පාසල් සිසුන් පිරිසක් සීගිරි සිංහ පාදයේ කුරුටු ගෑම බරපතල තත්ත්වයක් බවත්, මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් එම ස්ථානයට නිසි ආරක්ෂාවක් දී තිබුනේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බවත්, සිද්ධිය ගැන වහා පුළුල් පරික්ෂණයක් සිදු කර ගෙස පුරා විද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක මහතාට නියෝග කළ බවත් ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ජගත් බාලසූරිය මහතා පැවසීය.
සීගිරිය පුරාවිද්‍යාත්මක ස්ථානයක් වුවත්, එහි ආරක්ෂාව හා මූල්‍ය පාලනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල බව ද ඇමැති කීවේය.
‘සීගිරියේ අලංකාරම ස්ථානය තමයි සිංහගිරිය. විනෝද ගමනක් ආපු දරුවන් සමූහයක් තමයි මේ දේ කර තියෙන්නේ. මේක කඩා කප්පල් කාරී වැඩක් කියලා කියන්න බෑ. අපි හිතන්නේ ඔවුන් නොදැනුවත් කම නිසා මේ දේ කළා කියලා. නමුත් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ඒ වෙලාවෙ එතන ආරක්ෂාවට නිලධාරීන් යොදවා තිබුණා නම් සිසුන් නොදැනුවත්ව හෝ කළ දේ නවත්වගන්න තිබුණා. මේක කිසිම කෙනෙක් කරන්නේ නැති දෙයක්.
සිංහ පාදයේ ආරක්ෂාවට නිලධාරීන් යොදවා ඇතැයි කියලා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් අපට කිව්වා. නමුත් එම අවස්ථාවේ කිසිවකු නොසිටි බව පැහැදිලි. මෙය බරපතල තත්ත්වයක්.
සිද්ධිය දැනගත් ගමන්ම මම පුරාවිද්‍යා කොමසාරිස්තුමාට දැනුම් දුන්නා මේ ගැන වහාම පරීක්ෂණයක් පටන් ගන්න කියලා. පුරාවිද්‍යා කොමසාරිස් මට දැන්වුව මෙතන කඩා බිඳ දැමීමක් සිදු වෙලා නෑ කියලා. ඒත් අකුරු ලියලා තියනවා කියලා කිව්වා. මේක වැරදි පූර්වාදර්ශයක් බවත්, එය සිදු නොවිය යුතු දෙයක් බවත් එතුමා මට කිව්වා.‘
පසුගිය සිකුරාදා සවස 4.30 - 5.30 අතර කාලයේ මෙය සිදුවී ඇති අතර එම අවස්ථාවේ සිංහ පාදයේ ආරක්ෂාවට මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ආරක්ෂයකු යොදවා නොතිබිණි.
එහි සිටි නිලධාරියකු පැවසුවේ සිංහ පාදය අසල ආරක්ෂාවට කිසිවකු යොදවන ලෙස ඉල්ලුවත් එය ඉටු නොවූ බවයි.
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මීට කලකට ඉහතදී සිංහ පාදය අසළ වැසිකිළි ඉදිකිරීමට ගිය අතර මතුවූ බලවත් විරෝධය හමුවේ එය සිදු කළ නොහැකි විය.
මීට වසර කිහිපයකට පෙර ද සීගිරිය නැරඹීමට ගිය ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක සිසුවෙක් කැටපත් පවුරේ අකුරක් ලියන්නට උත්සාහ දරද්දී අල්ලා පොලීසියට භාර දී තිබිණි.
එවැනි අවස්ථා කිහිපයක්ම සිදුවී තිබියදීත් සීගිරියේ ආරක්ෂාවට ප්‍රමාණවත් පිරිසක් නොයොදවා තිබීම ගැන කණගාටු වන බවත්, ඒ ගැන සොයා බැලිය යුතු බවත් පුරාවිද්‍යා නිලධරයෙක් පැවසීය.
මෙවැනි සංස්කෘතක ස්ථානයන් නැරඹීමට එද්දී හැසිරිය යුතු අන්දම ගැන සිසුන් දැනුවත් කිරීම ගුරුවරුන්ගේ යුතුකමක් බවත්, දේශීය සංචාරකයකුගෙන් රුපියල් 50 බැගින් ටිකට් ගන්නා මධම සංස්කෘතික අරමුදල සීගිරියේ ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කළ යුතු බවත් එම නිලධාරියා කීවේය.
(ග.හෙ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැදිලි කිරීම් වැඩක් නැහැ. ලියලා තියෙන විදියෙන් ජාතිය පේනවා. සුදුසු පියවරක් නොගත්තොත් ඉදිරියට වෙන දේ ගැන කියන්න ඕනෙද?(නදී)
කව්ද ඇත්තටම මේ රටේ ඉතිහාසය සාහිත්‍ය උගන්වන එක පාසැලෙන් ඉවත් කෙරුවේ. (නදී)
ඇමති තුමා ඒ ගොල්ලෝ ඒකට වැඩිය කැමති නැහැ (දී)
ඒ පිරිස තම වගකීම පහර හැරලා (දී)
දොස් කියලා ඇතිද (දී)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අය මීටවඩා වගකීම් සහගත වියයුතුයි. (නි)
රටේ ලස්සන නැති කරනවා (දී)
පාර්ලිමේන්තුවේ වගේ නොදැනුවත්කමින් වැරදි කරන මිනිස්සු මේ රටේ නැහැ. පාසැලක ළමුන් ඇවිල්ලා තියෙන්නේ අධ්‍යාපන චාරිකාවක්. ළමයින් කරන දේ ගුරුවරු දැක්කා නම් ඒක නවත්තන්න ඕනෑ. ඒ කියන්නේ දැන් පාසැල් වල ඉන්න ගුරුවරු පවා රටේ ඉතිහාසය , වැදගත් ස්ථාන ගැන නොදැනුවත් අයද? (නි)
දොස් කියන්න නොවෙයි අයින් කරන්න ඕනේ (දී)
ඒක භාර නිලධාරීන්ට කෙන්තියනවා (දී)
නිලධරයෝ විතරක් නොවෙයි මේ ළමයි සමග සිටි ගුරුවරු මොකද කලේ (දී)
නිසි දඩුවම් දෙන්න වයස බලන්න එපා
ඉස්සෙල්ලාම ගුරුවරුන්ට මේවයේ වටිනාකම් කියලා දෙන්න ඕනෑ. (නි)