(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ප්‍රේමසම්බන්ධතාවය පවත්වන කාලයේ දී ලබා ගන්නා ලද නිරුවත් ඡායාරූපඅන්තර්ජාලයට මුදා හරින බව පවසා සරසවි සිසුවියක බිය ගන්වමින් වරින් වර මුදල් ලබා ගත් බව කියන තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය පවසයි.
සැකකරු වරින් වර විශ්ව විද්‍යාලයට පැමිණ මුදල් ඉල්ලා කරදර කර ඇති බවත්, සිසුවිය අවසන් වරට ඔහුට රුපියල් 15,000ක් ලබා දී ඇති බවත් පොලිසිය කියයි.
කෙසේ වෙතත් සිසුවිය ඒ ගැන උපකුලපතිවරයා ද දැනුම්වත් කර එම උපදෙස් පරිදි පොලීසියට පැමිණිලි කර තිබිණි.
ඒ අනුව සැක පිට අත්අඩංගුවට ගත් තරුණයා සන්තකයේ තිබී තරුණියගේ නිරුවත් ඡායාරූප ඇතුලත් බව කියන සැකකරුගේ ලැප්ටොප් පරිගණකය හා ජංගම දුරකථන දෙකක් ද පොලීසියභාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙම් කිරීම සහ ප්‍රේමවන්තයාට තමන්ගේ රහස් අවයව චායාරුප ගත කිරීමට ඉඩ දීම යනු දෙකකි. මෙහෙමත් මෝඩ ළමයි...
සරසවි සිසුවියක් ලෙස මීට වඩා ඔළුව පාවිච්චි කළ යුතුයි. බුද්ධිමත්කම කොහෙද තියෙන්නේ?
මෝඩ කමට සරසවිද? මොන්ටිසෝරිද? කියලා නැහැ. හාවඩ් ගියත් මෝඩයෝ මෝඩම තමයි සෝෂල් සයන්ස් වලදී....
උගත්කම සහ බුද්ධිමත්කම යනු කාරණා දෙකක් නේ. අද කාලයේ දෙමව්පියනුත් දියණියන්ව අධ්‍යාපන රේස් එකේ යවනවා මිසක් විලිබිය කියා දෙයක් මේ ලෝකයේ ඇති බව කියලා දෙන්නේ නැහැ. ඇතැම් විට සරසවි සිසුවියන් මළපොතේ අකුරක් නොදත් බවලතුන් නොකරන අඳ බාල වැඩ කර ඉන්පසු පිරිමි සංහතියටම දොස් කියනවා.
ඇත්තටම මේ උසස් අධ්‍යාපනය ලබන ඇතැම් ළමයින්ගේ මොලය තියෙන්නේ කකුල් දෙකේද? පාරවල් ගානේ අරගල කරමින් ගාලගෝට්ටි කරන්න බයක් නැති කෙනා පිරිමියෙකුගේ අවිනීත ඉල්ලීමට කීකරු වෙන්නේ පුදුම විදියටනේ. ඇති යන්තම් මේ කාලයේ මේ මිනිහා මතු වුනා. කසාද බැන්දාට පසුව හිටි ගමන් පෙනී සිට සැමියාට මේ ෆොටෝ ශුට් එක යැව්වා නම් කසාදෙත් හබක්....
අත්අඩංගුවට ගත් උපාංගවල තියෙන ඡායාරූප නිසි ක්‍රමවේදයකට අනුව විනාශ කල යුතුයි. අහල තියෙන විදියට නම් සමහර පොලිස් නිලධාරීනුත් ඕවා පිටපත් කොට තබාගෙන ඉන්නවා..
සමහර තරුණියන් හිතන්නේ උසස් අධ්‍යාපන සහතික වලින් ඔක්කොම කුණු වහගන්න පුළුවන් කියලා. මගේ ඥාති පුතෙකුගේ කසාදය කැඩුනේ බිරිඳගේ සරසවි පෙම්වතා ඒතරුණිය සමග ඒ කාලයේ ගිය නොමනා ගමන් වල විස්තර චායාරුප සමග නැන්දම්මට යැවීමත් සමගයි. දැන් ඒ පුද්ගලයා ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා බොහොම ජයට පවුල් කනවාලු. අර තරුණිය මානසික ආතතියෙන් පෙළෙමින් මහා දුකක. අපේ රටේ තව අවුරුදු පන්දහසක් ගියත් කාන්තාවගේ චරිතය මැනිල්ල නැති වෙන්නේ නැති බව තරුණියන් සිතට ගත යුතුයි.