ශී‍්‍ර.ල.නි.ප මහජන නියෝජිතයින්ට වෙනත් පක්ෂ සංවිධානය කරන රැස්වීම් වලට සහභාගී වීම තහනම් කළද, සිය පෞද්ගලික මතය මාධ්‍යයට ප‍්‍රකාශ කිරීම තහනම් කළද මහනුවර රැස්වීමට ශී‍්‍ර ල.නී.ප. පාක්ෂිකයන් සහභාගී වීම වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා කියයි.
නුගේගොඩ රැස්වීමට ආ පිරිසට වඩා වැඩි පිරිසක් මහනුවර රැස්වීමට එනු ඇතැයි ද ඔහු පවසයි. පක්ෂයක් යනු බෝඞ් ලෑල්ලක් නොවන බව පෙන්වා දෙන රණතුංග මහතා පක්ෂය රැක ගැනීමට නම් පාක්ෂීකයන්ගේ මතයට ඉඩ ලබා දීමට පක්ෂ නායකයන් කටයුතු කළ යුතු යැයි ද පසයි. තනතුරු හා වරප‍්‍රසාද වෙනුවෙන් ප‍්‍රතිපත්ති පාවාදෙන පුද්ගලයින්ගෙන් පක්ෂ නායකත්වය ආරක්ෂා විය යුතු බව පවසන රණතුංග මහතා එ.ජා.පය පරාජය කිරීමේ සටනේ නායකත්වය නොගෙන එවැනි රැස්වීම් වලට සිය මහජන නියෝජිතයින් සහභාගී වීම වැලැක්වීමට ගනු ලබන පියවර පාක්ෂිකයන්ගේ ප‍්‍රසාදයට හේතු නොවන බවද පෙන්වා දෙයි.
කුමන තත්වයන් යටතේ වුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති බවට පත් කිරීමේ සටන අත් නොහරින බවත් රණතුංග මහතා අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු මහත් ලෝකයක් දිනු සහෝදරයෙක් ඉන්න පවුලක සිතුම් පැතුම් වල හැටි (නදී)
නියම සිංහල නායකයෙක්. අප ඔබ සමගයි ඔබට ජයවේවා.! (ර)
ප්රසන්න ඔබ නියමයි, ඔබගේ මානව අයිතිවාසිකම් කඩ කරන්න හදන්නේ. (ර)
වසන්ත, චෝදනා කාට කරන්න බැරිද.? එත් ඒවා ඔප්පු කරන්න ඕන. කෝ මෙච්චර කාලයකට මොනවද ඔප්පු කලේ.? (ර)
මහින්ද මහත්තයටත් මේක හොඳම වෙලාවක් කල්්‍යාන මිත්‍රයෝ අඳුනගන්න! පේනවනේ? මෙන්න නියම මිනිස්සු! (ර)
මොකද මේ මිනිස්සු මුළු ජිවිත කාලෙම එක නායකයෙක් ඉල්ලගෙන අඬ වැටෙන්නේ. (ර)
හරියට හරි ප්‍රසන්න මහත්තයා නියම කතාව පක්ෂය යනු ''බෝඩ් ලෑල්ලක් නොවනබව '' ශ්‍රී ලංකා කාරයෝ හැටියට මේ ගොල්ලෝ සතුටු වෙන්න ඕන දහිරිය දෙන්න ඕන ඒ කරන වැඩේට අකුල් හෙලන්නේ නැතිව. (ර)
ඔබතුමාට ජයවේවා! (නි)
හොඳයි හොඳයි, අපි බලමුකෝ.... (නි)
හරියටම හරි ඔබතුමා. රනිල් සැමදා අපගේ අගමැති. (ර)
ජාතිවාදී බෝඩ් එකයි, වංචාව, දුෂණ යයි එක්කමද ශ්‍රී රීලංකා නිදහස් පක්ෂය ඉදිරියට යා යුත්තේ? දේශපාලන අනාථයන් වීමට සිටින සමහර සුළු පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මග පෙන්වන්නන් විය යුතුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්, ප්‍රතිපත්තිමය දේශපාලනයක් මිස ජනතාව අන්ධයන් සේ සලකා කටයුතු කරන ස්වරූපයක් ජනතාව අපේක්ෂා කරන්නේ නැත.(නදී)
ඔය කාගෙ කාගෙත් විස්තර අපි දන්නවා (නි)
නියමයි ප්‍රසන්න (නදී)
නිදහසක් නැති නිදහස් පක්ෂය පොල් ගාන්නද? (නදී)
වින්සන්ට් මහත්තයෝ, නිදහස් පක්ෂ පාක්ෂිකයින් ඒ ප්‍රශ්නය බලාගනීවි.ඔයා ලක්ෂ 58 නැති 62 ගොඩේ කෙනෙක් නම් ඒ පැත්ත බලාගන්න (නි)
එක එක ගැට වලට අසුවුන ශ්‍රී.ල.නි.ප. බලලෝභින් පක්ෂය පාවා දෙද්දී ඔබ වගේ නියම කොන්ද පණ ඇති අපේ මිනිසකු සිටීම අපට ආඩම්බරයකි. අපි ඔබ සමගයි. (නදී)
නියමයි මහ ඇමතිතුමනි (නදී)
නියමයි (නදී)
ඔබ කවදා හෝ දවසක රටටම නායකයා වනවා. (ස)
කොන්ද පණ ඇති ඔබට මාගේ ප්‍රණාමය. (ස)
මහ ඇමති තුමනි කලින් ආණ්ඩුව තියද්දි පාක්ෂිකයන්ට අසාදාරනයක් උනේම නැද්ද? (ස)
ජයවේවා! නියමයි (නි)
පද්මිණි,ඒ තමයි අවුරුදු 30 පස්සේ ආ හොඳම ජනාධිපති. (නි)
එන්න එන්න. දැන් හොඳ වෙලාව (නි)
මෛත්‍රීට මිනිස්සු ඡන්දෙ දුන්නේ ශ්‍රීලනිපයේ නායකයා වෙන්න නොවේ. එයා වෙනත් සන්ධානයකින් ඉල්ලුවේ. දිනුවට පස්සේ එයා පක්ෂය අල්ලාගත්තා. එයාට සහයට අපේ හිටපු ටික දෙනෙක් පැන්නා. මුළු ශ්‍රිලනිපයම දැන් උඩුයටිකුරු වෙලා. කොහොමහරි ප්‍රගතිශීලින් ටික දෙනෙක් එකතුවෙලා සිදුවෙලා තිබෙන මෙම ඓතිහාසික වරද නිවැරදි කරන්න උත්සාහ ගන්න හදන වෙලාව මේක. නිකන් බොරු තර්ජන දාලා මේ උත්සාහය වලක්වන්න හැදුවොත් ස්ථිර වශයෙන්ම පක්ෂය කැඩිලා කුජීත වෙලා යනවා. ප්‍රසන්න රණතුංග විශිෂ්ටයෙක්. පක්ෂයේ බලය අල්ලාගෙන ඉන්න ලොක්කොන්ට කියන්න තියෙන්නේ එක දෙයයි. ඔබලාට මිලක් නැත. තමුන්ලා ජනතාව ඉදිරියේ මාර්කට් කල නොහැක. පාක්ෂිකයන් ලෙස ඔය අණදීම් අපි තුට්ටුවකට මායිම් කරන්නේ නැත. . ප්‍රසන්න රණතුංග මහ ඇමතිතුමනි ඔබේ දුරදර්ශිභාවයට අපේ ප්‍රණාමය. (නදී)
ප්රසන්න රණතුංග මහ ඇමතිතුමනි, ඔබේ දුරදර්ශීභාවයට අපේ ප්‍රණාමය! (නි)
6 වෙනිදා රැස්වීමට යාම තහනම් කරලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ගමන නතරකරන්න බැරි බව 6 වෙනිදාටම වැටහේවි. තමන් තම කැමැත්ත දුන් නායකයාගේ පුනරාගමනය බලාපොරොත්තුවන එක කොහොමද නතර කරන්නේ? හෙට අනිද්දා සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් මහින්ද මහතා වටා රොද බැඳගනීවි. (නි)
අතිවිශිෂ්ටයි සර්! (නි)
ඔබතුමාට අපගේ ප්‍රණාමය ප්‍රසන්න රණතුංග මැතිතුමනි (නි)
ජයවේවා!! ඔබ වැනි අය රටට ආඩම්බරයක්. (නි)
ප්රසන්න මැතිඳුන්ට ජයවේවා! (නි)
පක්ෂයේ විනයක් කියල එකක් තියෙනවා. ඒකට ගරුකරන්න බැරි නම් පක්ෂයෙන් ඉවත්වෙලා කොන්ද කෙළින් තියාගෙන ඉදිරි වැඩ කළොත් වඩාත් සුදුසුයි (නි)
ජය වේවා! (නි)
නිදහස් පක්ෂ පාක්ෂිකයින් ඒ ප්‍රශ්නය බලාගනීවි (නි)
හඬ වගේම වැඩත් තියෙන්න ඕනෑ (නි)
මෙන්න කොන්ද පණ ඇති නියම මිනිස්සු. අපි ඔබ සමඟයි. (නි)
මහින්ද මහත්තයා බලයේ ඉන්නකොට කඩේ ගිය අයට නැති කැක්කුමක් ඇයි දැන් මේ සමහරුන්ට ඇතිවෙලා තියෙන්නේ. (නි)
අවංක, නිදහස්මත දරන, හොරු නොවන සුසිල් ප්‍රේමජයන්ත වගේ පිරිසිදු අයත් ඉන්න බව මේ රටේ මිනිස්සු දැනගන්නට ඕනෑ (නි)
හිටපු ජනපති ත්‍රස්තවාදය නැතිකළ බව ඇත්ත. එහෙත් අධිවේග හදලා මුදල් නාස්තිකළා කියනවා. සුදුවෑන් ත්‍රස්තවාදය, කුඩු ජාවාරම් ආරක්ෂා කළා. අරලියගහ දන්සැල් වලට කොතෙක් වියදම් කළාද? වාහන කොතෙක් පරිහරණය කළාද? තව අපි නොදන්නා කොතෙක් ඇද්ද? එහෙව් කෙනෙක්ද නැවත අගමැති කරන්න හදන්නේ? (නි)
ප්රසන්න මහතා කෙළින් කතාකරන පුද්ගලයෙක් (නි)
ඉදිරි ඡන්දෙකදී මෙයාලා ගැනත් මිනිස්සු බලාගනීවි අපුරුවට (නි)
කෙළින් කතාකරන, කොන්ද පණ ඇති නියම නායකයෙක්.තනතුරු හා වරප‍්‍රසාද වෙනුවෙන් නිදහස් පක්ෂය පාවාදෙන නායකයන්ට නියම කණේ පහරක් ඔබතුමා එල්ලකළේ. නියමයි මහ ඇමතිතුමනි (නි)
ෆයිල් පරණවෙලාද දැන්? (නි)
ඔබ පක්ෂයේ නායකත්වයට වුවද සුදුසු බව පෙනෙනවා (නි)
රතුපස්වල සිද්ධිය වෙද්දී කොහෙද මේ අය හිටියෙ?දන්නෙ නැති නිසයි ඇහුවෙ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. (නි)
අපි ඔබ සමගයි (බ)
ඔබ නිවැරදියි. පොදුවේ රටවැසියාගේ ගෞරවාචාරය ඔබට හිමිවෙනවා. (ර)
පිවිතුරු, මිනිස්සු වඩා කැමති 2005දි දිනනකොට හිටිය මහින්දට (නදී)
කොන්ඳ පන ඇති නියම නායකයෙක්. ඔබට අපගේ ප්‍රනාමය. (ර)
ගම්පහ අපි ඔබ සමගයි. ආදරණිය නායකයා නැවතත් අපි අගමැති පුටුවට ගේනවා. ප්‍රස්සන්න රණතුංග ඔබට අපි අදරෙයි. (ර)
අපි ඔබ සමගයි ජය වේවා ! (ර)
රණතුංගල කවදත් කෙලින් වැඩ කරන මිනිස්සු. රටට වටිනවා. (නදී)
මෙතන තියෙන අදහස් ටිකවත් බැලුවොත් හැදෙන්න පුලුවන් (නදී)