ශිෂ්‍ය නායක වැඩමුළුවක සහතික ලබා දීමට නම් පෝච්චියක රෝපණය කළ පළ දැරූ ගසක් ගෙන එන ලෙසට ගම්පහ ප්‍රථමික විද්‍යාලයයක ශිෂ්‍ය නායක නායිකාවන්ට දැනුම් දී ඇතැයි දෙමාපියෝ කියති.
පෝච්චියක රෝපණය කළ පළ දැරූ ගසක් රුපියල් දෙදහසකටත් වැඩි බවත්, ශිෂ්‍ය නායක නායිකාවන් අසූ දෙනාට පැළ අසූවක් සඳහා අවම වශයෙන් ලක්ෂ එකහාමාරකට වැඩි මුදලක් දෙමාපියන්ට වියදම් කිරීමට සිදු වන බවත්, පසුගිය වසරේ ද තාප්පයක් සෑදීමට බව කියමින් ශිෂ්‍ය නායකයන්ගෙන් රුපියල් පන් දහසක් එකතු කළ බවත් ඔවුහු පවසති.
මෙම පාසලේ පරිසර නියමුවන්ගෙන් මුදල් එකතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවආරච්චි මහතා එලෙස මුදල් එකතු නොකරන ලෙස පාසලේ බලධාරීන් දැනුම්වත් කර තිබිණි.
මේ ගැන කළ විමසීමකදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කීවේ මේ සිද්ධිය ගැන ද සොයා බලන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවෙක් පාසලට දාගන්න ලක්ෂ ගණන් දෙන කාලේ, එක අතකට මේ ඉල්ලීම සාධාරණයි (නි)
පළ දැරූ ගසක් නිතර දෙවේලේ දැකීම සුබ ඇති (නි)
ගෙදර පෝච්චියක මිරිස් පැලයක් හිටවලා අරගෙන යන්න. දැන් ඉන්න සිසුන් උදේ ඉඳලා රෑ වෙනතුරුම අන්තර්ජාලයේ ඉන්නේ. ඔය වගේ එකක්වත් කරන්න දන්නේ නැහැ (නි)
දසුන්, ඔයා කියන කාලේ ගුරුවරුන් කියන්නේ ජීවත්වෙන්න පුළුවන් වේතනයක් ලැබුන හවස පන්ති දාලා හරි විෂය නිර්දේශය විභාගයට පෙර සම්පුර්ණ කළ ගුරු දෙවිවරුන්!! ඔවුන් සිසු සිසුවියන්ගෙන් මුදල් ගැනීමක් අහලාවත් නැති, සද්භාවයෙන් යුත් පිරිසක්.දැන් ඉතින් ආර්ථික ප්‍රශ්න සමාජීය ප්‍රශ්න නිසා ඒ ආචාරධර්ම උඩුයටිකුරු වෙලා!! (නි)
දසුන්, එහෙම තිබුනේ ඒ කාලේ. දැන් කොහොමහරි සල්ලි හොයන එක තමයි කෙරෙන්නේ! (නි)
මිරිස් පළදාව ඇති පෝච්චියකට රුපියල් 100ක් වියදම් වෙන්නේ නැහැ. කට්ටියම ගිහින් දුන්නා නම් වැඩේ ඉවරයි. ආයෙත් ඉල්ලන්නේ නැහැ. (නි)
අපි අසුබවාදිව අදහස් දාන්න පළමුව හොයලා බලමු මොන විදිහේ පැලයක්ද පාසැල ඉල්ලලා තියෙන්නේ කියලා. සමහරවිට දරුවන් පරිසරය කෙරෙහි ලැදියාවක් ඇතිකරවන්න පාසැල මඟින් දරුවන්ට පෝච්චි වල පැල සිටුවන්නට උපදෙස් දී පසුව ඒවා පාසලට ගෙන එන්න කියනවද දන්නේ නැහැ. කෙසේ නමුත් හදිසියේ දෙමාපියන්ට විශාල මුදලක් වියදම්කර ඉස්තරම් පැල වර්ගයක් ගෙනෙන්න කියනවා නම් එය අනුමත කරන්න බැහැ. මොකද දුප්පත් දෙමාපියන්ට එය හදිසියේ දරාගන්න බැහැ. නමුත් සමහර පාසල්වල ඉන්නවා එහි කරන හැමදේම අසුබවාදීව දකින දෙමාපියන්. (නි)
පුදුම ලෝබ අයනේ! පළදරන ගහක් කොහොමද රුපියල් 2000ක් වෙන්නේ? ඒගොල්ලන්ට පුළුවන්නේ මිරිස් ගහක් ගෙනියන්න. ඕනෑ නම් රුපියල් 100ක් වේවි. (නි)
මට හිතාගන්න බැහැ මොන අදහසකින් එහෙම දෙයක් ඉල්ලුවද කියල. නමුත් ළමයෙකුට පුළුවන්කම තියෙන්න ඕන ගුරුවරයා යම් දෙයක් ඉල්ලුවම එ්ක ඉෂ්ට කරන්න. {අංගුලිමාල චරිතය සිහි කරන්න) ඵල දැරූ ගසක් කිවම මල් පැලයක් උවත් ගැලපෙනවා නේද. ඇයි මුදල් ගැනම සිහිකරන්නේ? ගුරුවරයාගේ ඉල්ලීමෙන් ළමයින්ට ගස් කොලන් වල වටිනාකම වැටහෙන්න ඕනා. (නදී)
මේවා විහිළු වැඩ. මේ ළමයි කොහොමද මේවා ගෙනියන්නේ? (නි)
ඕවා සල්ලි වලට ගන්න ඕනෑ නැහැනේ. තමුන්ට පුළුවන් පැලයක් හදාගෙන යන්න. අපිත් පොඩි කාලේ එහෙම පාසල ලස්සන කරන්න මහන්සි ගත්තා. දැන් ඒකත් ආණ්ඩුවෙන් කරන්නද කියන්නේ? (නි)
මෙතන මුදල් ලබාගැනීමක් ගැන සඳහන් වෙලා නැහැනේ. (නි)
මොනවා වුණත් සහතිකයක් නිකුත් කරන්න නම් මල් පෝච්චි ගේන්නේ කියපු එක වැරදියි. සහතික මුද්‍රණයට යන වියදම එකතු කරලා දෙන්න කිව්වා නම් තව කමක් නැහැ. (නි)
මාත් ගම්පහ. අපේ ගෙවල් වටේටම පාසල් තිබෙනවා. ඒත් මගේ ළමයා දාගන්න ගියාම එකකටවත් තේරුනේ නැහැ. දැන් ආණ්ඩුවේ පාසල් දෙකක් පසුකරගෙන පුද්ගලික පාසලකට යවන්න වෙලා තියෙන්නේ. ඔය කියන නිදහස් අධ්‍යාපනය කියන තරම් නිදහස් නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
ලක්ෂ එකහමාරම එකම සිසුවාගෙන් ගන්නේ නැහැනේ ඒ හින්ද කමක් නැහැ ඕක දීලා දාන්නයි තියෙන්නේ ලොබ නැතුව.(හේ)
කතාව ඇත්ත නම්, ඇයි විදුහලේ නම සඳහන් නොකරන්නේ, හැමෝටම දැන ගන්නත් එක්ක ගහක් ගෙන්න කියපු කෙනාගේ නමත් එක්කම පල කරන්න, (හේ)
මිනිස්සුන්ට දරාගන්න බැරි අනවශ්‍ය බරක් මේ වෙලාවේදී ඇතිවෙන්නේ.මෙවැනි යෝජනා සමහර දෙමාපියන් අනුමත කරන නිසා තමයි පොදුවේ හැමෝටම මේවාට මුහුණ දෙන්න සිදුවෙන්නේ.(හේ)
මේවැනි මුදල් අය කිරීම පාසල් වල තහනම් කරලා නෙමෙයිද තියෙන්නේ.(හේ)
නගරබද පාසල් වල කෘෂි වගාව ගැන ළමුන් දැනුවත් කරනවා මදි.අපි පාසල් යන කාලේ වෙනම කාල පරිච්ඡේදයක් තිබුණා පාසලේ ගෙවතු වගාවට. අපි තරඟෙට ඒ දවස්වල පැල හිටෙව්වේ. පළදාව එද්දී පාසල් වත්ත කොච්චර චමත්කාරද? ගුරුවරුන්ගෙන් ලැබුන සහයෝගය අපමණයි ඒ වැඩකටයුතු වලට. ඒකට දැන් ඉන්න ගුරුවරුත් එකයි, හැදෙන ළමයිනුත් එකයි (නි)
අනේ මෙහෙමත් කළක්.(හේ)
සමහරුන්ට ඕක නම් සුළු ගානක්. ඉතින් ඒ කියන අයට බැරියයි දෙන්න. (ර)
හොදට කරල්හැදිච්ච තුත්තිරි ගහක් පෝච්චියක හිටවලා මේ කට්ටියටත් ගිහින් දෙන්න (ර)
ඉස්සර අපි යන කාලේ නම් පාසල් වත්තේ ගොඩනැගිලි හදන්න ඕන වුනාම ගෙපල පවා සැදීමට යන්ත්‍ර සුත්‍ර යොදා ගත්තේ නෑ.අපිම තමා කර ගත්තේ ඒකට දැන් ශිෂ්ශ්‍ය නායකයෙකුට වත් පාසල් වත්තේ අලංකාරය පිණිස මල් පෝච්චියක් ගෙන්න කිව්වත් පත්තරේට දාන තරම් දෙයක් වෙලා. (හේ)
ඒ පැත්තේ පෝච්චි ගස් හදන්නේ එයාගේ මෙයා ද දන්නේ නැහැ?(හේ)
ඕකට අදාළ පුද්ගලයට පැල තවානක් ඇති. හොයල බලන්න (ර)
ශිෂ්‍ය නායකයකු වුනාම පැළයක් හිටවන්න දන්නේ නැත්තම් ඒ අයට සහතික දෙන්නේ මොන දේ කලාටද ?(හේ)
අපේ නිවස පිහිටියේ අර්ධ නාගරික ප්‍රදේශයක සීමිත ඉඩක. මම නම් ගෙදර කුඩා ගෙවත්තේ සහ පෝච්චි වල එළවලු පලතුරු වවාගෙන තියෙන්නේ. ගෙදර පොඩි ඉඩක හරි වගා කරන්න උත්සාහ කළා නම් ඔය ගේන්න කියන පෝච්චි පැල ගැන වද වෙන්න ඕනේ නැහැ. (නදී)
ගෙදර පෝච්චියක හිටවලා ගෙනගියා නම් ඉවරයි නේ. (ර)
අනේ ඇත්තට අද කාලේ වෙන දේවල්! (නි)
ළමයි පාසලට යන්නේ දක්ෂතාවය අනුව. ඒකට හරියන්න මුදල්, අමුද්‍රව්‍ය පාසලට දෙන්න ඕනෑද? ඕක මේ කාලයට අනුව නම් ආශ්චර්යයක් (නි)
මේක නිකම් පැලයක් නෙමෙයි. පළ දැරූ ගසක් වෙන්න ඕනෑ. එහෙම ඒවා කොහෙන් හොයන්නද? පැල ප්‍රදර්ශන වල නම් කිහිපයක් තිබෙනවා. 2000-3500 වෙයි. වඩා බුද්ධිමත් ක්‍රමය තමයි දරුවන් ලවා කුඩා පැල සිටුවා සාත්තු කරන්න දීම. (නි)