ඇතිවී තිබෙන තත්ත්වයට මුහුණදෙමින් විපතට පත් ජනතාවගේ සුබසාධන කටයුතු සඳහා මේ වන විට යුධ, නාවික, ගුවන් ති‍්‍රවිධ හමුදාව සේම පොලීසිය, ප‍්‍රාදේශීය ලේකම්වරු, දිස්ති‍්‍රක් ලේකම්වරු මෙන්ම ක්ෂේත‍්‍ර නිලධාරින් රාජ්‍ය සේවකයින් ඇතුළු සියලූදෙනාම ජීවිත පරිත්‍යාගයෙන් කරන කැපවීම තමා ඉතාමත් අගය කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙල පිළිබඳව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (19) විශේෂ ප්‍රකාශයක් කරමින් එසේ කීවේය.
‘අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකම සිදුවූ ගංවතුර ගැලීම්, නාය යාම් සහ වෙනත් ආපදා තත්ත්වයන් නිසා සිදු වූ ජීවිත අහිමිවීම් අතුරුදහන්වීම් සහ දේපළ විනාශවීම වගේම දැනට අවතැන් කඳවුරුවල සිටින සෑම කෙනෙකුටම මේ අවස්ථාවේ රජයේ බලවත් කණගාටුව ප‍්‍රකාශ කරනවා. මේ තත්ත්වය සැළකිල්ලට ගනිමින් මේ සිදුවන සිදුවීම් සහ හෙට දවසේ තත්ත්වයන් පිළිබඳව අපට ලැබෙන තොරතුරු සමග අපි රජයක් විදිහට කොටස් තුනකින් කි‍්‍රයා කිරීමට බලාපොරොත්තු වෙනවා.
පළමු කාර්යය තමයි දැනට ඇති වී තිබෙන මෙම පීඩාකාරී තත්ත්වයට මුහුණ දී සිටින ජනතාව වෙනුවෙන් උපරිම සුබ සාධන කටයුතු සැලසීම. දෙවැනි කාර්යය මෙම අයපහත් කාලගුණ තත්තවය සමග වර්ෂාව තව තවත් වැඩි වුවහොත් ඊට මුහුණදීම සඳහා සූදානම්වීම. තුන්වන කාරණය තමයි මේ අයපහත් කාලගුණ තත්ත්වය යථා තත්ත්වයට පත්වීමෙන් පසුව මේ පීඩාවට පත් වූ ජනතාවගේ නිවාස ඉදිකිරීම්, සෞඛ්‍ය පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් කියන එම කටයුතු ස`දහා රජයේ ප‍්‍රමුඛ මැදිහත්වීම තුළ එම කාර්යයන් ඉටු කිරීම.
ඒ නිසා මේ සියලූම කටයුතු සම්බන්ධයෙන් රජය දැඩි වගකීමකින් වගකීම් සහ යුතුකම් ඉටු කරන බව ප‍්‍රකාශ කරන්න ඕන. ඒ එක්කම මම තවත් යමක් ප‍්‍රකාශ කළ යුතුයි මේ තත්ත්වයෙන් පීඩාවට පත්වී සිටින ජනතාවට ආහාර, සෞඛ්‍ය පහසුකම්, තාවකාලික නවාතැන් පහසුකම් ඒ කටයුතු සළසාදීම පිළිබ`දව රජය කටයුතු කරනවා වගේම අපේ රටේ පොදු මහජනතාව, ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ පරිත්‍යාගශීලින්, රාජ්‍ය නොවන සංවිධාන ඒ සෑම කෙනෙක්ගෙන්ම ඉතා ගෞරවයෙන් සහ කාරුණිකව මම ඉල්ලා සිටිනවා විපතට පත්වූ ජනතාවට ලබාදිය හැකි පරිත්‍යාග උපරිම මට්ටමින් ලබාදෙන ලෙස‘ යැයි ජනපති පැවසීය.
ජනපති වැඩිදුරටත් මෙසේ පැවසීය.
‘අපි රජය විදිහට මේ වන විට ඒ සම්බන්ධයෙන් කළහැකි සියලූ දේ අඩු පාඩුවක් නොමැතිව ඉටු කිරීම සඳහා කැපවී සිටිනවා. නමුත් බොහෝවෙලාවට මෙවැනි ගැටලූවකදි ඇතිවන චෝදනා, දෝෂාරෝපණ, විවේචන වළක්වා ගැනීමට පුළුවන්කමක් නැහැ. නමුත් එම චෝදනා, විවේචන සහ දෝෂාරෝපණ හැකිතරම් අවම කර ගැනීම සඳහා රජය පූර්ණ කැපවීමකින් කටයුතු කරනවා වගේම මා පෙර කී පරිදි මේ සඳහා ඉදිරිපත් වන පරිත්‍යාගශීලි ජනතාවගෙන් මා නැවත නැවතත් ඉල්ලා සිටිනවා එම ප‍්‍රදේශවල ජනතාවට සිදුකළ හැකි පරිත්‍යාග සහ සහන සලසාදීම සඳහා එක්වන ලෙස.
ඒ වගේම අපි මීට පෙර මහජනතාවට දැනුම් දුන්නා මේ සම්බන්ධයෙන් තිබෙන යම් අපහසුතාවයන්, ඒ වගේම සේවාවන් සිදු නොවන ස්ථාන තිබෙනවානම් ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන විශේෂ ඒකකයේ අංක 1919 දුරකථන අංකය ඔස්සේ අපිට දැනුම් දෙන්න කියලා. ඒ කරන පැමිණිලිවලින් පෙනී යන්නේ ඇතැම් ප‍්‍රදේශවල මේ පීඩාවට පත්වූ ජනතාවට සහන සැළසීම සඳහා ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගේ සම්බන්ධතාවල අඩුවක් තිබෙන බව.
එයින් අදහස් කරන්නේ නැහැ එම චෝදනාව සියලූ දෙනාටම තිබෙනවා කියලා. බොහෝ ප‍්‍රදේශවල පාර්ලිමේන්තු මැති ඇමතිවරු, පළාත් පාලන මැති ඇමතිවරු ඒ සඳහා විශාල කැපකිරීමකින් කටයුතු කරනවා. නමුත් ඇතැම් ප‍්‍රදේශවල එවැනි චෝදනාවකුත් තිබෙනවා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා දේශපාලන පක්ෂ බේදයකින් තොරව ඒ සියලූම ප‍්‍රදේශවල දේශපාලන නායකත්වය ගෙන කටයුතු කරන සෑම කෙනෙක්ම මේ පිළිබ`ද මැදිහත්වෙලා විපතට පත් ජනතාවට සහන සැළසීමට මූලිකත්වය ගන්න කියලා. යම් අඩු පාඩු තිබෙනවනම් අප වෙත දන්වන්න කියන එක ඉතා කාරුණිකව මම ඉල්ලා සිටිනවා‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෝ පස්සේ අන්ධයෝ වගේ යන, සුළු ලාභයට ඕනෑම දෙයක් පාවාදෙන මිනිස්සු ඉන්න රටක, උදේ හවස බණ ඇහුවට පන්සල් ගියාට අධ්‍යාත්මික දියුණුව ඇතිවෙන්නෙ නැහැ. එකිනෙකාට බොරුකීමයි, බොරු කිරීමයි, හොරු ආරක්ෂා කිරීමයි නවතා පොරොන්දු වූ පරිදි වැඩ කරන්න. සත්‍ය තෝරාගන්න මනසක් ඇතිකරගෙන එතුළින් අධ්‍යාත්මික දියුණුව ඇතිකරන්න. (නි)
විශේෂ ප්‍රකාශ කර කර ඉඳලා හරියන්නෙ නැහැ මහත්තයෝ (නි)
චානක මධුසංක, මම ඉන්න රටේ දේශපාලකයෝ නම් ලංකාවට වඩා හාත්පසින් වෙනස්. මම ලංකාවේ ප්‍රාදේශීය සභා වලට සමාන කවුන්සිල් එකට යනවා බලන්න. පුදුම වැදගත්කමක් තියෙන්නේ ඒ සභාවේ. අඳින හැටි, ගෞරවනිය ලෙස තර්ක කරන හැටි සහ තමන්ගේ මිනිසුන් ගැන සිතන හැටි. ඊටපසු පයින්, බයිසිකල් වලින් සහ තමන්ගේ වාහන වලින් සිනහ මුවින් නිහතමානිව ගෙවල් වල යන හැටි. මේ රටවල් දියුණු යැයි කියන්නේ ඇයිදැයි තේරෙන්නේ එතකොට. (නි)
ජනපතිතුමනි, අපේ රටේ මිනිසුන්ට අනුන් කෙරෙහි අනුකම්පාවක් නැහැ. සමහරු බලන්නේ මේ අවස්ථාවෙන් තමාගේ ගොඩ වැඩිකර ගන්න. මේ අදහස් කියවනකොට තේරෙයි මිනිසුන්ගේ අනුකම්පාවේ තරම. ණයට ඉල්ලා කන්න දුන්නත් මේ වගේ මිනිසුන්ගෙන් උදව් බලාපොරොත්තු වෙන්න එපා (නි)
දැන් හරි. සියලු ප්‍රශ්න අවසන්. අද ඉඳලා සියල්ල යථා තත්වයට පත්වෙනවා. (නි)
මේ තරම් දෙයක් වෙලත් කෝ අර බටහිර යාලුවෝ ටික? මහින්ද හිටියා නම් චීනයෙන් බඩු මල්ලක් මෙලහකටත් ලැබිලා. (නි)
ප්රකාශ වලින් තොර දේශපාලනයක් නොමැත (නි)
චතුරි, ඔබගේ අදහස කොහෙත්ම නිවැරදි නැහැ. ලංකාවේ මිනිස්සු අන් අයගේ දුකේදී පිහිටවෙන හැටි අපි දැකලා තියෙනවා. ඔයා මේ රටේ ජීවත්වෙන කෙනෙක් වෙන්න බැහැ. (නි)
ඔබතුමාට ජන්දේ දීපු කෙනෙක් හැටියට ගෞරවයෙන් කියන්නේ මෙහෙම විශේෂ ප්‍රකාශ කරන්න එපා හැමදාම. මිනිස්සු කලකිරිලා ඉන්නේ. (ම)
මිනිස්සු ඔබතුමාව පත්කෙරුවේ සහන සළසන්න තමයි. අද ඔබ වෙනුවෙන් කැපවූ මිනිස්සු අසහනයට පත්වෙලා. (නි)
අපි ලෝකයේ මෙතරම් තනි වුණා දැක්කමයි. ඉන්දියාවෙන්වත් මොකුත් නැහැ. (නි)
උෂාණි, චතුරිට දුක තියෙන්නේ අවතැන්වුණ මිනිස්සු ගැන නොවේ. (නි)
ලංකාව වගේ මිනිස්සු වෙන කොහෙවත් නැහැ. බලන්න රජය දෙනවට වඩා තමන්ගේ මුදලින් සහන දෙන හැටි. මේවා දැකලා වැට් බද්ද තවත් වැඩි කරයිද දන්නේ නැහැ . සුඛෝපභෝගී කාර් නැතුව ජනතාවට සේවය සළසන්න බැරි දේශපාලකයන් සිටින රටේ කෝටි 150 වත් වෙන්කිරීම ලොකු දෙයක්. (නි)
මෙහෙම විශේෂ ප්‍රකාශ කළා කියලා අවතැන්වූවන්ට ලැබෙන දේවල් මොනවාද? (නි)
මහජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට මැදිහත්වීම මීට වඩා අපි බලාපොරොත්තු වුනෙමු. (ර)
ගයාත්‍රි, බොරු කියන්න එපා. (ර)
විදෙසගත් අපිත් නොයකුත් මාර්ගවලින් සහන සැලසුවා. (ර)
හැබැයි බිම් මට්ටමේ සංවිධාන ශක්තිය නම් අන්තිමයි (නි)
මෙහෙම වෙලාවක නැති උදවු වලින් වැඩක් තිබෙනවද? (නි)
විශේෂ ප්‍රකාශ කර කර ඉන්න එක තමා හැමදාම කරන්නේ. උදවු කරන්න ඕනෑකමක් තිබුනා නම් තමුන්ගේ සැප කාර් ටික විකුණලා සල්ලි අරණායක මිනිසුන් අතර බෙදා දෙන්න දේශපාලකයන්ට තිබුනා (නි)
විශේෂ ප්‍රකාශ වලින් වැඩක් නැහැ, ක්‍රියාත්මක වෙන්නයි අවශ්‍ය. (ර)
බදු ගහනවා විතරද? ජනතාවට සහන නැද්ද? දේශපාලකයන්ට කාර් ගන්න මිලියන 600 යි. රටේම අවතැන්වූවන්ට මිලියන 150 යි. වෙනස කොහොමද? (නි)
1919 ට කෝල් එකක් අරගන්නකොට ගිලිලා ඉවරයි. විශේෂ ප්‍රකාශ නොකර අඩුමතරමේ මේ මිනිසුන්ට කෑම දෙන්න ක්‍රමයක් හදන්න (නි)