ගංවතුරෙන් හා නාය යෑමෙන් විපතට පත්වූවනට සහන සැලසීම සඳහා ගම් පෙදෙස්වලට යෑමට මැති ඇමැතිවරුන්ට ඉඩ සලසමින් පාර්ලිමේන්තුව අද (19) 12.30ට කල් තැබිණි.
මේ අතර පසුගිය 5 වැනිදා පරිපූරක ඇස්තමේන්තුවක් සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීම සිකුරාදා (20) යළි පැවැත්වීමට කථානායක තීරණය කරයි.
එම ඡන්ද විමසීම වැරදි බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කියා සිටියහ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ සභාවේ දී කථා කිරීමටත් අඩුපාඩු පෙන්වා දීමටත් හැම මන්ත්‍රීවරයකුටම අයිතියක් ඇති බවයි. එහෙත් චණ්ඩි කථාවලට ඉඩක් නොතැබිය යුතු බවත් එවැනි චණ්ඩින් සිටීනම් ඔවුන් ඉවත් කර සභාවේ කටයුතු කරගෙන යා යුතු බවත් අගමැති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ කතාව හරි. චණ්ඩින්ට ඉඩදෙන්න එපා. ඊනියා විපක්ෂය චණ්ඩිකමින් හැසිරෙනවා වැඩිබව පේනවා. 2015 ට කලින් හැසිරීම් තවම තිබෙනවා (නි)
පත්තිනි බලන්න යන්න නම් ඔය නිවාඩු ඕන වුනේ නෑ. හැබැයි ගංවතුරෙන් පීඩාවට පත්වුණා අසරණ මිනිස්සුන්ව බලන්න කතානායක කියනකම්ම ඉන්න ඕනේ. බලන්නකෝ ජවිපෙ ඔය එක නිවාඩුවක්වත් නැතුව ඇවිත් ජනතාව වෙනුවෙන් හරි හරියට වැඩ කරනවා කොළඹ අවට අපි දැක්ක තැන්වල (බ)
කව්රු හෝ කමක් නැත අපේම ජනතාවට සහන සැලසිය යුතුය. (ර)
කඩුවෙල පැත්තේ ගං වතුරට අහුවෙලා පීඩාවට පත්වුන අය ටීවී එකෙන් කියනකොට අපිව බලන්න කිසිම මන්ත්‍රීවරයෙක් ආවේ නෑ කියල එත් මං කල්පනා කළා ඇයි කියල. බැලුවහම මේකනේ කාරණේ. (ර)
අපි ලංකාවේ ඉද්දි ගං වතුරට අපේ ගෙවල් නිතර යටවෙනවා එත් කවදාවත් ප්‍රාදේශීය සබා මන්ත්රිවරයෙක්වත් අපිට පාන් බාගෙකින්වත් උදව්වක් කරලා නෑ. (ර)