ගල් හා ගඩොල් කෑලි වලින් සීගිරි සිංහ පාදයේ කුරුටු ගෑ අකුරු ඉවත් කිරීම සඳහා සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් සීගිරියට අද පැමිණි බව එහි ප්‍රකාශකයෙක් කියයි.
අද සිට සීගිරියේ ස්ථාන කිහිපයක විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ද යොදා ඇත.
දෙමළ අකුරු ලියූ මස්කෙළි සිසුන් තිදෙනා අවවාද කර මුදා හළ බව පොලීසිය කියයි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධරයන් මේ සිද්ධිය පොලීසියට දැනුම් දී ඇතත් පොලිසියේ පැමිණිල්ලක් කර නැති බව දැනගන්නට ඇත.
එසේ කරන්නට ඇත්තේ සිසුන් හිතාමතා එවැන්නක් නොකළාය යන පදනමේ සිට බව දැනගන්නට ඇත. එහෙත් පැය භාගයක් පමණ ඔවුන් ගල් හා ගඩොල් සොයාගෙන ලෝක උරුමයක ඔවුන්ගේ නම් ගම් ආදිය ලියා වනසද්දී ඔවුන් සමග සිටි ගුරුවරුන් කුමක් කළේද යන්න ප්‍රශ්නයක් බව නිලධරයෝ කියති.
ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසූවේ ලංකාදීපයෙන් දුටු ගමන් තමා කම්පාවට පත් වූ බවයි. මේ ගැන විෂය භාර ඇමැතිට පෞද්ගලිකව කතා කර පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කළ බවයි.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිංහ පාදය සුද්ධ කරන්න කොළඹින් යති
ලහිරු Sunday, 17 March 2013 01:26 PM
ඇයි අවවාද කරලා විතරක් නැවතුනේ. මොලේ නැති මී හරක්.(නදී)
අමිල Sunday, 17 March 2013 01:51 PM
මේ ළමයි භාරව ගුරු වරු ගියේ නැද්ද (දී)
ප්‍රදීපා Sunday, 17 March 2013 01:59 PM
ගුරුවරුන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් කල යුතුයි.(නදී)
ලලිත්-දෝහා Sunday, 17 March 2013 02:04 PM
ඇයි සීගිරිය බාර නිලධාරීන් ඕකට යොදවා ගන්නේ නැත්තේ. ඒක විය යුතුමයි.(නදී)
නිමල්-ලලිතා Monday, 18 March 2013 08:41 AM
පවන් හරියට හරි. මේ සිංහල රටයි කියන්න බැරි අය ඉන්න රටක් මේ. හැබැයි අපේ ගමේ පන්සලකට මේ දේ කලානම් අතපයේ පත්තු බදින්න වෙනවා.(නදී)
වීරවංස Sunday, 17 March 2013 03:14 PM
මේ ළමයින්ට නම් අවවාද දීලා යවන්න එපා (දී)
කුමාර Sunday, 17 March 2013 03:56 PM
අනේ කොහොම හරි බේරා දෙන්න අපේ දේ (දී)
චන්දන Sunday, 17 March 2013 05:24 PM
ඇත්තට ගුරුවරු මොකද කලේ (දී)
සගත් Sunday, 17 March 2013 05:25 PM
විශේෂ පුහුණුවක් තියෙන අය යවන්න (දී)
ලක්මාල් Sunday, 17 March 2013 05:36 PM
කෝ මේවා පරිස්සම් කරන මිනිස්සු (දී)
ශාන්ති Monday, 18 March 2013 02:15 AM
එක ඉතා හොද වැඩක් (දී)
පවන් Sunday, 17 March 2013 07:12 PM
මේ අපරාධය සිංහල දරුවෙක් කළා නම් ප්‍රතිපලය මීට වැඩිය වෙනස් වෙන්නත් තිබුණා. (නි)
ශානක Sunday, 17 March 2013 01:01 PM
අපි කොහොමහරි රැක ගන්න ඕනේ මේ දේවල් (දී)
එම් උපරතන හිමි Sunday, 17 March 2013 01:07 PM
සිංහල රජවංශය පිළිබදව තරහක් ඇති. ගුරුවරුන්ටයි දඩුවම් කරන්න තිබුනේ.(නදී)