
(මනෝප්රිය ගුණසේකර)
පාස්කු ඉරුදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්රහාරන් එල්ල කළ සහරාන් හෂිම් ඇතුළු ආගමික අන්තවාදීන් සමග එක්ව පුත්තලම වනාතවිල්ලුව ‘ලැස්ටෝස් වත්තේ’ නීති විරෝධී ආකාරයෙන් ගිනිඅවි ඇතුළු පුපුරන ද්රව්ය රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට මීගමුව ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වසර 12 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් අද නියම කළේය.
චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ පාස්කු මහ නඩුවේ චෝදනාවන්ට වරදකරුවන් වී වසර 200කට වඩා වැඩි කාලයකට බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින විත්තිකරුවන් සමගම චෝදනා ලබ සිටි මොහොමඩ් ඊබ්රාහිම් සාදික් අබ්දුල්ලා සහමොහොමදු ඊබ්රාහිම් මොහොමඩ් නව්ෆර් මව්ලවී නමැති විත්තිකරුවන් දෙදෙනාටයි.
පුත්තලම වනාතවිල්ලුව ලැස්ටෝස් වත්තේ නීති විරෝධී ආකාරයෙන් ගිනිඅවි ඇතුළු පුපුරන ද්රව්ය රැස් කිරීමේ චෝදනා මත පවරා ඇති නඩුව මහාධිකරණ විනිසුරුවරුන් වන ලාල් බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි හා නයෝමි වික්රමසේකර යන මහත්ම මහත්තීන්ගෙන් සැදුම්ලත් ත්රිපුද්ගල මහාධිකරණ විනිසුර මඩුල්ල විසින් අදාළ ද`ඬුවම් නියම කෙරිණී.
2018 වසරේ දී හෝ ඊට ආසන්න සමයේදී පුත්තලම වනාතවිල්ලුව ලැස්ටෝස් වත්තේ දි පුපුරන ද්රාව්ය ලෙස සැලකෙන නයිට්රේට් තොගයක්, ජීව උන්ඩ දොළහක්, ගිනි අවි සහ පුපුරන ද්රව්ය නිෂ්පාදනය කිරීමට අවශ්ය නයිට්රජන් ඇසිඩ් සහ යූරියා තොගයක් නීති විරෝධී ආකාරයෙන් රැස් කිරීම ඇතුළු අධිචෝදනා 14ක් යටතේ නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ පාස්කු මහන්ඩුවේද විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි මොහොමඩ් සරිෆු ආදම් ලෙබ්බේ, මෙහොමඩ් ඊබ්රාහිම් සාදික් අබ්දුල්ලා, මෙහොමදු ඊබ්රාහිම් මොහොමදු නවුෆර්, මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිද් යන විත්තිකරුවන් මෙන්ම අබු හනීෆා මොහොමඩ් මුසිෆ්, අමිර් හමසා මොහොමඩ් හමාස්, නැමැති විත්තිකරුවන්ද ඇතුළුව විත්තිකරුවන් හයදෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd