ගෝල්ඩන් කී නඩුවට අදාළව මූල්‍ය වංචාවක් කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින සිසිලි කොතලාවල අද (29) මෝසමක් මගින් ඇප ඉදිරිපත් කිරීමට පැමිණියද අධිකරණයේ අභිමතය පරිදි නිසි ඇප නොමැති වීම හේතුවෙන් ඇප තැබීම මාර්තු 31 වැනිදාට කල් තැබිණි.
රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදාහැරීමට පසුගියදා අභියාචනාධිකරණය තීන්දු කළ අතර එක් ශරීර ඇපයක් සඳහා රජයේ විධායක නිලධාරියකු ඇප තැබිය යුතු බවට වන කොන්දේසිය අද සපුරා නොමැතිවීම හේතුවෙන් සිසිලි කොතලාවලගේ ඇප කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ප්‍රතික්ෂේප කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ නම් සාරි පොට උස්සන් මැඩම් මැඩම් කිය කියා පස්සෙන් යන්නත් කට්ටිය ඕන තරම් හිටිය. කර්මය පලදෙනකොට ඔහොම තමයි. (බ)
වනේ වන පල වියලි වූදා නැතේ ළග සියොතුන් - මලේ මල් රොන් මිලින වුදා නැතේ ළග බඹරුන් (බ)
කරපු පව් තමයි ඔය පල දෙන්නේ.(හේ)
මේ තරම් සාර්ථක මහා ව්‍යාපාරයක් මංකොල්ල කෑවේ කව්ද? හැබැටම මොකක්ද මේ වුනේ?.(බ)