(නිමන්ති රණසිංහ)
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ දෙමටගොඩ මහවිල ප්‍රදේශයේ සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස හැදින්වෙන මොහොමඩ් සහරාන්ගේ ප්‍රධාන ගෝලයකු බව කියන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉල්හාම්ගේ සිද්ධියට අදාළ නිවස බාරගත් බව අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
දෙමටගොඩ පොලීසිය මගින් කළ විමර්ශන ගොනු බාරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 19 දෙනකු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි.
එසේම මෙම සිද්ධියට අදාලව මරණකරුවන්ගේ ඩී.එන් ඒ වාර්තා කැඳවා මරණ පරීක්ෂණ සාක්කි කැඳවීමට වහාම පියවර ගන්නා ලෙසද අධිකරණය නියෝග කරුණු ලැබීය.
ලබන 14 වැනි දින නඩුව යළි කැඳවීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට බය තියෙන්නේ මේ යෝදයවත් අපේ නීතියෙන් නිදොස්කොට හරීවිද කියල
නඩු කල්යයි මාස 06කට විතර, ලංකාවෙ නඩු දිග්ගැසීම සම්බන්ධව කිසිදු විසඳුමක් නොපෙනේ