නේපාලයේ පසුගියදා ඇති වූ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවගේ සහන සේවයට නේපාලයට පිටත්ව ගොස් නැවත පැමිණි හමුදා කණ්ඩායම පිළිගැනීම හා ඔවුන්ගේ සේවාව ඇගයීමේ උත්සවයක් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඒ ඩබ්ලිව් ජේ සී ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේ දී පැවැතිණි.

යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදාවම නියෝජනය කරමින් සහන සේවයට ගිය නිලධාරීන් මෙන්ම සෙබළුන් ද මෙහිදී විශේෂ උපහාරයට ලක්වූ අතර ස්වේච්ඡාවෙන් ඒ සඳහා ඉදිරිපත්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය නිලධාරීන් සිව්දෙනකුට හමුදාපති සම්මාන පිරිනැමීය.

මෙම සහන කණ්ඩායමේ ප්‍රධානියා වූයේ යුද හමුදා මේජර් ජනරාල් මෛත්‍රී ඩයස්ය.

RDS_7406 RDS_7429 RDS_7458 RDS_7464

RDS_7452 RDS_7471