රජයේ සහනාධාර පොහොර මිටි 150 ක් වංචා කළැයි කියන සිද්ධියක් සමිබන්ධයෙන් හොරොවිපොතාන පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ  කෘෂි පර්යේෂණ නිළධාරියෙකු සහ ගොවීන් තිදෙනෙකු ජුනි මස 2 දක්වා රිමාන්ඩ් කරන ලෙස කැබිතිගගොල්ලෑව වැඩ බලන මහේස්ත‍්‍රාත් නිලූකා ප‍්‍රියදර්ශනී මහත්මිය අද (31) නියෝග කලාය.

මෙසේ රිමාන්ඩ් කළේ හොරොවිපොතාන කපුගොල්ලෑව ගොවි ජන සේවා මධ්‍යස්ථානවය අනුයුක්තව සේවය කරන කෘෂි පර්යේෂණ නිළධාරියෙකු වන ඩබි.කේ. සරත් වික‍්‍රමතිලක සහ දුටුවැව කපුගොල්ලෑව පදිංචි ඩබ්. සුමුදු තරංග විමලසිරි, කේ.පී.එස්.ගුණපාල සෙනවිරත්න සහ කපුගොල්ලෑව අඔගස්වැව පදිංචි ආර්.සී.ආරි.කුමාර යන ගොවීන් තිදෙනාය.