ශ්‍රි ලංකාවේ ඉදිවු ප්‍රථම සෆාරි උද්‍යානය හම්බන්තොට රිදියගම දී වනජිවි හා තිරසාර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
උද්‍යානය භුමි අක්කර 500 කි. උද්‍යානය වටා ආරක්ෂිත තාප්පයක් හා විදුලි වැටක් ඉදිකර ඇත.අප්‍රිකා සිංහ කලාපය අක්කර 35 ක් ද , ලෝක ශාක භක්ෂක කලාප අක්කර 80 ක් ද හා ශ්‍රි ලාංකික අලි කලාපය අක්කර 54 කින් සමන්විතය.
උද්‍යානයට පෞද්ගලික වාහන ඇතුළු වීමට අවසර නොදෙන අතර වායුසමනය කළ ශ්‍රි ලාංකික බස් සේවාවක් ක්‍රියාත්මක වේ.විදේශිය සංචාරකයන් සඳහා රුපියල් 2500ක් ද, වැඩිහිටි පුද්ගලයකුට රුපියල් 300 ක් ද, පාසල් ළමයින්ට රුපියල් 50 ක් ද,දෙමව්පියන් සමඟ පැමිණෙන ළමයින්ට රුපියල් 200 ක ටිකට්පතක් නිකුත් කරයි.
ජායාරූප - අනිෂා එස් මාගමගේ
![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/112.jpg)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/215.jpg)
![9[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/911.jpg)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/313.jpg)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/411.jpg)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/513.jpg)
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/613.jpg)
![7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/712.jpg)
![8[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/81.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා, ඕක 2008 වැඩ පටන් අරන් ගිය අවුරුද්ද වෙද්දී සැහෙන වැඩ ඉවර වෙලා තිබුන එකක්. ලජ්ජා නැතුව බෝර්ඩ් එකේ දැන් ඉන්න අයගේ නම් ගහගෙන! විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ (බ)
යහපාලනයෙන් මෙතරම් ඉක්මනට සෆාරි උද්‍යානයක් ඉදිකරලා දුන්නට තුති (බ)
බොහොම සන්තෝෂයි (නි)
ලංකාවේ අපිට හොඳ අත්දැකීමක් වේවි මේක. (නි)
මහින්ද කළ දේවල් ඒ විදියට ඉදිරියට ගෙනයාම ලොකු දෙයක්. (නි)
කවුද මේවා පටන් ගත්තේ? (නි)
දැයේ දු දරුවන්ට ගස්කොළන්, සතුන්ට ආදරය කරන්න පුරුදු කළොත් අපේ මේ මවුබිමම සෆාරියක් වනු නියතයි. (නි)
හරි පහසු කමක් දෙන්න බැරි නම් අර දෙහිවල දුක් විඳින සතුන් ටිකත් මෙතෙන්ට ගේනවා නම් නේද හොඳ? (ර)
මහින්ද මහත්තයා හදපු එකක්. (ර)
අැයි විදේශිකයන්ගෙන් වැඩිපුර? ඔවුන් මනුස්සයෝ නෙමේද? මම ඉන්න දුප්පත් රටෙත් කොහෙන් අවාත එකම ගාන.(කෞ)
විදේශිකයන්ගෙන් අසාධාරණ ලෙස අයකරනවා නම් එය වැරදියි. මේ වරද වහා නිවැරදි කරන්න (නි)