්‍රවෘත්ති වාර්තා කරනවා. ඒ සෑම දෙයම සියුම් ලෙස පුද්ගල මනසේ තැන්පත්වන අතර, කාලයත් සමග එය සාමාන්‍යකරනීය වේ. නමුදු දියුණු මාධ්‍ය කලාව තුල මෙම ප්‍රවෘත්ති අඩු ප්‍රමුඛතාවයකින්, විවේචනාත්මක ඇසින් ඇතුළු පිටුවෙත යා යුතුය. සමාජය නිවැරදි දැක්මක් වටා පෙළගැස්විය හැකි පොහොසත් තොරතුරු අප රටෙහි කොතෙකුත් ඇත.
සිංහල පුවත්පත්වල පළ වන තරමක් පළ වෙන්නේ රජයට පක්ෂපාතී පුවත්මයි. ඒ නිසා අපට හරි තොරතුරක් දැන ගන්න නම් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි පත්තරේ බලන්නම වෙනවා. ඒත් සියළුම සිංහල පුවත්පත් එහෙම නැහැ. නිදසුනක් විදිහට ලංකාදීප පුවත්පත ඉතාම සමබරව පුවත් වාර්තා කරන සිංහල පුවත්පතක් විදිහට මට හඳුන්වා දෙන්න පුළුවනි.
සිංහල පත්තර ඇත්ත කියන්න බයයි.ඉන් පාඨකයාට වෙන්නේ ලොකු අසාධාරණයක්.
ඇත්ත කතාව. බලන්න ලංකාදීපෙ විතරයි නෙ ඒකත් දැම්මෙ..... අනිත් පත්තර ගැන කවර කතාද
දැන් සිංහල පුවත්පත් වල ලියන්නේ මෝඩ විදිහටනේ.ඒකයි මේ.
පිස්සු......
අපකුලපතිතුමෝ අපිට ඉංග්‍රීසි බැහැනෙ.. අපේ ගෙදරට ඇවිත් කට්ටියටම ඇහෙන්න පත්තරේ කියවන්න පුළුවංද?
ප්‍රශ්නේ ජපුර ලොක්කට ඉංග්‍රීසි බැරි එකනේ....පෙරලිච්ච නැව් එහෙමත් පෙනෙයි
භාෂාව මොකක් උනත්... තියෙන්නෙ එකම ප්‍රවෘත්තිනම් ඒක හරියට හිසේ කැක්කුමට කොට්ටෙ මාරුකලා වගේ වැඩක්... මගේ අදහස හැටියටනම්... දැන් සිදුවන අපරාද රැල්ලට සම්පූර්ණයෙන් මුද්‍රිත, විද්‍යුත් හැම මාධ්‍යක්ම වගකිව යුතුයි..
සිසුවියන්ගෙ කන්‍යාභාවය පරික්ෂා කලේ මෙතුමාද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.තරහා ගන්න කාරි නෑ.
ඇත්තටම අද සිදුවන සිදුවීම් දෙස බලද්දි අපේ රට ගැන ඇති වන්නෙ විශාල කලකිරීමක්. රටක සිදුවන අයහපත් දේ වාර්තා කරද්දි ඵ් පත්තර බලන්ඩ එපා කියන එක හරිද ?
සහතික ඇත්ත.ඒතුමගේ කටේ මසුරන් දාන්න වටිකවා.
හොර ආචාර්යවරුන්ට වඩා කුලපතිතුමා කියන කතාවේ ඇත්තක් තියෙනවා ඒකෙන් ළමයිගේ දැනුමත් වර්ධනය වෙනවා
ගොඩක් නෙවෙයි. හොදටම ඇත්ත.. පත්තරකාරයන්ගෙ ඉහ මොළ රත් වෙන්නත් එක්ක ලොකු මිනිහෙක් කිවුව එකම හොදයි. තියෙන්නෙම ජරාව. මනස කළකිරවන දේවල්. පත්තරකාරයො විතරක් නෙවෙයි, සියලුම රූපවාහිනී චැනලුත් ලංකාවෙ මිනිස්සු වර්ජනය කරන්න ඕනෙ. දාන්නෙම මනස කිලුටු වන දේවල්. විශේෂයෙන්ම ටෙලි නාට්‍ය.
පත්තර කෙසේවෙතත් සිංහල ගුවන්විදුලි ටිකනම් හරිම අසංවරයි.. කවලම්වෙච්ච භාෂාවකින් කතා කරන නිවේදක නිවේදිකාවො ඉන්නෙ...
උපකුලපති තුමාගේ මොලේ තමයි මොලේ . මම වෙන කිසිවක් කියන්න යන්නේ නැ.
කතාව සම්පූර්ණ ඇත්ත.
මම බලාගෙන හිටියේ මේ පිළිබඳ ඇති අදහස් ගැනයි. කොහොම උනත් උප කුලපතිතුමා කට වරද්ද ගෙන පාටයි සර්.. අද ලෝකයම අතැඹුලක් වගේ ඇති මාධ්‍ය නැත්නම් මුකුත් නෑ. පිටිසර ගමකට ගිහින් ඔය කතාව කිව්ව නිසා එච්චර ගනන් ගත්තේ නෑ නේද ? ඒත් ඔබතුමා එය කතාව කරන කොට මමත් එතන හිටියේ. ගෙදර ගිහින් බලන කොට ලෝකයටම ප්‍රවෘත්තිය ගිහින් ..ලංකාදිපයේ වේගවත් පුවත් කලාවට ස්තූතියි
සිංහල පත්තර කියවන එක නවත්වනවාට වඩා නවත්වනවානම් නවත්වන්න කොපමණ නරක දේවල් තියෙනවාද අපේ රටේ...
මම බලාගෙන හිටියේ මේ පිළිබඳ අදහස් ගැනයි කොහොම උනත් උප කුලපතිතුමා කට වරද්ද ගෙන පාටයි ස්ර්.. අද ලෝකයම අතැඹුලක් වලේ ඇති මාධ්‍ය නැත්නම් මුකුත් නෑ පිටිසර ගමකට ගිහින් ඔය කතාව කිව්ව නිසා එච්චර ගනන් ගත්තේ නෑ නේද ඒත් ඔබතුමා එය කතාව කරන කොට මමත් එතන හිටියේ ගෙදර ගිහින් බලන කොට ලෝකයටම නිවුස් එක ගිහින් ලංකාදිපයේ වේගවත් පුවත් කලාවට ස්තූතියි
ඒකනේ මම රේස් පත්තරේ කියවන්නේ
ඒකනෙ මම රේස් පත්තරේ පාඨකයෙක් උනේ..
මෙම උපකුලපතිතුමා කියන දේ තේරුම් ගන්න මොහු කියන්නේ තමන් ඉංග්‍රීසි දන්න බවවත් සිංහල සංස්කෘතිය පහත් කිරිමක්වත් නොවෙයි පත්තරවල සිංහලෙන් ලියලා තියෙන දේවල් ගැනයි
බලන්නකෝ හසන්ත
මමනම් බලන්නේ රේස් කොලේ විතරයි....
අනේ, ඇත්තටම මේ උපකුලපතිතුමා කියන කතාවේ ගත යුතු විශාල වැදගත්කමක් තිබෙනවා කියලා මට හිතෙනවා.මොකද ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට මෙවැනි දේවල් සිදුකරන ලෙස පාසැල් යන කාලේ අපේ ගුරුවරු වුනත් කියලා දීලා තියෙනවා.ඒත් අපේ අයියා නම් කියන්නේ ඉංග්‍රීසි පත්තරේ කියවන්න කාමරේ ලයිට් ඕෆ් කරන්න ඕනේ කියලයි.එයා එහෙම කියන්නේ එයාට නින්ද යන නිසයි.
අපේ ගෙවල්වලට සිංහල පත්තරේ ගන්නේ නැහැ. මට සිංහල පත්තරේ බලන්න ඕන නම් ඒකට මහජන පුස්තකාලයට යන්නම වෙනවා.මොකද අපේ තාත්තා ගේන්නේම ඉංග්‍රීසි පුවත්පත්.අපේ ගෙදර කතා කරන්නේත් ඉංග්‍රීසියෙන්.අපේ තාත්තා කියන විදිහට සිංහල පත්තර හොඳයිලු බත් ඔතන්න ගන්න.
හෙළයන් අබිමුව, හෙළ අදහස් හෙළ බසින් නොහෙළන් ඉංග්‍රිසියෙන් හෙළනු උපකුලපති එන්.එල්.ඒ. කරුණාරත්න මහතානෙණි.
ලංකාවේ සිංහල මාධ්‍ය දිහා බලන කෙනෙකුට පෙනේවි සත්‍ය කුමක්ද කියා...මම නම් හිතන්නේ සිංහල පාඨකයින්ගේ රසය අනුව හැඩගැසුනු මාධ්‍ය දිහා බලලා තමා ඔය උපකුලපතිතුමා විවේචනය කරන්න ඇත්තේ...පාඨකයින්ගේ රසයට වහල් නොවී ඔවුන් පිනවීමේ කාර්ය පසෙක තබා සැබෑ මාධ්‍ය සදාචාරයක් අනුගමනය කරමින් පාඨකයින් මිනිස්කමින් උසස් ගුණාංග වලින් පිරුණු භේද සියල්ල තුරන් කළ උසස් සමාජයක් බිහිකිරීමේ අරමුණින් කටයුතු කළ යුතුව තිබෙනවා. මාධ්‍ය යනු පිහියකට සමාන කළ හැකිය. පිහියෙන් අඹ ගෙඩියක් කැපීමට පුඵවන් වන්නා සේම මිනිහෙකුගේ ගෙලත් කැපිය හැකිය. මෙහි බුද්ධිය භාවිතා කරන අය පිළිබද ප්‍රශ්නය තමා අප ඉදිරියේ ඉතුරුව තිබෙන්නේ....සිංහල පාඨකයින් නියම තැනකට ඇදගෙන ගොස් එහි රදවා තැබීම සිංහල මාධ්‍යයේ වගකීමක්. නමුත් එය ඉටුකරන මාධ්‍ය ඉතාමත් සුළුවෙන්ද ඉටු නොකරන මාධ්‍ය බහුල වශයෙන්ද අපට දැකිය හැකිය.
මට නම් සිංහල පත්තර බලලා ඇති වෙලයි තියෙන්නේ.මොකද හැමදාම එකම ප්‍රවෘත්තිය තමයි ඒවාවල දාන්නේ.ඒත් ඉංග්‍රිසි පත්තරවල නම් එහෙම නැහැ.
මට නම් සිංහල පත්තර පේනකොටත් නයාට අඳුකොළ වගේ තමයි. හරිම නරකයි මේ සිංහල පත්තර.
ආචාර්ය පට්ටම් ගහපු අය ඔක්කොම එකයි .. රට පණ්ඩිතයෝ ...එයාලට වැඩිය කෙනෙක් නැහැ වගේ කතාව ....
එහෙම කියන්න එපා සිංහල පුවත්පත් රටේ සංවර්ධනයට මොන තරම් සේවයක් සිදු කරනවා.සිංහල පාඨකයාට සියළු සිදුවීම් නිවැරදිව සන්නිවේදනය කරවන්න සිංහල පුවත්පත් විශාල මහන්සියක් කැපවීමක් ගන්නා බව අපද දැක තිබෙනවා
ඔන්න ඉතින් අපේ රට...
තවමත් මේ රටේ අලෙවි වන සිංහල පුවත්පත් හරහා තමයි බහුතර මහ ජනතාව මේ රටේ සිදුවෙන දේවල් දැන ගන්නේ. ඒ නිසා මේ උපකුලපති තුමා කියන කතාව මට නම් පිළිගැනීමට නොහැකිය. ගුරුවරුන්ට වුවද අකුරු වරදී කියලා කියන්නේ මෙන්න මේවට තමයි ඉතින්
එලකිරි
අනේ අපේ සර්ට මොකුත් කියන්න එපා. හරිම හොඳ සර් කෙනෙක්. කවදා වත් අපිට මේ තරම් ආදරය කරපු කුලපතිතුමෙකු මේ විශ්වවිද්‍යාලයේ හිටියේ නැහැ මෙතුමා විතර මගේ මතකයේ හැටියට විශේෂයෙන්ම ශිෂ්‍යාවන්ව සිසුන්ගේ අතවරවලින් බේරාගැනීමට මෙතුමා ඉටු කළ මෙහෙය උදාරයි.මෙතුමාට සියළු දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරමි.
තිලක් නුගේගොඩ .ඉතිනේ අපිටත් බැහැ තමයි .
සිංහල, ඉංග්‍රීසි විතරක් නෙමෙයි පුළුවන්නම් දෙමළ පත්තරත් දිනපතාම කියවන්න.....
මම කියන්නේ සිංහල පුවත්පත් වගේම ඉංග්‍රීසි පුවත්පතුත් සමාජයට එක හා සමානව වැදගත් බවයි.ඒත් මේ කරුණ හේතුකොටගෙන අපේ උපකුලපති තුමාට අපහාස නොකරන මෙන් ඉතාම ගෞරවයෙන් සරසවි ශිෂ්‍යාවක ලෙස මම සමස්ත ජනතාවගෙන් පොදුවේ ඉල්ලා සිටිමි.මේ උපකුලපතිතුමා හරිම නිහතමානි උදාර ගුරුපියෙක්.අපි හැමෝම මේ උපකුලපතිතුමාට හරියට ගෞරව කරනවා..එතුමාට තෙරුවන් සරණ පතමි.
මමත් සරසවි අධ්‍යාපනය හදාරනවා.මම මේ සර්ගේ අදහස්වලට එකඟ නැහැ.ඒත් මේ වගේ අදහස් පළ කරන්න සර්ට තිබෙන අදහසට හිම නමා පිළිගන්නවා.ඒ වගේම අපි අමතක කරන්න හොඳ නැහැ.මේ උපකුලපති තුමා සරසවි සිසුන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් තනිවම ඉටුකළ උදාර පුද්ගලයෙක් කියලා.ඒ නිසා මෙහි අදහස් දක්වන විට මෙතුමාට අවමන් නොකිරීමට වගබලා ගැනීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමි.
මම හිතනවා ඉංග්‍රීසි කියන භාෂාව ජාත්‍යන්තර භාෂාවක් නිසා එය දැන සිටීම ඉතාම වැදගත්.විශේෂයෙන්ම වෛද්‍ය, ඉංජිනේරු වැනි පීඨවල ශිෂ්‍යයන්ට නම් ඉංග්‍රීසි අත්‍යවශ්‍යමයි.ඒත් ඒ අවශ්‍යතාව එකක්,යම්කිසි පුවත්පතක් නොකියව මෙන් ශිෂ්‍යයන්ට බල කිරීම තවත් එකක්.මේක මේ දෙකම පටලවා ගැනීමක් බවයි මට නම් හිතෙන්නේ.ඒත් තව එකක් කියන්න ඕනේ.මේ උපකුලපතිතුමාට පුද්ගලිකව පහරදීමෙන් වැළකීම වැදගත්. මොකද අපට අවශ්‍ය වන්නේ නිවැරදි අදහස ඉස්මතු කිරීම මිසක් පුද්ගලයාට පහරදීම වත් පුද්ගලයාව පිම්බීම වත් නෙවෙයි නිසා. කොහොම වුනත් උපකුලපතිතුමාගේ අදහස් දැක්වීමේ අයිතිය අපිත් පිළිගන්නවා.ඒත් විචාර පූර්වකව හිතීම අපගේ අයිතියක්. කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියේන විමසා අහන්න කියලනේ කියලා තියෙන්නේ.
මම ඉස්සර කැම්පස් ගිය කාලේ මේ උපකුලපතිතුමාගෙන් ඉගෙනුම ලබා තිබෙනවා.දැන් නම් උපාධිය අරන් විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා රැකියාවක් කරනවා.මම හිතනවා මේ සර් මේ කියන්න අදහස් කලේ ඉංග්‍රීසි භාෂාව අපිට අත්‍යවශ්‍යයි කියන කාරණාව කියලා.ඉස්සරත් සර් ඒ අදහස දැරුවා. මමත් ඉස්සර විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිද්දී ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම එච්චර එදා අපිට තේරුනේ නැහැ.ඒත් රැකියාව කරද්දී තමයි එකේ වැදගත්කම හොඳටම තේරුම් ගියේ.විශේෂයෙන්ම ව්‍යාපාර කළමනාකරණය වගේ විෂයක් හදාරපු මට එහි ඉහළට යාමේදී ඉංග්‍රීසි භාෂාවේ වටිනාකම හොඳින්ම වැටහුනා.අද මට ඉංග්‍රීසි පුළුවන්.නමුත් තාම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් හිතන්නේ එදා අපි හිතපු විදිහට කියලා මට හිතෙනවා.
ප්‍රකාශය යම් වේදනාවක් ගෙන දුන්නා වූවද යම් සත්‍යතාවයක් නැතිවාම නොවේ. මන්ද,බොහෝ දිවිනසා ගැනීම්, මිනීමැරීම් සහ දූෂණය කිරීම් පිලිබඳව රස කර කර වාර්තා කරන්‌නේ සිංහල පුවත් පත් පමණයි.
මම හිතන්නේ ඉංග්‍රීසි භාෂාව අපිට අත්‍යවශ්‍යයි.එහි වැදගත්කම අපිට පහසුවෙන් බැහැර කරන්න බැහැ.ඒත් ඒ වගේම අපේ රටේ ජාතික අනන්‍යතාවය, සාමයික අනන්‍යතාවය රැඳිලා තියෙන්නේ සිංහල භාෂාවේ ඒ නිසා ඉංග්‍රීසි ඉගෙන ගැනීමත්, ඒ වගේම නිවැරදි සිංහල භාෂාව ව්‍යවහාර කිරීමටත් අප ඉගෙන ගත යුතුමයි.එක පැත්තකින් අපේ උපකුලපතිතුමා කියපු කතාවේ ලොකු ඇත්තකුත් තියෙනවා.
දන්නෝ දනිති..
බොහෝ අවස්ථාවලදී දෛනික වැඩ කටයුතු වලදී ඉංග්‍රීසි භාෂාවේ අගය වැටහේ.එනමුත් ඉංග්‍රීසි භාෂාව වෙළඳ කටයුතුවලදී බහුලව භාවිතා වන වාණිජ භාෂා වර්ගයකි.එය පහසුය.එනමුත් සාහිත්‍යමය හා කලා කටයුතු වලදී සියුම් රස වින්දනය දැනවීමේ හැකියාව සඳහා භාවිතා කිරීමේදී භාෂාමය ගැටළු ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමේදී පහසුවෙන් ඇතිවන බව එය භාවිතා කරන විද්වතුන් දන්නා කරුණකි.නමුත් ප්‍රාචීන භාෂා පවුලට අයත් සිංහල වැනි භාෂාවක ඉන්දු ආර්ය භාෂා පවුලට නෑකම් ඇති පාලි,මාගධී, සංස්කෘත වැනි පුරාණ භාෂා වල සම්පර්කය ලැබීම නිසා වඩාත් හොඳින් සුඛ නම්‍ය පරිදි රස ජනනය වන පරිදි අදහස් සන්නිවේදනය කළහැකියාව සිංහල භාෂාවේ අධිකය.එබැවින් ඒ ඒ අවස්ථාවලදී භාෂා සුදුසු ලෙස භාවිතා කරනවා විනා එක් භාෂාවක් තවත් භාෂාවකට වඩා උසස්ය හෝ පහත්ය යනාදී වශයෙන් සැලකීම නිෂ්ඵල ක්‍රියාවක් බව මම සිතමි.එහෙත් උපකුලපතිතුමාගේ අදහස් දැක්වීමේ අයිතිය පිලිගනිමි.
සිංහල රටකට තියෙන්නෙ ලංකාව විතරයි. ඒකත් නැතිවෙන තැනක් තමයි මේ.(හේ)
උපකුලපති තුමා හරියටම හරි
හොදයි, මොලේ යවන්න ඕන ලන්ඩන් කෞතුකාගාරෙට...
මම නම් හිතන්නේ මේක ඔලුවේ අමාරුවට කෝට්ටේ මාරු කරනවා වගේ වැඩක්................,,,සිංහල නෙමේ මොන පත්තරේ බැලුවත් හිත කිලිටි වෙන දේවල් තමා දැන් ලංකාවේ වෙන්නේ...
සුද්ද ගෙ සපත්තු පොලිෂ් සිංහල පොලිෂ් වලට වඩා ගොඩක් හොදයි ......
සිංහල භාෂාව ලෝකෙ තියෙන හොදම භාෂාවක්.. නමුත් අපේ මිනිසුන්ගෙ බහුතරය ලංකාවෙ හිටියට සිතිං ඉන්නෙ එංගලන්තෙ.. මුළු යුරෝපයේම තමන්ගෙ බස විතරයි කතා කරන්නෙ.. යුරෝපයේ ඉන්න බහුතරයක් ඉංග්‍රිසි දන්නෙ නැහැ.. අපි තමයි යටත්විජිත මානසිකත්වයේ ඉන්නෙ.. ඒකයි මේ රට පිබිදෙන්නෙ නැත්තෙ..
එතකොට රූපවාහිනියේ යන මෙගා ටෙලි හොඳයිය උපකුලපතිතුමනි
ඉංග්‍රීසි කියන්නේ ජාත්‍යන්තර භාෂාවක් අපි ඒක ඉගෙනගත යුතුමයි.එහි වරදක් නැහැ.ඒත් ඒ වෙනුවෙන් අපි තවත් භාෂාවක් පහත් කරලා සලකන්න හොඳ නැහැ. විශේෂයෙන්ම සිංහල කියන්නේ අපේ මාතෘ භාෂාව. රටක මාතෘ භාෂාව කියන්නේ මවක් වගේ.ඒ නිසා එයට අගෞරව කිරීමෙන් ද වළකින මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි.
/ඇටිකිච්චා 2012-07-18 13:13:24 මා දන්න තරමින් මෙයාට ඇති ආචාර්ය උපාධියක් නැත./ ඔහේ දන්නා තරම දැනගන්න අපට අවශ්‍යතාවයක් නැත. (නි)
උපකුලපති තුමනි, ඔබට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත. නමුත් සිංහල පත්තරේ දාන්නේ කාගේ ප්‍රවෘත්ති ද මොන රටේ ප්‍රවෘති ද කියල පැහැදිලි නැති බව පේනවා. අද සමාජයේ සෑම තැනක්ම පිරිහිලා ඉවරයි. ඒවා තමයි සිංහල පත්තරේත් ඉංග්‍රිස පත්තරෙත් පළ කරන්නේ නැතිව ශ්‍රි ලංකාවේ ඒවා සිංහල පත්තරේත්, එංගලන්තේ එවා ඉංගිරිසිපත්තරෙත් දාන්නේ නෑ. හැබැයි ඉංගිරිසි නොදන්න අය හිතනවා ඇති සිංහල පත්තර වලට වාඩා ඉංගිරිසි පත්තර වැදගත් කියලා. ඔය හැම පත්තරයකම දමන්නේ මේ රටේ සිදුවන දේවල්. ඒවා දැන ගැනීමේ අයිතිය මේරටේ සිංහල පමණක් නොවේ ඉංගිරිසි පාඨකයනට තියෙන බව දැනගන්න.
මම මුලින් හැදුනේ වැඩුනේ සිංහල බෞද්ධ පරිසරයක වුනාට මට උසස් අධ්‍යාපනය ලබද්දී බටහිර පසුබිමක කල්ගත කරන්න සිදුවුනා.එහිදී මට දැනුනු විදහට නම් ඉංග්‍රීසි භාෂාව දැන සිටීම අත්‍යවශ්‍ය වුනා.නමුත් සිංහල භාෂාව දැන සිටීම පහත් කර සලකන්න නරකයි කියා මම හිතමි.
ආචාර්ය වරු අදහස් දැක්වීමේදී වඩා සැලකිලිමත් විය යුත්තේ ජනතාව ඔවුන් කියන දෙය විස්වාස කරන බැවිනි. ඉංග්‍රීසි භාෂාව ඉතාමත් වැදගත් බව සත්‍ය උවද, මෙම ප්‍රකාශයෙන් සිංහල බසට වන හානිය නොදුටීම ඉතා අභාග්‍යකි. ඉංග්‍රීසියට මෙතරම් තැනක් ලැබෙන්නේ ආසියාවේ මිනිසුන්ගේ මනසේ ඇති යම් දුර්වල තාවයක් නිසාවෙන් බව මගේ හැඟීමයි. එය ඇමෙරිකාවේ සිටින මා හට දැනුණු වාර අනන්තය. සුද්දන් ඉදිරියේ අප මිනිසුන්ගේ හැසිරීමෙන් එය මොනවට පැහැදිලි වෙයි. තම බසද රැකගෙන කටද රැකගෙන සිටීමට මහා ශක්තියක් අවශ්‍ය. පෙර විසු මහා පඬිවරුන් මෙයට හොඳ නිදර්සන සපයයි. මා මේ ලියන දෙය තේරුම් ගැනීමට හැකි ස්වල්ප දෙනෙක් හරි සිටීවායි ප්‍රාර්ථනා කරමි. මා කෙරෙහි ක්‍රෝධයක් ඇති කර නොගනිත්වා. තෙරුවන් සරණයි! පසුව ලියමි. තම මවු බස කතා කිරීමට ලජ්ජා වන සිංහලයින් තරම් ශ්‍රේෂ්ට ජාතියක් අන් කිසි රටක නොදිටිමි.
මගේ දුවත් විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය විශේෂවේදී උපාධිය තෙවන වසර අධ්‍යාපනය ලබනවා. දුව කියන විදිහට නම් භාෂා හැකියාව වැදගත්. කුමන කටයුත්තක් කරන්න ගියත් භාෂා හැකියාව දැඩි ලෙසම ඉස්මතු වෙන එක වළක්වන්න බැහැ.ඒ නිසා සිංහල, ඉංග්‍රීසි විතරක් නෙවෙයි තවත් ජාත්‍යන්තර භාෂා ගණයෙහිලා සැලකෙන විශ්ව භාෂා හැකිතාක් දැන උගෙන සිටීම වත්මන් යුගයෙහි අවශ්‍යතාවයක් බව මම සිතමි..
සමහර පත්තර වල ඇත්තේ දේශපාලනය පමණමයි.මේවා නිවැරදි කළ යුතුයි
සිංහල ඇති එක ම රට ගැන කැක්කුමක් නැති අය ගැන ලැජ්ජයි (අ)
හිමාලි සයුරංගි කියලා ප්‍රතිචාර දාලා තියෙන්නේ අර අපේ නිළියද? ඔවු ඔවු. එයා තමයි. ඒ අයට නම් කොහොමත් ඉතිං දැන් සිංහල එපා වෙලානේ.
මෙතුමා හරියටම හරි....
මම හිතන්නේ හිමාලි සුරංගි අර නිළිය නේද .....එහෙනම් ...ඔව් ..ඔව් ... එයාලට කොහොමත් දැන් සිංහල පත්තර එපාවෙලා තමයි ....අනේ අනිච්චන් ...
100% ඔබ සමගයි කුළපති තුමනි.. එදා සිංහල පමණයි කියපු අය එයාලගෙ ළමයින්ට ඉංග්‍රීසි ඉගැන්නුවා..
අපිත් හිටියේ ජපුරේ තමා මමදන්න තරමට මෙයාට ඉංග්‍රීසි වැඩිය බැ කඩේ යන්න නම් රුසිය ?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-07-17 19:22:21 එකම ප්‍රකාශන ආයතනයක පළ කරනු ලබන සිංහල, දමිළ හා ඉංග්‍රීසි පුවත්පත් තුනක් ගෙන බලන්න. එහි කුණු රසය 95% ක් සිංහල පුවත් පතේද 30 % කුණ රසය දමිළ පුවත්පතේද .001% කුණු රසය ඉංග්‍රීසි පුවත්පතේද අඩංගුය.මේ අනුව කුණු රසය අඩුවෙන්ම අඩංගු වනුයේ ඉංග්‍රීසි පුවත්පත්වල බව උප කුලපතිතුමා පවසන කතාව 100% සත්‍යයකි. ......" මෙය 110% සත්‍යය . මන්දයත් ආචාර්ය සුජිත් ඔහුගේ අදහස් දාන්නේ සිංහලෙන් වන බැවිනි !
මේවට කියන්නෙ මුවා අල්ලගන්න බැරිඋන තැන බූරැවට තලනවා කියලා...
මෙතන බාගයක්ම කෙල්ලොන්ගේ නම් වලින් අදහස් දලා තියන කෙනා දන්නවා අපි කව්ද කියල
මට හිතෙන්නේ හැමොටම ඉංග්‍රීසි බැහැනේ.ඉතින් ඒ නිසා සිංහල පුවත්පත් තිබිය යුතු බවයි. සිංහල පුවත්පත්වල නම් සිංහල භාෂාව කමකට නැහැ තමයි. ඒ වගේම ඒවා වල පළවෙන ප්‍රවෘත්තිවල සාරධර්ම, සදාචාරය නැති කරන දේවල් වැඩියි තමයි. ඒවා හදාගත යුතු දේවල් මිස සිංහල පුවත්පත් වර්ජනය කරවන්න අනුන්ව පොළඹවන්න සුදුසු දේවල් කියලා මම නම් හිතන්නේ නැහැ.අනික මේ වගේ දේවල් ඉංග්‍රීසි පුවත්පත්වල පවා පළ නොවෙනවා නෙවෙයිනේ.සමහරවිට ඉංග්‍රිසී පුවත්පත්වල විතර ඕපා දූප සිංහල පුවත්පත් වල පළවෙන්නේ නැතිබව අපි ඉංග්‍රීසි පුවත්පත් කියවන නිසා දන්නවා.ඉංග්‍රීසි පුවත්පත් නොකියවන පිරිසට ඉංග්‍රීසි පුවත්පත් ගැන හරි ඉංග්‍රිසී භාෂාව ගැන හරි මේ වගේ ප්‍රකාශ කරලා අභිමානයක් ගොඩ නඟන්න හදනවා නම් ඒක විහිළුවක් කියලා මම මුලින්ම ප්‍රකාශ කරන්න කැමතියි.
උපකුලපතිතුමණි ඔබේ අදහස 100% නිවැරදිය. දයාබර පාඨකයනි මෙය
සිංහල පත්තර සියල්ලම එපා කියන එක මා අනුමත කරන්නේ නැහැ. පත්තර කියවද්දී තෝරා බේරා කියවිය යුතුයි. අන්තර්ජාලයත් බලද්දීත් එහෙමයි. වල්පල් ගොඩක් ළගටම එනවා. සිහි බුද්ධියෙන් ක්‍රියාකළ යුතුයි. උපකුළපති ගේ කියමනේ අදහස ඒක වෙන්ඩ ඇති?
අදහස හොදයි ක්‍රියාත්මක කරගන්න තමයි බැරි
අද ඉංග්‍රීසි, සිංහල, දෙමළ හැම පත්තරයක්ම සමාජ වගකීමට වැඩිය පත්තරේ විකුණ ගන්න එක ගැන තමයි හිතන්නේ.
කුලපතිට මොනවා වෙලාද මේ සුද්දන්ට කඩේ යන්නෙ...
මෙතනනම් මොකක් හරි අභි රහසක් තියෙනව. හරියට උත්සහ කරනවන නම් පොලීසියට හොයාගන්න බැරි වෙන්න විදිහක් නෑනෙ
කොල්ලෝ ,,,, ආයෙත් මොකක්හරි වැඩක් කලාද? ඊයේ ඉදන් කිඹුහුන් යනවා තම ඉවරයක් නැහැ, මෙහාට ඇවිල්ලවත් මට පාඩුවේ ඉන්න දෙන්නැද්ද?
උපකුලපතිතුමනි, මම ඊයෙත් කිවුවා අපේ රටේ විද්වතුන් විසින් මේ අපරාධ රැල්ලට බලපාන ප්‍රධාන සාධකය ගැන සොයා බැලිය යුතුයි කියලා
සිංහල පත්තර කිව්වම ලංකාදීප ත් ඇතුලත් නේ ......කොහොමත් කාලෙන් කාලෙට ජපුරට එන VC ඔහොම කතා කියනවා .... මතකනේ සෙනවි එපිටවත්ත .....
වැඩිය තප්පුලන්න එපා එතකොට මිනුස්සු දන්නවා සතා මොකාද කියල
මෙතන තියෙන්නේ භාෂා ගැන ප්‍රශ්නයක් නෙමෙයි.අපේ සිංහල පත්තර වල පළවෙන සමහර දේවල් නිසා තමයි ඒ මහත්තයා එහෙම කියන්න ඇත්තේ
අයියෝ, ඔබතුමා වැඩේ අනාගත්තා නේද? දැන් රටම දැන ගත්තා ඔබතුමා ඉංග්‍රීසි දන්නේ නැහැ කියලා.මම මෙහෙම කියන්නේ මේකයි.ඉංග්‍රීසි පත්තර වලත් යන්නේ සිංහල ඒවායේ යන ප්‍රවෘත්තිමයි.ඒත් ඒවා බලන්න කියන්නේ එහ්වායේ යන පුවත් කියවන්න දන්නේ නැති නිසා ඒවා හොද පුවත් කියලා හිතාගෙන ඉන්න නිසා නේද?
හොදයි
ඇපිට නම් ඉතින් පත්තර තමයි
නවතින්නේ නැතුවම වැසිකිළි යනවා නම් කරන්න තියෙන්නේ සරම නොඇද අමුඩයක් ගසා ගැනීමයි.
මෙතන තියන්නේ බස ගැන ප්‍රශ්නයක් නෙවෙයි වරදවා තරුම් ගන්න එපා සිංහල පත්තර වල පලවන දේවල් නිසා තමයි ඒ මහත්තය එහෙම කියන්න
බොහෝවිට මම නම් වැඩිපුර කියවන්නේ නම් ඉංග්‍රීසි පුවත්පත් තමයි. නමත් මගේ වෘත්තිමය පසුබිම ගොඩනඟාගෙන තිබෙන්නේ සිංහල පුවත්පත් සමඟ නිසා එයින් බැහැරවෙන්නත් බැහැ.අනික තමයි පුවත්පතක ඇති ප්‍රමිතිය එහි භාෂාව අනුව තීරණය කරන එකත් නිවැරදි නිර්ණායකයක් නෙවෙයි කියන එක.මහ අමාරු පණ්ඩිත භාෂාවකින් පුවත්පත්වල ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න පුළුවන්.ඒත් පත්තර කියවන්නේ මහාචාර්යවරු විතරක්ම නෙවෙයිනේ.සාමාන්‍ය පාඨකයා තමයි දිනපති පුවත්පත්වල හොඳම පාඨක පිරිස වෙන්නේ.එතකොට ඒකට යොදා ගන්නා භාෂාව හා අන්තර්ගතය යනාදිය තීරණය වෙන්නේ ඒ අනුව තමයි.සමහරවිට සර්කියුලේෂන් එකෙන් කියනවා මේක මෙහෙම වෙන්න ඕන කියලා.එතකොට නම් අපේ ඉහළ කළමනාකාරීත්වයටත් ඒ අදහසට යට වෙන්න වෙනවා.මොකද සෑම දෙයක්ම ආර්ථිකව සමඟම බද්ධවයි යන්නේ ඒක අමතකර කරන්න බැරි සාධකයක්.කොහොම වුනත් උපකුලපති කෙනෙකුගේ කාර්යභාරය අනුව මේ වගේ අදහසක් එතුමාට පළ කරන්න පුළුවනි.නමුත් අදහසක මධ්‍යස්ථබවට වගේම පුළුල්බවටත් තැනක් හිමි වෙන්න ඕන.
ලක්මාල් ඔයා ඔහොම කියන්නේ ඔයත් උසස් අධ්‍යාපනය ලැබුවේ මෙතැනින් නිසා.ඒත් සැබෑ තත්වය නම් මේ අදහසට වඩා වෙනස් නේද?
සිංහල පත්තර තියෙන්න ඕනේ.නමුත් ඒවා අපක්ෂපාතී නොවීම තමයි ප්‍රශ්නේ.
උපකුලපතිතුමාට වුණත් කියන්න තියෙන්නේ මෙච්චරයි. "සිංහලයා නගා සිටුවන්නේ නැති පුද්ගලයා මෝඩයෙකි."
උපකුලපතිතුමා පවසන දේ සත්‍ය අසත්‍යතාවය කුමක් වුවද සිංහල පුවත්පත් නොබල ලෙස දරුවන් හා දෙමව්පියන් පෙළඹවීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් නැතිබව පවසමි.
කතාවේ ඇත්තක් නම් තියෙනවා තමයි. දැන් බලන්න සමහර සතිඅන්ත පත්තර. ඒවායේ පිරිලම තියෙන්නේ මහ පෞරාණික තොරතුරු... භිෂන යුගවල කතා.... වැඩකට නැති දේශපාලකයොන්ගෙ කතා... වලින් පිරිල. තව පැත්තකින් අනවශය මිත්‍යා මත පතුරන ලිපි පලවෙනවා.... මීට වඩා හොඳ නැද්ද රටේ ජනතාවට විනෝදය දැනුම සපයන පුවත්පත් පළ කළා නම්? හොඳ විදියකට වෙනස්වෙයි කියල බලාපොරොත්තු වෙනවා
එතකොට ඉංග්‍රීසි පත්තරවල තියෙන gossip ගැන මොකක්ද කුලපති තුමා කියන්නේ.බටහිර රටවල නිලියන්ගේ අතිශය පෞද්ගලික ලිංගික චාර්යාවන් පිළිබඳව පවා අස්සක් මුල්ලක් නෑර කුණු කන්දල් ඕපා දූප හාරා අවුස්සන්නේ නැද්ද ඔය කියන ඉංග්‍රීසි පුවත්පත් වලින්.මේක බොරුයි කියනවා නම් මම ප්‍රසිද්ධියේ මේ වගේ පත්තර තුන හතරක් ගෙනැල්ලා ඔබ තුමාට පෙන්නන්ද?
ඉංග්‍රීසි පත්තර කියවන එක නම් හොදයි තමයි.ඒත් හැමෝම ඉංග්‍රීසි දන්නේ නෑනේ උපකුලපතිතුමෝ.
එතකොට ඉංග්‍රීසි පත්තරවල තියෙන ඕපාදූප ගැන මොකක්ද කුලපති තුමා කියන්නේ.බටහිර රටවල නිලියන්ගේ අතිශය පෞද්ගලික චාර්යාවන් පිළිබඳව පවා අස්සක් මුල්ලක් නෑර කුණු කන්දල් ඕපා දූප හාරා අවුස්සන්නේ නැද්ද ඔය කියන ඉංග්‍රීසි පුවත්පත් වලින්.මේක බොරුයි කියනවා නම් මම ප්‍රසිද්ධියේ මේ වගේ පත්තර තුන හතරක් ගෙනැල්ලා ඔබ තුමාට පෙන්නන්ද?
මට හිතෙන්නේ මේ කුලපතිතුමා බලන්නේ අදහස් පළ කරන්නේ පුළුල් විදිහට නෙවෙයි කියලයි.මොකද ගමේ ඕපාදූප පතුරවන ගැනු මනුස්සයෙකු විදිහට හැසිරෙන එකවත් ඒ වගේ ප්‍රකාශ නිකුත් කරන එකවත් ඔබතුමාට සුදුසුයි කියලා මම හිතන්නේ නැහැ.ඔබතුමා මේ වගේ දෙයක් ප්‍රසිද්ධියේ මාධ්‍යයක් ඉදිරිපිට කියනවිට ඔබතුමාගේ උගත්කමට හා තනතුරට ගැලපෙන ලෙස මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කරන්න තිබ්බා.
කුලපති තුමනි, ඔබතුමාගේ අදහස හොද වෙන්න පුළුවන්,නමුත් තමන්ගේ මවු බසින් සිතීමේ,බැලීමේ,කියවීමේ,ලිවීමේ,සවන්දීමේ, අදහසට මෙසේ නොකියන්න.ඔබ කොච්චර උගත් වුවත් මෙම ප්‍රකාශය කිරීමට තෝරාගෙන ඇති ප්‍රදේශය නම් එතරම් සුදුසු නැත.හේතුව, වලල්ලාවිට - ගුලවිට යනු ලංකාවේ විශාලත්වයෙන් දෙවෙනියට ඇති අගලවත්ත ආසනයේ (වන්නිය අරුනුවිට)ඇති ඉතා අති දුෂ්කර ගමකි.ඒ ගමේ පන්සලට එන්නේ අහිංසක ජනයායි.එම ජනයාට ඔබතුමා අගෞරවයක් කර ඇති බවයි මට හැගෙන්නේ.ඒ අයට මොන ඉන්ගිරිස්ද? කුලපතිතුමනි - ඒ ගමේ පාසල් වලට පළමුවෙන් යවන්න ඉංග්‍රීසි ගුරුවරු.අවුරුදු 2 - 3 ක් ගිහින් කියන්න ඔය කියමන.(ඒත් අපේ සිංහල භාෂාවට අවමන් නොකර) එතකොට එගමේ අය ඉංග්‍රීසි දන්නවානේ. නැත්නම් මම මේ කියන ගම්වලට යන්න එම ආසනයේම.මන්නවත්ත,දික්හේන,දෙනිහේන, ගුලන, ආදී ගම්වල ගිහින් කියන්න, මදින ජනයා ඉන්නේ,මල් පිහිය ඇදල ගන්නේ,මහත්තයට ඉංගිරිස් පෙන්වන්න. ඔබ තුමාගේ කියමන කියන්න සුදුසු ගමක් නෙමෙයි තෝරාගෙන ඇත්තේ,තවත් ඉගෙන ගන්න ගොඩාක් දේ ඇති බව පසුවට වැටහේවි.කළුතර දිස්ත්‍රික්කයේ පාසල් වල සහ ගම්වල ඇවිද ඇති නිසා මෙසේ ලියමි.ස්තුතියි.
උපකුලපතිතුමෝ, කාටවත් දොස් කියන්න කලින් මුලින්ම ඔබතුමා හැදිලා, පස්සේ ගුරුවරු ටික හදාගෙන, ඊටත් පස්සේ ළමයි ටික හදා ගන්න බලන්න
මම හිතන විදිහට කුලපතිතුමා පවසන දේ නිවැරදි යැයි සිතමි.මන්ද බොහෝවිට සිංහල පුවත්පත්වලට වඩා නිරවද්‍ය ලෙස ඉංග්‍රීසි පුවත්පත් වල එම ප්‍රවෘත්තියම ඉදිරිපත් වී ඇතිබව දකින බැවිනි.
පත්තරවල නෙඅමෙයි වැරැද්ද තියෙන්නේ පත්තරකාරයන්ට කොන්දක් නැ
ලංකාවේ මිනිස්සු 48 සුද්දාගෙන් නාමිකව නිදහස් උනාට හිතෙන් තවමත් වහල් වෙලා ඉන්නේ. ජපානය කියන්නේ අද ලෝකේ තියන දියුණුම රටක්. ඒ උනාට ජපානේ මිනිස්සු ඉංග්‍රසි වචනයක්වත් දන්නේ නැ. අඩු ගානේ පොදු නමපුවරුවක්වත් නැ ඉංග්‍රිසී වලින්. ඒ මිනිස්සු එක ගැන ආඩම්බර වෙනවා. ලංකාවේ මිනිස්සුන්ට සිංහලෙන් කතාකරනවා කියන්නේ ලජ්ජාවට කරනයක් කියල හිතන්නේ. ඒ නිසා තමයි ලංකාවට අද මේ තත්වය උදාවෙලා තියන්නේ
ලංකාවේ මිනිස්සු 48 සුද්දාගෙන් නාමිකව නිදහස් උනාට හිතෙන් තවමත් වහල් වෙලා ඉන්නේ. ජපානය කියන්නේ අද ලෝකේ තියන දියුණුම රටක්. ඒ උනාට ජපානේ මිනිස්සු ඉංග්‍රීසි වචනයක්වත් දන්නේ නැ. අඩු ගානේ පොදු නාම පුවරුවක්වත් නැ ඉංග්‍රිසී වලින්. ඒ මිනිස්සු ඒ ගැන ආඩම්බර වෙනවා. ලංකාවේ මිනිස්සුන්ට සිංහලෙන් කතාකරනවා කියන්නේ ලැජ්ජාවට කාරනයක්.ඒ නිසා තමයි ලංකාවට අද මේ තත්වය උදාවෙලා තියෙන්නේ
පහුගිය කාළෙ වෙච්ච වැරදි වලට පත්තරද වගකියන්න ඕන. මෙයත් කැකිල්ලෙ රජතුමාගෙම ගෝලයෙක්.
අපරාදෙ කියන්න බෑ උපකුලපතිතුමාත් එක එක නම් වලින් කමෙන්ට් කරලා.
කුලපතිතුමා හරි.මොකද කවුරුත් බයට නිවැරදි ප්‍රවෘත්ති පළ කරන්නේ නැහැ
පත්තරේ යන්නේ අපේම සමාජයේ වෙන වැඩනේ.ඒ කියන්නේ පත්තරේ නෙමෙයි, අපේ සමාජයයි කුණු ගොඩක් වෙලා තියෙන්නේ
මම දන්නේ නෑ කොහොමද සිංහලෙන් ලියන්නේ කියල
අදහස නම් හොදෙයි ඒ උනාට හැමෝම ඉංග්‍රීසි දැන්නැ නොවැ. ඒකට මක් කරන්නද ?
අපේ රටට හරියිද ඉතින්
පුංචෝ, කවුද පුංචෝ ඇටිකිච්චා?
සිංහල භාෂාව ඉතා පොහොසත් සහ ලස්සන භාෂාවක්. එය හොඳින් දැන ගැනීම ඉතා වැදගත්. ඉංග්‍රිසීයත් හරිම ප්‍රයෝජනවත්. අපේ දරුවන්ට මේ භාෂා දෙක ම ඉතා හොඳින් හසුරුවන්ට ඉගැන්විය යුතුයි. සිංහල පත්තරවල තරමක් වටිනාකමක් නැති, අනවශ්‍ය හා ළමා මනසට හානිකර විය හැකි ප්‍රරවෘත්ති වැඩියි. සමහර ප්‍රවෘත්ති දකින විට ඒවා මගේ දරුවන්ගේ ඇහැ නෝ ගැටුනොත් හොඳයි කියල හිතෙනවා.
කවුරු මොනවා කිවුවත් ඉංග්‍රීසි නැතුව අද කාලේ මුකුත් කරන්න බැහැ
මෙතුමා හරි.නිතරම අපරාධ ගැන අහලා තමයි අහිංසකයෝ වගේ හිටපු මිනිස්සු අපරාධ වලට මෙච්චර යොමු වෙලා තියෙන්නේ
ෟඑතකොට උපකුලපතිතුමනි, ලංකාවේ සිංහල කතා කරන, කියවන බහුතරයට මොකද වෙන්නේ?
මොලේ තමයි මොලේ.... මමත් මේ කියන්නමයි හිටියේ, අපි මුලින්ම සිංහල පත්තර වර්ජනය කරමු, ඊලගට සිංහල භාෂාව, සිංහල සිරිත් විරිත්, සිංහල සංස්කෘතිය, සිංහල පාසැල්, මේ හැම එකක්ම වර්ජනය කරලා සිංහල ජාතියත් වදකරලම දාමු, සුද්දට මල් තියලා වදිමු ..............කටටිය බලන් ඉන්නේ ඒ ටික වෙනකන්නේ....
මිනිස්සු කියවන්නේ තමන් තෝරගත්ත පත්තර.උපකුලපති තියා කවුරු කිව්වත් වෙනස් කරන්නේ නෑ. කාටවත් එහෙම කියන්න අඉතියක් නෑ. සිංහල බැරි අයට මොකද කරන්නේ කියල ඔබතුමා ගෙන් අහනවා.
කට වහනවද? වෙඩි කනවද?
මම මෙතුමාගෙන් අහන්න කැමතියි, පසුගිය කාලේ පත්තර වලින් උණු වැරදි මොනවද කියල? එහෙමනම් පුවත්පත් පැමිණිලි කොමිසමට ඒවා දැනුම්දෙන්න පුළුවන්? ඔය කතාවත් ඉංගිරිසියෙන්ම කිවුවනම් ජනතාව හොදටම තේරුම්ගනීවී, අනික රටේ අපචාරයක්, මිනීමැරුමක්, මංකොල්ලයක්, නිදන් හැරීමක් උනහම ඉංගිරිසිපත්තර වල හා සිංහල පත්තරවල ඒ පුවත් පළකර තිබෙන වෙනසත් පැහැදිලි කරනවානම් හොදයි, ඔබතුමා සුද්දට කඩේ යනවද කියලත් දැනගන්න කැමතියි...?
ඕනේ කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් අපේ නම් වලින් ප්‍රතිචාර දාන්නේ කවුද කියලා.කමක් නැහැ.පොඩි එකාගේ ආසාවනේ.
මම දන්න කාලේ ඉදන් රට කරවන පාලකයොයි පත්තර මුදලාලිලායි සිතන් ඉන්නේ සිංහල පත්තරවල ලියන්නේ කියවන්නේ මොඩයෝ , දැන උගත් කඑ අඩු අය කියලයි.ඒක නිසා තමයි හැම දාම ඉංග්‍රිසි පත්තර වල මාධ්‍යවේදින්ට වැඩියෙන් පඩි ගෙවන්නේ.අඩුවෙන් සැලකිලි දක්වන්නේ.ඒක තමයි පත්තර මාධ්‍ය රස්සාවේ තියන පහත් කුල/ගෝත්‍ර වාදය.ඒත් ලංකාවේ පත්තර කන්තෝරු තනිකරම දුවන්නේ මේ සිංහල පත්තර වැඩියෙන් විකුණලා ලබන ලාභ වලින්.දැන්විම් වලින්. දැන් සිංහල පත්තර වල හැම එකකම වැඩියෙන් පලවෙන භූතයෝ ගැන ලිපියි,පිට සක්වල ජිවින් ගැන ලිපියි දකින කොට මට නම් හිතෙන්නේ අපේ සිංහල පත්තර කලාවට බරපතල භූතදෝෂයක් ලබලා කියලයි. පත්තර මුදලාලිලයි,ඒවායේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනුයි මේ කඩා වැටීමට වග කිවයුතුයි.නැතිනම් ජනතාව බලි තොවිලයක් නටා දුම්මල ගසා මේ නඩයේ බහුතරයගේ ඉහ මොළ පැදිය යුතුයි. අනික අඩු පඩි ගෙවන අපේ සිංහල මාධ්‍යවේදින්ගෙන් අපි ගුණාත්මක සේවයක් බලාපොරොත්තු වෙන එකත් වැරදියි.මන්ද ඔවුන් ශ්‍රම සුරා කෑමකට හසුව ඇති නිසා. මාධ්‍ය නිදහස දෙන්න ජනතාවට වැඩියෙන් දැනුම අවබෝධය දෙන්න මම හිතන්නේ ලොව දැනට ඉන්න අත්මාර්ථකාමි කිසිදු පාලකයෙක් කැමති නැහැ.ඒ තමන්ගේ පැවැත්ම ගැන හිතලයි. තිබෙන සීමාන්තික රාමුවෙන් වත් මේ නිදහස භූක්ති විදින්න අපේ පත්තර කරන අය උත්සාය නොගැනිම ඇත්තෙන්ම ඛේදවාචකයක්.
අනේ මම නම් කියවන්නේ ඉංගිරිසි පත්තර විතරමයි. මම ඉන්න රටේ සිංහල පත්තර නෑ........
කුලපති හරියටම හරි
අදහස හොදයි. අකුරු කැතද?
අදහස හොඳා ..යි අකුරු කැත...යි .
සහතික ඇත්ත අම්‍මප ඇත්ත දෙයියම්‍ප ඇත්ත ඉතිං අපිට ඉංග්‍රිසි බෑ නෙව දෙයියෝ (බහුකරයකට)
මේ ලිපියට දීර්ඝව අදහස් දක්වන එක මගේ බුද්ධියට නිගරුවක් සිංහල පාඨකයනි ඔබලා "වැදිබණ" නමැති උපමාව අසාතිබේද? පිළිතුර ඔවු නම් තමන්ගේ තරාතිරමට නොගැලපෙනමෙවැනි දෑ පවසන කුලපතියන් හෝ ආචාර්යවරුන් ගේ කතා පිළිබද අප කම්පාවියයුතු නැත.
තුෂාන් පළමුව ලංකාදීප පුවත්පතට ස්තූති වෙන්න ඕන 1) මෙවැනි පුවත් පළකිරීම ගැන. 2) පාඨක අදහස් අවම සංස්කරනයකින් දැක්වීම ගැන.(සුභ අසුභ බෙදයකින් තොරව.-අන්තර්ජාල ප්‍රකාශනයෙ ) කතාවනම් ඇත්ත සමහර සිංහල පත්තර බත් ඔතන්නවත් හොඳද මන්දා. (තියන තීන්ත කන්දරාවත් එක්ක ) හැබැයි විසඳුම නම් විය යුත්තේ සිංහල පුවත් පත් වල ගුණාත්මක බාවය ඉහල නැංවීමයි. 1) ව්‍යාකරණ නණලළ බේදය ආදිය ගැන මීට වඩා සැලකිය යුතුයි. අපි කොච්චර ඉගෙන ගන්නවද පුවත් පත් වලින්. 2) සමහර ලිපි නවයේ පන්තියේ ළමයින්ට ලියන්න පුලුවන් ඊට වඩා අපූරුවට. 3) සම්හර පත්තර හරිම ජාතිවස්දියි, කැත විදියට. 4) පත්තර මැදි මාවතේ ගමන් කලයුතුයි. සමහරුන්ට රජ බොජුන් කාලා වමාරා ගත නොහැකි සෙය්යාවක් ඇත්තේ. 5) පත්තර ජනතාව ඉල්ලන කුණුම සපය්න්නේ නැතිව, සාමන්‍යයෙන් ඉගෙනගත් ජනතාවගෙ බුද්ධිය ඉහල යන ආකාරයට කටයුතු කළ යුතුයි.
එතකොට රූපවාහිනියේ යන මෙගා වැඩසටහන් හොඳයි ද ??
උම්බෑෑෑෑෑෑෑෑෑෑෑ..................
පත්තරවලට බැනල වැඩක් නැහැ අපරාධ අඩුකරගන්නෙ නැතිව.. අනේ මෙයාගෙ බණ..
සිංහල පත්තර වැරදි නැහැ.. හැමදාම රටේ අපරාධ වැඩිවෙනවා.. පත්තරවලින් ඒවා අපි දැනගන්නවා..
මම නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා නැහැ. ඒත් කතාවේ ඇත්තක් නැත්තෙමත් නැහැ. මම හැබැයි ඉංග්‍රීසි පත්තර වල ස්වභාවය නම් දන්නේ නැහැ ඒව කියවන්නේ නැති නිසා. සිංහල ගොඩක් පත්තර වල තත්වය නම් දැන් ගොඩක් පහලයි කියලා මට හිතෙන්නේ. ප්‍රවෘත්තියක් නිවැරදිව දාන්න දන්නේ නැහැ. දැන් මේ ප්‍රවෘත්තියත් නිකන් කොහෙන්ද කඩාගත්ත කෑල්ලක් වගේ. මිනිස්සු මියගිය අවස්ථාවලදි හාස්‍යජනක මාතෘකා දානවා. ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය ගැන සැලකීමක් නැහැ. හැබැයි ඉතින් පත්තර නොකියවා හිටියා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. පුවත්පත් කලාවක් අද නැහැ.
මසුරං වටින කතාවක්නෙ.. මේ පුවතට මීට වඩා ප්‍රසිද්ධියක් දිය යුතුයි...!!
මෙයා ආණ්ඩුවට කඩේ යන කෙනෙක් වගේ .
ගොඩක් දුරට ඇත්ත... වටින කතාවක්..