(ඩයනා උදයංගනී සහ රංජන් කස්තුරි)
සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව නාඩු සහල් කිලෝවක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් ද සම්බා සහල් කිලෝවක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 99 ක් ලෙස ද නියම කර තිබේ.
රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා? මෙයාලා දොඩනවා අපි කඩේට කිව්වම ගිහිල්ලා කියන ඈයින්ගෙන් ඉල්ලාගන්න කියනවා. අපිත් දුන්නා කරන්න කියලා දැන් පෙනෙන්නේ මොවුන් අපිට කලා වගේනේ...?
අර කොල්ලො, කෙල්ලො එක්ක කුඹුරට බැහැපල්ලා... අතන, මෙතන රස්තියාදු වෙන්නේ නැතිව... පුරන් වෙච්ච ගොඩක් තියනවා අපිට මතකයි සිරිමාවෝ බණ්ඩාරනායක සමයේ හාල්, පොල් යටින් යන්න වුණා. පුළුවන් අය කෑවා... අපි පාන් පෝලිම්වල ඉඳලා පාන් රාත්තලක් ගෙනැල්ල ලෙවකෑවා. මේක වෙන්න ඉඩ අරින්න එපා. ඔය ටයි කූට් ඇදගෙන කොත්තු රොටි කකා එක එකාට පේන්න කොකාකෝලා බිබී ඉඳලා හරියන්නේ නෑ.. අපි තරුණ කාලේ කුඹුරට බැස්සා වගේ මඩට බැහැපල්ලා...
FB එකේ කයිවාරු ගගහ යූ-ටියුබ් බලබල ඉඳලා වැඩක් නැහැ. ඇඟට පතට දැනෙන්න වත්තේ පිටියේ වැඩක් කරන්න ඕනෑ. මඤ්ඤොක්කා දඬු ටිකක්වත් ඉන්දවපල්ලා වතුවල හැමදේම ආණ්ඩුවෙන් දෙනකම් බලාගෙන ඉන්නේ නැතිව... මෙහෙම ගියොත් ඉස්සරහට කන්න වෙන්නේ පොළොවෙ පස් තමයි...
කෑම ගැන කණගාටු වෙන්න එපා... බිත්ති වල තියෙන චිත්‍ර දිහා බළලා සන්තෝෂ වෙන්න.
හිටපු තැනක් වැටිච්ච තැනක්...
මේ රටේ විවෘත ආර්ථිකයක් තියෙනවා කියන්නේ කවුද? ළූණු ගෙඩිය, හාල් ඇටේ විකුණන ගාන, ගන්න ගාන මේ හැම ඉලව්වම තීරණය කරන්නේ ආණ්ඩුව, හාස්‍යජනක දෙය ආණ්ඩුවේ නියෝජිතයන් මේ ව්‍යාපාර වල කොටස්කාරයන් වීම, සහතික මිල දාලා භාණ්ඩයක මිල පාලනය කරන්න බැහැ. එයින් වෙන්නේ කිසිම වෙළෙන්දෙක්, නිෂ්පාදකයෙක් ආනයනකරුවෙක් භාණ්ඩ අඩු මිලට පාඩුවට දෙන්න අකමැති නිසා නිෂ්පාදනය අඩු කිරීම, එයින් තව තව භාණ්ඩ හිඟය වැඩි වීම, කළුකඩ වෙළඳාම ඇති වීම. මේවා නොදන්නා අය නෙවේනේ මේ ප්‍රතිපත්ති සම්පාදකයන්, මේ අය මේවා කරන්නේ මිනිස්සු රවට්ටන්න. ඕනේ නම් පොඩි සිල්ලර වෙළෙන්දෙක් දෙන්නෙක් අල්ලලා නඩු දාවි...
දැන් සැපද ?
අපිට බඩුමිල මිල ඇදලා නැහැ... හොඳ අවංක ඇමැති මණ්ඩලයක්ම ඉන්න එක සතුටක්...
කොහොමත් කියවන විදියට නම් 1970-77 වගේම නොවුණත් ඊට කිට්ටුවට යාවි වගෙයි. ගන්නකොට තිබුණු ආදරේ දැන් නැහැ. රමේෂ් පතිරණ නම් සාධාරණ කතා තවම කියනවා. ඒත් බොහෝ ජෝකර්ලා ගිය ආණ්ඩුවේ අයට දෙවෙනි නැහැ දැන්මම... MCC ගිවිසුම, මිනීමරුවන් කුඩ්ඩන් නිදහස් කිරීමත් සාධාරණීකරණය වෙමින් පවතින්නේ අපේ හාමුදුරුවරු විසින්ම...