පුෂ්පකුමාර ජයරත්න
අතින් පයින් පහරදීමෙන් ශිෂ්‍යයකු කෘරත්වයට පත්කිරිමේ චෝදනාවකට වරදකරුවකු වු පොල්පිතිගම ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයාට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (9) වසර තුනක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කළාය.
මෙසේ සිරදඬුවම් නියමවුයේ මොරගොල්ලාගම පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරයකු වන වාසල රාජකරුණෘ මුදියන්සේලාගේ ජයවර්ධන බණ්ඩා (60) නැමැති අයටය.
ඔහු වසර 38 ක දිර්ඝ සේවා කාලයක් සපිරූ පළමුවැනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකි.
මෙම සිරදඬුවවමට අමතරව රුපියල් දසදහසක දඩුයක් ද ගෙවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරිය අගතියට පත් ශිෂ්‍යයාව රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට ද විත්තකරුට නියම කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ තීන්දුවක්. අනිත් ගුරුවරුන්ටත් හැදෙන්න...
අපි ඉස්කෝලේ යන කාලේ අපිට ගුරුවරු ප්‍රින්සිපල් ගහපු දඬුවම් දුන්නු නිසා තමයි අපි හොඳට හැදුනේ. දැන් ඒකට ළමයෙකුට දඬුවමක් වත් දෙන්න බෑ.
මෙම සිද්ධිය පිලිබදව අපි කිසිත් නොදනිමු , නමුත් අපි පාසල් යන කාලයේත් අපිට ගුරුවරු දඩුවම් කළා.. අද අපි ඔවුන්ට දන නමා වදින්නේ අපේ වැරදි දැක දඩුවමින් හෝ අපිව යහමගට ගත් නිසයි.
ජාතකපොතේ තියෙන කතාවකින් කියනවා තල ටිකක් හොරෙන් කෑ රාජකුමාරයෙකුට ගුරුතුමා දඬුවම් කල කතාවක්. එම කුමාරයා රජවී ගුරුතුමාට මරණ දඬුවම නියම කරනවා. ගුරුතුමා කරුණු පැහැදිලි කරනවා. රජතුමා එම කරුණු පිළිගෙන ගුරුතුමා පුරෝහිත ලෙස පත්කර ධාර්මිකව රජකරනවා. එය එක කතාවක්... තව සත්‍යම කතාවක් නම් පාසැලේ වැඩ නොකළ එක් දරුවෙකුට ගුරුතුමා දොස් කියනවා. දරුවා විදුහල්පති කෙනෙක්වන පියාට කියනවා. පියා පාසැලට ගොස් ගුරුවරයාට බැණවදිනවා. මෙයින් අහංකාර වූ අර දරුවා අද ඉතාම අසරණ තත්වයෙන් පසුවෙනවා. මේවා නොසලකා කටයුතු කළොත් නම් අනාගතයේ රටම පාතාලයක් වීම වැළැක්වීමත් හිතන්න අමාරුයි.
දඩුවම් කරනවා කියලා පයින් ගහන රටක් කොහෙද තියෙන්නේ. කොහොමත් අතින් පයින් ගහන්න අවසරයක් ඇත්තෙම නැහැ. අවුරුදු තුනක් ඇතුලේ විවේක සුවයෙන් ඉදලා එන්න...
මෙම විදුහල්පති ඉතා හොඳ කෙනෙක්... මෙම සිසුවා හෙරොයින් බොන නිසා දඬුවම් කරලා තියෙන්නේ... සිසුවාගේ අම්මා ලඟදි ප්‍රාදේශීය සභාවට පත්වුණා. මේක පලි ගන්න කළ දෙයක් සහ දේශපාලන පුළුවන්කාරකම් පෙන්නන්න කල දෙයක්.. විදුහල්පති කාලේ පාසැල බොහොම හොඳට තිබුණා. කවුරුත් මෙම විදුහල්පතිට ආදරෙයි. මේක නම් දේශපාලන දඩයමක්..
අතින් පයින් පහරදී ඇත්නම් එය වරදකි. නමුත් පාසලේ සිසු විනය පිහිටුවාලීම සඳහා ගුරුවරයෙක්, සිසුවෙකුට දඬුවම් කිරීමේ කිසිම වැරැද්දක් නැහැ. අද පාසල් සිසුවිනය බෙහෙවින් පිරිහී ඇති අතර, වර්තමාන සරසවි සිසුන්ගේ හැසිරීමෙන් මෙය පිළිබිඹු වේ.
දුන්න තීන්දුව ගැන කතා කළොත් මටද ගස් යන්න වේවි... කොහොම නමුත් ගෞරවනීය විදුහල්පතිතුමනි, ඔබතුමා ගැන මම හදවතින්ම කණගාටු වෙනවා.
හොඳ වැඩේ. සතුට කියා නිම කල නොහැක.
සමහර ගුරුවරු ඉන්නවා දුප්පත් ළමුන්ට අපහාස දඩුවම් නිමක් නෑ. පාසැල එපා වෙනවා. සමහරු ගුරුතුමන්ලා හරිම අනුකම්පා සහගතයි.
ළමයෙක් නිවැරදි මාර්ගයට ගන්න දඬුවමක් දුන්න විදුහල්පතිට අවුරුදු 3 ක හිර දඬුවමක් දුන්න විනිසුරුවරියට ස්වාභාධර්මයෙන් උත්තර ලැබෙනු ඇත.
දේශපාලනේ කරානම් සර් සතියෙන් එළියේ
ඔය විනිසුරුවා ඉස්කෝලේ ගිහින් නැත්ද?
මම ඇතිතරම් ගුරුවරුගෙන් ගුටිකාලා ඇති. එනමුත් මම හැදුනේ අපේ දෙමුපියන්ගේ මග පෙන්වීම නිසා. කවි පාඩම් නොකර අතට වේවැල් පාර දෙනවට මගේ කිසිම අකමැත්තක් තිබුනේ නැත.
මෙතන අදහස් දාලා තියෙන බොහොම දෙනෙක් ගුරුවරුන් ශිෂ්‍යයින්ට දඬුවම් දීම අනුමත කරනවා. හැබැයි, දඬුවම කියන්නේ ශිෂ්‍යයා හොඳ මගට ගැනීමේ සද්භාවයෙන් කරන දෙයක් කියන එක අමතක කරලයි ඒ අදහස් දාලා තියෙන්නේ. අතින් පයින් පහර දී දරුවෙකු අබ්බගාතයෙක් කිරීමට විදුහල්පතිට තියා අම්මා තාත්තටවත් බැහැ කියන එක ඔලුවට වැටිලා නැති බවයි පේන්නෙ.
ඇත්ත නැත්ත මම නොදනිමි. නමුත් අධිකරණයෙන් මෙයට තීන්දුවක් දී තිබෙන බැවින් මොකක් හෝ අසාධාණයක් වී ඇති බව නම් පෙනෙන්නට ඇත.
මෙතන වෙලා තියෙන දේ දන්නේ සුළු පිරිසයි , මේ ළමය පාසලේ ගංජා සහ මදන මෝදක විකුණලා අහුවෙලා විදුහල්පති කෙනෙක් විදිහට දුන්නු දඩුවමට මේ විශ්‍රාමික මහත්මයාට දුන්ණු දඩුවම අනුමත කරන්න අමාරුයි............ කොහොමද වරදක් කරන එකෙක් හදන්නේ , මෙහෙම ගියොත් පාසලත් ළමයින්ට සුදුසු පරිසරයක් නොවන්න පුළුවන් ,
මම චිංගිස් අයිත්මාතව් ගේ ගුරු ගිතයේ දුයිසේන්ගේ පාසලේ ඔහුගේ සිසුවියක වූ අල්තීනායි සුලයිමානවා මුණ ගැසුනෙමි. " මගේ ගුරුතුමා හමුවීමට නැවත වරක් මම ගමට විත් ඔහු ඉදිරියේදී සමාව ඉල්ලමි. ඔහු [ දුයිෂෙන් ] මගේ හදවතෙහි නිසල තැනක තැන්පත් වී ඇත. " කියමින් ය හඬා වැටුනාය.