(ඩයනා උදයංගනී)
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිම රටකින් බලපෑමක් එල්ල වී නැති බවත්, ජනතාවට සහන පැකේජයක් ලබාදුන්නේ කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අරමුණින් නොවන බවත් සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
පළාත් සභා මැතිවරණය පිළිබඳ කිසිම සාකච්ඡාවක් මේ වන විට ආණ්ඩුව තුළ නැතැයි කී ඇමතිවරයා මැතිවරණය පැවැත්වීමේදී විදේශ රටවලින් එන බලපෑම්වලට යටත්වෙන්නේ නැතැයි ද සඳහන් කළේය.
සහන පැකේජය ලබාදීමේ එකම අරමුණ උද්දමනයෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් ලබාදීම පමණක් බව ද ඇමතිවරයා කීවේය.
ඇමති ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ මෙයා මොකද මේ අරයට සීනි කිරන්නේ?ඔව් අපිට තේරෙනවා .සහන පැකේජ දෙන්නේ අත පය කසන නිසා කියලා අපිට දැන් පැහැදිලියි
හපෝ නැහැ ඔය වැඩිපුර අච්චු ගහපු සල්ලි නේ බෙදන්නේ
අනේ එහෙමද අපි ඔබතුමාව විශ්වාස කළා .චන්දයක් තිබ්බොත් බලාගන්න පුළුවන් ඔයාලගේ රට කෙරිල්ල
සහන පැකේජය දෙන එක හොඳ වැඩක්. එතකොට දුප්පත් ජනතාවට සහනයක් ලැබේවි. රජයේ වැටුප් වැඩිකිරීමත් හොඳයි. එවිට ඒ අයත් ගොඩ. එතකොට ඔය ගොඩවල් දෙකටම නොවැටෙන අපි වගේ මධ්‍යම පන්තියට ඔබතුමාලා ගොවිතැන විනාශ කිරීමෙන් බඩු මිල වැඩිවීම නිසා දරන්න බැරිතරම් වැඩිවුණු බඩු මිලට මොකද කරන්නේ...?
කට ඇරියොත් කියන්නේ බොරු...
මහත්තයෝ... ඔයාලා කියන දේ ඔයාලාටවත් තේරෙන්නේ නෑ. මුදල් අච්චු ගසා පඩි වැඩි කරනවා වෙනුවට හාල්, පොල්, සීනි, පරිප්පු වැනි අත්‍යාවශ්‍ය ආහාර සඳහා සහනාධාර ලබාදීමයි මොල 7ට කරන්න තිබුනේ... රටට ගිය කලක්...!
ඔබතුමා මොනවා වුණත් ඇත්ත කියනවා. මේක ඡන්දෙට නෙවෙයි කියන එක හරි.. ඡන්දෙට ඔයිට වඩා දෙනවා කියලනේ ඔයා වහෙන් ඔරෝ කියන්නේ. ඒත් මෙදාපාර ඕවා හරියන්නේ නැහැ.
මිනිසුන් ගොනාට අන්දවන මේ මිනිසුන්...
ඡන්දෙට නොවෙයි නම් වැඩිපුර අච්චුගහපුවා බෙදනවද.?