(තරිඳු ජයවර්ධන සහ ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව කීවේ එම ප්‍රතිපත්තිය ගැන දැනුම්දීම සඳහා පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ජාතික සමගිය සහ සංහිඳියා කාර්යංශය (ඔනුර්) 2015 සැප්තැම්බර් මාසයේ පිහිටවනු ලැබූ අතර එහි සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ හිටපු ජනාධිපතිනියයි. රාජ්‍ය නිලධාරීන්, අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, පළාත් සභිකයන්, සිවිල් සාමාජ සාමාජිකයන් ඇතුළු පාර්ශව ගණනාවක් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ජාතික සමගිය සහ සංහිඳියා කාර්යංශයේ මෙහෙයවීමෙන් මෙම ප්‍රතිපත්තිය සකස් කර තිබේ.
සංහිඳියාව කියමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් කරන බවට ඇතැමුන් චෝදනා කළ ද සත්‍ය වශයෙන්ම සිදු වන්නේ අනාගතයේ දී ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඒම වැළැක්වීමේ වැඩපිළිවෙළක් බව හිටපු ජනපතිනිය ප්‍රකාශ කළාය.
කිසිවෙකුටත් පහත් කොට සැලකීමකින් තොරව රටේ සියලු පුරවැසියන්ට සහ පුද්ගල කණ්ඩායම් සඳහා සම්පූර්ණ සිවිල් හා දේශපාලනික හිමිකම් සමානව ලබා දෙන බවට සහතික වීමට රජය විසින් සෑම ප්රයත්නයක්ම දැරිය යුතු බව ජාතික සංහිඳියා ප්‍රතිපත්තියේ සඳහන් වෙයි.
ජාතික ඒකාබද්ධතා සහ ප්රතිසන්ධාන අමාත්‍යංශය, ජාතික සහජීවනය පිළිබඳ සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුණරුත්ථාපන, නැවත පදිංචිකිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය සහ සංහිඳියාව පිළිබඳ යාන්ත්‍රණ සම්බන්ධීකරණය කිරීම සඳහා වන ලේකම් කාර්යාලය එක්ව මෙම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බව ද යෝජනා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංශයේ ජනාධිපති වුන මැකෝනි බැන්දේ තමාගේ ගුරුවරිය. මේ සිද්ධියෙන් බටහිර යුරෝපා සංස්කෘතිය කොතරම් පහළ තැනට වැටිලද කියන කාරණය පැහැදිලියි. මෙයාලා ලංකාව ඒ තැනට ගන්න සංහිඳියාව උගන්වන්නේ අපිට...
මෙයාගේ කතා දැන් වැඩක් නැත...
මේවට වෙනම ප්‍රතිපත්ති ඕන නැහැ. මගේ කාර්යාලයේ ලොක්කා දෙමල... මම එයා දෙමල වුණා කියල ගරු නොකර ඉන්නේ නැහැ. එයා මට පවරන වැඩ ටික කරනවා. මෙයා අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න යන්නේ.... මහා ජාතිය පිරිහෙනවා නම්... සුළු ජන කොටස් වලට සෙතක් වෙන්නේ නැහැ. මහා ජාතියට ගරහල සංහිඳියාව කරන්න බැහැ. ව්‍යවස්ථාවෙන් රටේ බුද්ධ ධර්මයට තියෙන තැන ඉවත් කරලා, එයාලව අවුස්සලා, මහා ජාතියට ගරහල තියෙන තැන නැති කරලා , තව තවත් වෛරය පතුරවන්න එපා. මහා ජාතිය පිරිහෙන එක,... කුපිත වෙන එක නවත්තන්න. මහා ජාතිය කුපිත කරවන ප්‍රකාශ කරන දේශපාලකයෝ ඉවත් කරන්න. එතනම සංහිඳියාව ඇති වේවි.... සාමාන්‍ය ජනතාවට ඔය ප්‍රශ්න නැහැ, සමගියෙන් ඉන්නවා ... ඇත්ත දකින්න මෙයාලට බැහැ, පාරක පයින් යන්නේ නැහැ, බස් එකක නැගල ගමනක් බිමනක් යන්නේ නෑ, සාමාන්‍ය කඩයකට ගොඩ වෙන්නේ නැහැ... සමාජය විනිවිද දකින්න මෙයාලට බැහැ.... තම තමන්ගේ සිහින ලෝක වල දකින දේවල් ඇත්ත කියල හිතාගෙන, වටේට ඉන්න අවස්ථාවාදියෝ කියන දේවල් අහල, අනවශ්‍ය වැඩ කරනවා....
ජාතික සංහිඳියාව කෙසේවෙතත්, මෙය වෛරය පතුරුවන්න නම් දක්ෂයි.
ඔබ වරක් රට කළ බව ඇත්ත. නමුත් ඒ කර්තව්‍යය හරියට කළාද යන්න බොහෝදෙනෙකුට ඇත්තේ කුකුසක්. ඔබේ පාලන කාලය තුලදී අනවශ්‍යය පුද්ගලයින් "නලවන්න හා පිනවන්න" ඔබ විසින් ගෙන තිබූ කාලයෙන් බිඳක් මේ සඳහා යොමු කලේනම්, මේ ප්රශ්නය දැනටමත් විසඳි හමාරයි. සංහිඳියාව හා ජාතික සමගිය ඇති කිරීමේ කාර්යභාරය ඇත්තෙන්ම පවරන්න තිබුණේ සමාජ විද්‍යා හා මනෝ විද්‍යාඥයින්ටයි. නමුත් ඔබ වැඩ කළේ නළුවන් හා නුගතුන් හා චන්ඩින් සමඟයි. ඔය යන මග ඔය කියන සංහිඳියාවක් ඇති බව හැකිනම් ඔප්පු කරන්න. යථාර්තය සිහින වාග් මාලාවකින් වසා දමන්න උත්සාහ කරන්න එපා.
අපි ගවර්න්මන්ට් ගවර්න්මන්ට් කිව්වට එ්කත් පෙටිකොට් ගවර්න්මන්ට් වගේ?
සංහිඳියාව යනු සිංහලයාට විලංගු දමා සුළුජාතීන්ට උපරීම නිදහස ලබා දීම නොවේ. රටේ සියලු පළාත්වල එක හා සමාන නීතිය හා සාමය මෙන්ම සියලු රටවැසියනට එක හා සමාන අයිතිවාසිකම් මෙන්ම ඕනෑම පළාතක ජීවත්වීමේ හා ඕනෙම පළාතක නිවසක් තනා ගැනීම, ඉඩමක් මිලදී ගැනීම යන අයිතීන් තමන්ගේ ආගම ඇදහීම ඒ සදහා අවැසි පන්සල්, කෝවිල්, පල්ලි යන සියල්ල පිහිටවා ගැනීම සියලු පළාත්වල ඇති සියලු පුරාණ ආගමික ස්ථාන නගා සිටුවීම ඒ ස්ථාන වල වැඩවසන පුජක තුමන්ලාට නිදහසේ දෛනික කටයුතු කරදීමේ අයිතිය හා පිටපළාත්වල ජනයට තම ආගමික ස්ථාන නිදහසේ වැඳපුද ගැනීමේ අයිතිය හා ආරක්ෂා කිරීම සියලු පාසැල වල (ජාතීන් අනුව වෙන වෙනහෝ එක්ව පැවැත්විය හැකි ) ඉගෙනීමේ අයිතිය හා ඕනෙම දරුවෙකුට රටේ ඕනෙම විශ්ව විද්‍යාලයක ඇතුල් වීම හා ඔවුන්ගේ ජාතික උරුමයන් හා කලාවන් එලි දැක්වීම සදහා නිදහස මෙන්ම අන් අයට ඒ සදහා විරුද්ධ නොවීමේ නීතිමය පසුබිම සැපයීම රටේ පැවැති ජාතීන් අනුව සියලු ආයතන වල මෙන්ම මගේ ප්‍රවාහන වල නාමයන් සියලු භාෂා මගින් පෙන්නුම් කිරීම යන මුලික අවස්ථා සියල්ල ඉටුවිය යුතුය. අද සුළු ජාතීන්ට රටේ ඕනෙම තැනක මේ සියලු දෑ ලබාගැනීමේ පහසුව තිබුණාට සිංහලයාට මේ සියල්ල අහිමි වී ඇත.
මා පැවසීමට අදහස් කල දේ සෞදි ශාන් පැහැදිලිවම ප්‍රකාශ කර තිබේ. අද නැගෙනහිර හෝ උතුරේ බෞද්ධ විහාරස්ථාන වැඩි දියුණු කිරීම් ඒ පළාත් සභා මගින් තහනම් කර ඇත. හොඳම නිදසුන මානික්කමඩු සිද්ධියයි. මෙයාගේ ඇසක් නැති බැවින් මෙවැනි පුවත් දකින්නේ නැතුව ඇති. කාත්තන්කුඩියේ එළාරගේ පිළිරූ ඇත. මේ වැනි දේ කිරීම සිංහලයාට තහනම්ය. ජාතික සංහිදියා කර්යාංශයට බෞද්ධ කටයුතු අමාත්‍යාංශයක් නැත. ඇත්තේ හිටපු ජනපතිනියද ඇතුළුව සිංහල විරෝධී පිරිසක් පමණි. හිටපු ගරු බණ්ඩාරනායක අගමැතිනියට මා ගරු කරන බැවින් මේ සිංහල ද්‍රෝහී අයවලුන්ට කිව යුතු දේ කිව නොහැක. මෙවැනි පුවත් පළකිරීම ගැන ලංකාදීපයට තුති.!!!
හිතේ වෛරය පිරිමහන්න. රටේ විනාශය ඔබට පෙනේවා.
රට අරාජිකත්වය කිරීමට මුුල් වුණ කෙනෙක් මේ... මුලින් ම රනිල් ඉන් පසු මහින්ද දැන්...?