
(මනම්පිටිය නිමල් ජයරත්න)
පාස්කු බෝම්බ ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරු වන සහරාන් හසින්ගේ බිරිඳටද කොරෝනා රෝගය ආසාදනය වීම නිසා අද (07) පොළොන්නරුව වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත දැඩි ආරක්ෂාව යටතේ රැගෙන ආ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
වැලිකඩ බන්ධනාගාරයේ සිටි අවුරුදු 25 හැවිරිදි අබ්දුල් කාදර් ෆාතිමා හදියා නම් වූ ඇය බන්ධනාගාර හා පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව මත රෝහල කරා රැගෙන ආ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඇය සමග වැලිකඩ බන්ධනාගාරයේ සිටි කොරොනා ආසාධිතයින් 28 දෙනෙකු මේ වනවිට වැලිකන්ද කෝවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙනවිත් අවශ්‍ය පහසුකම් හා ප්‍රතිකාර ලබාදෙන බව පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා සමග කළ විමසීමකදී සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ ඕකට තමයි.
සතුරාට වුණත් ලෙඩක් වුවොත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වඩන්න.. බුද්ධ වචනය සහ බුදුන්ගේ ඉගැන්වීම් පිළිපදිමු. අමාරුයි... එ්ත් එය කරමු.
මීළඟ ජවනිකාව, මදූෂ් - 2