IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සහන දෙන්න යන්න මැති ඇමැතින්ට ඉඩ

ගංවතුරෙන් හා නාය යෑමෙන් විපතට පත්වූවනට සහන සැලසීම සඳහා ගම් පෙදෙස්වලට යෑමට මැති ඇමැතිවරුන්ට ඉඩ සලසමින් පාර්ලිමේන්තුව අද (19) 12.30ට කල් තැබිණි.

මේ අතර පසුගිය 5 වැනිදා පරිපූරක ඇස්තමේන්තුවක් සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීම සිකුරාදා (20) යළි පැවැත්වීමට කථානායක තීරණය කරයි.

එම ඡන්ද විමසීම වැරදි බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කියා සිටියහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ සභාවේ දී කථා කිරීමටත් අඩුපාඩු පෙන්වා දීමටත් හැම මන්ත්‍රීවරයකුටම අයිතියක් ඇති බවයි. එහෙත් චණ්ඩි කථාවලට ඉඩක් නොතැබිය යුතු බවත් එවැනි චණ්ඩින් සිටීනම් ඔවුන් ඉවත් කර සභාවේ කටයුතු කරගෙන යා යුතු බවත් අගමැති කීවේය.

 



අදහස් (0)

සහන දෙන්න යන්න මැති ඇමැතින්ට ඉඩ

මංගල වේලාරත්න Thursday, 19 May 2016 08:24 AM

රනිල්ගේ කතාව හරි. චණ්ඩින්ට ඉඩදෙන්න එපා. ඊනියා විපක්ෂය චණ්ඩිකමින් හැසිරෙනවා වැඩිබව පේනවා. 2015 ට කලින් හැසිරීම් තවම තිබෙනවා (නි)

:       0       0

බෙන්තර මහේෂ් Thursday, 19 May 2016 09:12 AM

පත්තිනි බලන්න යන්න නම් ඔය නිවාඩු ඕන වුනේ නෑ. හැබැයි ගංවතුරෙන් පීඩාවට පත්වුණා අසරණ මිනිස්සුන්ව බලන්න කතානායක කියනකම්ම ඉන්න ඕනේ. බලන්නකෝ ජවිපෙ ඔය එක නිවාඩුවක්වත් නැතුව ඇවිත් ජනතාව වෙනුවෙන් හරි හරියට වැඩ කරනවා කොළඹ අවට අපි දැක්ක තැන්වල (බ)

:       0       0

සිසිර Thursday, 19 May 2016 10:36 AM

කව්රු හෝ කමක් නැත අපේම ජනතාවට සහන සැලසිය යුතුය. (ර)

:       0       0

උපාලි Thursday, 19 May 2016 10:52 AM

කඩුවෙල පැත්තේ ගං වතුරට අහුවෙලා පීඩාවට පත්වුන අය ටීවී එකෙන් කියනකොට අපිව බලන්න කිසිම මන්ත්‍රීවරයෙක් ආවේ නෑ කියල එත් මං කල්පනා කළා ඇයි කියල. බැලුවහම මේකනේ කාරණේ. (ර)

:       0       0

රජිත් මංජුල Thursday, 19 May 2016 12:57 PM

අපි ලංකාවේ ඉද්දි ගං වතුරට අපේ ගෙවල් නිතර යටවෙනවා එත් කවදාවත් ප්‍රාදේශීය සබා මන්ත්රිවරයෙක්වත් අපිට පාන් බාගෙකින්වත් උදව්වක් කරලා නෑ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site