306 c2 සිංහ දිස්ත්‍රික්කයේ 2014/15 වර්ෂයේ නව සිංහාධිපති ලෙසල මෙල්වින් ජෝන්ස් සම්මානලාභී අර්ජුන් අබේසිංහ දිව්රුම් දෙයිග කැනඩාවේ ඔන්ටාරියෝ හි  දින හතරක් පුරා පැවැති 97 වන ජාත්‍යන්තර සිංහ සමාජ වාර්ෂික සමුළුවේ අවසන් දිනය අදයි.

ධනාත්මක වෙනසක් සඳහා අවැසි නව සංකල්ප සමඟ සිංහාධිපතිවරයා සෙසු සිංහාධිපතිවරුන් ද සමඟ ලබන සෙනසුරාදා (12) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණිමට නියමිතය.

කොළඹ සිට මොනරාගල දක්වා ඇති සිංහ සමාජ 86 ක සිංහ සාමාජික සාමාජිකාවන් 2000කට පමණ නායකත්වය සැපයීමට හෙතෙම සුදුසුකම් ලබා සිටී.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද සිංහ අර්ජුන් 2005/2006 සිංහ වර්ෂයේ දම්පේ-පිළියන්දල සිංහ සමාජයෙන් සිංහ සේවාවට එක්විය.

 

LION