IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


සිසුවෙක් පාසල් බසයක් පදවයි

සැහැල්ලු වාහන පැදවීමේ බලපත්‍රයක් හිමි 18 හැවිරිදි පාසල් සිසුවකු පියාගේ පාසල් බසය පැදවීයැයි සැකපිට අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.

පාසල් නිල ඇඳුමට උඩින් කමිසයක් ඇඳ බසය පැදවූ සිසුවාට හා පියාට එරෙහිව නඩු පැවරීමට යයි.



අදහස් (0)

සිසුවෙක් පාසල් බසයක් පදවයි

ඉසුරන්දි Wednesday, 02 July 2014 10:20 AM

මොන ප්‍රශ්න තිබ්බත් නීතියට පටහැනියි කරපු වැඩේ. (දී)

:       0       0

සෙලින්කස් Wednesday, 02 July 2014 10:22 AM

අන්න නියම කොල්ලෝ (දී)

:       0       0

නුශ්කි Wednesday, 02 July 2014 10:31 AM

මට හිතා ගන්නවත් බැරිඋනා (දී)

:       0       0

දයා Wednesday, 02 July 2014 10:55 AM

තාත්තාගේ රියෙදුරු බලපත්‍රය ජීවිත කාලයටම තහනම් කල යුතුයි. (ස)

:       0       0

ගයාන් Thursday, 03 July 2014 06:10 AM

මේක බස් එකක්ද බස් ලයිසන් තියෙන වෑන් එකක්ද ? (නදී)

:       0       0

සමන්ති Thursday, 03 July 2014 06:18 AM

මේක "ද්වි සේවා " කාණ්ඩයට අයිති වෑන් එකක්ද? (නි)

:       0       0

සමන්ති Wednesday, 02 July 2014 06:04 PM

අපේ පැත්තේ පාරවල් වල රියදුරු බලපත්‍ර නැති කාන්තාවන් ස්කූටර් වල ළමයින් පාසලට අරගෙන යනවා (නි)

:       0       0

මාලි Wednesday, 02 July 2014 06:24 PM

ඉසුරන්දි ලංකාවෙ නීතිය ගැන දන්නෙ නැතිව වගේ (නදී)

:       0       0

සත්‍යයා Thursday, 03 July 2014 07:25 AM

පොලිසියටත් වෙන වැඩ නැහැ වගේ. නීතිය කැඩුව උනා ට ලයිසන් තියෙන වැඩි හිටි රියදුරන් වගේ මිනිසුන් යට කරලා නැහැනේ. (නදී)

:       0       0

රන්ජිත් කුලතුංග Wednesday, 02 July 2014 12:39 PM

මෙම සිසුවාට බස් පැදවීමේ බලපත්‍රය ලබාදී , එම රැකියාවම කර ගෙන යන්නට දෙන්න . රැකියා ප්‍රශ්නයට විසදුමක් . (ස)

:       0       0

විදුරංග විතානගේ Wednesday, 02 July 2014 07:23 PM

මේක තමයි කියන්නේ... බලපත්‍ර දෙන්න ඕනෑ අවුරුදු 21න් විතර පස්සේ (නි)

:       0       0

පෙරේරා Wednesday, 02 July 2014 07:26 PM

දක්ෂතා වලට මුල් තැන දෙන්න. (නි)

:       0       0

නිලන්ත ගමගේ Thursday, 03 July 2014 09:06 AM

සාමාන්‍ය නීතිය යටතේ දඩ කොලයක් ලබාදී පාසල් සිසුවාට අවවාද කිරීම යෝග්‍යයි. පාසල් සිසුවකු රිමාන්ඩ් කිරීම හෝ උසාවි රැගෙන යාම හෝ බන්දනාගාර ගත කිරීමෙන් ඔහුට වන හානිය සලකා බලන්න. මොකද මේ ළමයා කල එකම වරද මෙය විය හැකිය. (නදී)

:       0       0

ධම්ම Wednesday, 02 July 2014 02:41 PM

පළමුව කල වරදට දඬුවම් දෙන්න. දෙවනුව කුලතුංග මහතාගේ යෝජනාව ක්‍රියාත්මක කරන්න. (නදී)

:       0       0

ළහිරු Wednesday, 02 July 2014 08:50 PM

මේ වගේ කොල්ලන්ව තව තවත් උස්සලා තියන්න ඕනේ. (නදී)

:       0       0

සමීර සාලින්ද Wednesday, 02 July 2014 02:51 PM

දම්ම සහ කුලතුංග ඔබගේ පිළිතුරු වලට මමද එකග වමි (නදී)

:       0       0

නන්දන Wednesday, 02 July 2014 08:36 AM

මේක අහපුවම මට අපේ පැත්තේ සිදුවුන සිද්දියක් මතක් වෙනවා. ළමයි කියනේ දේ අහන්නේ නැහැ කියල රියදුරු දවසක් බස් එකෙන් බැස්ස ඕන කෙනෙක් මේක අරගෙන යන්න කියල. එලවන්න පුළුවන් ලමයක් ඉදල බස් එක අරගෙන ගිය රියදුරු දල. පස්සේ බස් නැවතුමේ නවත්තල ඔක්කොම ගෙදර ගිය. (දී)

:       0       0

මල්ලි Wednesday, 02 July 2014 08:55 AM

පොලිසියේ අයට මේව තමයි ලොකුවැඩ (දී)

:       0       0

ලලිත් - එස් එල් Wednesday, 02 July 2014 09:19 AM

මිනිස් ජීවිත වල වටිනාකම නැත්තටම නැති වෙලා ගිහින්. (දී)

:       0       0

අනුරශාන්ත Thursday, 03 July 2014 12:05 PM

මොකද කොල්ල මත්පැන් පනයකරලා හිටියද (නදී)

:       0       0

ටිරෝන් Wednesday, 02 July 2014 10:38 PM

හරි නම් ළමයව නෙවෙයි තාත්තව තමා අත්අඩංගුවට ගන්න තිබුනේ. මොකද තාත්තා මේකට ඉඩදීලා කලේ මගීන්ගේ ජිවිත අනතුරට පත් කිරීම. අනික පාසල් බස්රථ වෙනම පාටක් කිරීම සහ පාසල් බස්රථ වලට වෙනම මුහුනු වරක් ලබාදී බලපත්‍රයක් දෙන්න ඕනේ. ප්‍රවාහන ඇමති කෝ ? (නදී)

:       0       0

කලණි Wednesday, 02 July 2014 09:53 AM

මොකද්ද ඒ කොල්ලාගේ අමතර රැකියාවක්ද (දී)

:       0       0

කමනි Wednesday, 02 July 2014 09:53 AM

මේ ළමයාට සැහැල්ලු රියදුරු බලපත්‍රයක්වත් තිබිලා තියෙනවා.එහෙම එකක්වත් නැතිව රිය ධාවනය කරන අය කොච්චර නම් ඉන්නවද?(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 212 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site