දෙහිවල සත්තු වත්තේ සිංහ ධේනුවකට ඉපදුණු සිංහ පැටවු තිදෙනාට කිරි මවක සොයන බව එහි නිලධරයෝ කියති.
පැටවුන් බිහිකළ මව තම දරුවන්ට කිරි නොදීම මීට හේතුවයි.
සිංහ පැටවුන් වෙනුවෙන් ආනයනය කළ විශේෂ කිරිපිටි වර්ගයක් සූප්පුවෙන් පොවන නමුත් සිංහ දෙනකගේ කිරි නොමැතිව පැටවුන් ලොකු මහත් කිරීම හා ලෙඩ රෝග වලින් වළක්වා ගැනීම අසීරු බව ඔවුහු කියති.
සචිනා නම් සිංහ මව (4) මීට පෙර වතාවකදීත් ඇගේ පැටවුන්ට කිරි දීම ප්‍රතික්ෂේප කළ බව නිලධරයෝ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්නේ අම්මලාට දරු දුක දැනෙන්නේ නෑනේ ඉතින් (ම)
මේ නම් පුදුම මවක් (නි)
අබුද්දස්ස කාලේ. ඇති අම්මා දරුවන්ව මරල දැම්මේ නැතුව. සිංහ මව විතරක් නෙමෙයි දැන් ඉන්න මිනිස් අම්මලත් ඔය විදිහට තමයි හැසිරෙන්නේ. (ර)
පැටවුන්ට කිරි දෙන්න මේ සත්තුන්ට හරියට කන්න දෙයක් වත් දෙන්නේ නැහැනේ බලා ගන්න කට්ටිය.පව් සිංහ අම්ම. (බ)
දෙහිවල සත්තුවත්තේ පාලකයෝ නම් අනේ මන්ද.. සත්තු මැරෙන එක විතරයි එ්කේ වෙන්නේ (බ)
සිංහ ධේනුව රුපලාවන්‍ය ආයතනයකින් උපදෙස් ගන්න ඇති...(බ)
මේ දැකල පුරුදු කෙනෙක් වගේ (බ)
ස්වභාවිකව විශාල ප්‍රදේශයක් පුර සැරි සැරීම අතවශ්‍ය මේ සතුන් කොටු කර හදනවිට මෙවැනි අසාමාන්‍ය චර්යා දැකීමට ලැබීම පුදුම වීමට දෙයක් නොවේ. මිනිස් යුවලක් සිංහයින් ඉන්න සවානා වනාන්තරයක හදපු කූඩුව දාල අවුරුදු කීපයක් තැබුවොත් කොහොම වෙයි කියලා ද හිතන්නේ? (ස)