දහසය හැවිරිදි තරුණියක සිහිනැති කර කෙළෙසූ පුද්ගලයකුට නැගෙනහිර පූර්වගාමී පළාත්බද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වසර 15 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවමක් නියම කළේය.
වරදකරුට රුපියල් 5000 ක දඩයක්ද නියමවූ අතර එය නොගෙවන්නේ නම් පැමිණිලිකාරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි ගෙවන ලෙස හා එය නොගෙවන්නේ නම් අවුරුදු දෙකක සිර දඬුවමක්ද නියම විය.
ඉඟිනියාගල පදිංචිකරුවකුට මෙසේ සිර දඬුවම් නියම විය. තරුණියගේ මව විදේශගතව සිට ඇති අතර ඇගේ ලොකු අම්මාගේ සැමියා වන මොහු ඇය පාඩම් කිරීමට එහි ගිය අවස්ථාවේ අතවරය සිදු කර ඇතැයි නඩුවේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිර ගෙදරදී ලැබෙවා කියලා පතන දඩුවම මේකේ ලියන්න බැහැ. (ර)
කරන කලට පව් මිහිරිය මී සේ.. (නි)
දඬුවමේ ඉතිරි කොටස හිරගෙදරදී ලැබේවා. කාත් කවුරුවත් නැති අහිංසක දැරියකට මීට වඩා කළ හැකි හානිය කුමක්ද?(හේ)
කණගාටුදායක සිදුවීමක්. අහන්න ලැබෙන්නෙම නරක දේවල්. (නදී)
අපේ රටේ ප්‍රදාන අදායම් මාර්ගය තමයි කාන්තාවන් රට යැවීම. පාර්ලිමේන්තුවේ ඉන්න අයටවත් පිට අයටත් තේරෙන්නේ නෑ එ්කෙන් වෙන විනාසේ. මේක එයින් එකක් විතරයි. මේවා කලිනුත් උනා, ඉදිරියටත් වෙනවා (නදී)
තවමත් මෙය කවුරුවත් ආසියාවේ ආශ්චර්ය කියා හැඳින්වූවේ නැති එක ගැන පුදුමයි (නි)
මගේ හිතටත් දඬුවම නම් හොඳටම මදි (නි)
මෙවන් මිනිසුන්ට මරණ දඬුවම දියයුතුය (නි)
අනේ මන්දා, අපේ මහජන නියෝජිතයෙක්ගේ යාළුවෙක්ද මන්දා? (නි)
තිරිසනෙක් වැනි මොහුට මීට වැඩිය ලොකු දඬුවමක් ලැබුණා නම් තමයි හොඳ (නි)
දහසය හැවිරිදි තරුණියගේ ජීවිතේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක්ද ? අනේ මේ රටට සෞදියේ නීතිය දැම්මානම් ෂරියා නීතිය. අහිංසක කෙල්ලෙක්ට පාඩුවේ ජීවත් වෙන්න තිබුනා. (නදී
"වරදකරුට රුපියල් 5000 ක දඩයක්ද නියමවූ අතර එය නොගෙවන්නේ නම් පැමිණිලිකාරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි ගෙවන ලෙස ". මාරයි නේද ? (නදී)
මේ දඬුවම මගේ හිතට නම් හොඳටම මදි. දුෂණ කරන මිනිසුන්ට නැවත කවදාවත් ඒ වගේ වැඩ නොකරන්න දඬුවම් දෙන්න පුලුවන් නම් හොඳයි (නි)
දඩ යන්නේ ආණ්ඩුවට,වන්දි යන්නේ වින්දිතයාට. දඩ නොගෙවුවොත් හිරේ යනවා. ඊට අමතරව වන්දි නොගෙවුවොත් හිරේ දානවා (නි)
උලතියන්නයි වටින්නේ (නි)
මෙවන් අවස්ථා වලදී අගතියටපත් ළමයට සෑහෙන වන්දියක් වරද කළ අයගෙන් ලබාදිය හැකි නම් කෙතරම් අගේද? (නි)
ඔච්චර වරදක් කරලත් 5000/- අපරාදෙ තරුණ ජිවිත නිතිය සංශෝධනය කරන්න (බ)
මේ පුරුෂයා තිරිසන් ආත්මයකවත් උපදින්න සුදුසු අයෙක් නොවේ. (නි)
අඩුගණනේ නෑකමට හෝ ගරුනොකළ මේ වධකයා ජීවිතාන්තය දක්වා හිරේ යවන්න ඕනෑ කෑමවත් නොදී. (නි)
මෙයාට ගහන්නේ 5000 ක දඩයක්ද ? (ර)
මේ වගේ ලොකු තාත්තලාව යවන්න ඕනෑ කොළ නැති ගහේ. (නි)
කුමාරි හරි. අනිවාර්යයෙන්ම මෙයාට හිරගෙදරදී අනෙක් දඬුවම ලැබෙයි (නි)
අමුතුම නඩු තීන්දුවක්? (නි)
බොහොම දුක හිතෙන සිද්ධියක්. චූදිතයා හොඳට කකා බිබී හිරගෙදර ඉඳීවි. අසරණ දැරිය ජීවිතාන්තය දක්වා දුෂ්ට සමාජයේ අයවලුන්ගේ ඇනුම් පදවලට ගොදුරු වෙවී මැරි මැරි ඉපදේවි. සමාජයේ හොඳ යහපත් අයෙක් අයගේ ඇත ගත්තොත් හොඳයි. නැතිනම් ? (ස)
මදි මදි හොඳටම මදි, අඩුම ගානේ වසර 25 ක් වත් හිරේට යැව්වා නම් තමයි වටින්නේ මේ වගේ අමනුස්සයන්ව පුළුවන් තරම් මනුෂ්‍ය සමාජයෙන් ඈත්කරලා තියන තරමට තමයි මේ සමාජය යහපත් වෙන්නේ. (ස)
මට සිතෙන්නේ ගැසූ දඩය හොඳටම මදි කියලයි. අර තරුණිය කෙළෙසුන එක ගැන ජීවිත කාලයටම විඳවනවා. (නි)
මොවුන්ට රජකාලේ දඬුවම් දෙන්න ඕනෑ (නි)
පහල කොටස කියවන විට මටනම් ගැටළුවක් තියෙනවා. නිව්ස් එකේ අවුලක් ද, නීතියේ අවුලක් ද, නැත්නම් මට තේරෙන විදියේ අවුලක් ද දන්නෑ.... "වරදකරුට රුපියල් 5000 ක දඩයක්ද නියමවූ අතර එය නොගෙවන්නේ නම් පැමිණිලිකාරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි ගෙවන ලෙස හා එය නොගෙවන්නේ නම් අවුරුදු දෙකක සිර දඬුවමක්ද නියම විය." (ස)
තංගල්ලේ ප්‍රාදේශීය සභාපතිට දීපු කාලය මදි වගේ මේකත් එක්ක බැලුවහම. (ස)