විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද (27) කඑතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙම රැස්වීමට ඇමතිවරු පස්දෙනෙක් සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සමග ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුද කඑතර දිස්ත්රික් ලේකම්වරයා සහ ත්රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුඑ ආරක්ෂක අංශ ප්රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව කරපු දෙයක් නැහැ. 2016 දී මටත් අලාභහානි සිදුවුණා නමුත් මට ලැබුනේ 15,000 ක් විතරයි. කරන්න බැරිදේ කතා කරන්න එපා ...
ජනාධිපතිතුමනි, වාහන අරමුදලක් රජයේ අනුග්රහයෙන් පිහිටුවනවා වගේ ජනතා සහන අරමුදලකුත් පිහිටුවීමට කටයුතු කරන්න..
පත්තරෙන් විස්තරේ දැකලා වෙන්න ඇති මේ හදිසියෙම මීටින් එකක් ගන්නෙ... නැත්තන් ඉතින් මේ රටේ වෙන දේවල් ගැන කිසිම දෙයක් දන්නවාද?
රජය ඉක්මණින් ගංවතුර සහන අරමුදලක් පිහිටුවා ගතහොත් ආධාර ලබා දීමට ජනතාව කැමැත්තෙන් ඉන්නවා. ඉක්මණින් ගංවතුර සහන අරමුදලක් පිහිටුවා ජනතාවට සහන සලසමු.
මැති ඇමතිවරුන්ට වාහන ගන්න කෝටි 25 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාස් කරලා... දැන් මෙතන ගං වතුරෙන් දුක් විඳින මිනිස්සු වෙනුවෙන් සාකච්ඡා තියනවා....
කටින් බතල කොළ හිටවන්න පුළුවන් වුණාට අහිංසක ජනතාව වෙනුවෙන් දැන් කරන්න දෙයක් නැහැ.. ඒත් ඇමැතිවරුන්ට කෝටිගණන් වාහන, නිවාස ගන්න ඉක්මණින් සම්මත කරනවා. ඒ ගැන හරිම කණගාටුයි.