එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දීමට නියමිත බවත්, බදාදා (01) මැදමුලනට යන බවටත් මාධ්‍ය වාර්තා පළ වුවද ප්‍රේමජයන්ත මහතා එහි ගියේ නැත.
එහෙත් අද (01) සවස ඔහු කඩුවෙල මහමෙව්නා අසපුවේ පැවැති උත්සවයට ආවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟය.
ප්‍රේමජයන්ත මහතා ජනපති සිරිසේන සමග බොහෝ වේලාවක් සමීපව සුහදව කතා කරනු දැක ගත හැකි විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දට බලන්නකෝ. (නි)
මම නම් හිතන්නේ අද තමා එයාට හරි පාර පෙනුනේ.ඒකනේ ජනපති පැත්තට හේත්තු වුණේ.ඡන්දෙ කිට්ටු වෙනකොට තව අයටත් හරි පාර පෙනේවි. (නි)
හේමපාල, ශ්‍රීමාල්, සන්ධ්‍යා, ඔබලා හරි. සුසිල් ගතින් මෙතන උනත් සිතින් මැදමුකලානේ. පේන්නේ නැත්ද බැල්ම (නදී)
මෙතුමා බුද්ධිමතෙක්, උගතෙක්, එවැනි පුද්ගලයින් වැරදි මග යන්නේ නැහැ. (අ)
ගිය හකුරට නාඩන්නේ, තියන හකුර රැකගන්නේ කිවලු (බ)
හරි නම් මෛත්‍රී කෙලින්ම ඒජාප සමඟ එකතු වෙන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ පක්ෂ දෙකටම. දෙන කෙනෙක් දෙකෙන් එකකට ඡන්දය දෙයි. දැන් හරියට උණු නිසා බොන්නත් බැහැ කිරි නිසා අහක් කරන්නත් බැහැ වගේ.(ම)
මේවගෙන් පෙන්නේ මේ ඔක්කොම දේශපාලනය රක්ෂාවක් කර ගෙන ඇති බවයි. (ර)
මේ ෆොටෝ වලින් එකක් පැහැදිලියි. මෙතන ඉන්නේ හිතෙකින් නෙවෙයි. දෙගිඩියාවෙන්. කොයි වෙලාවේ කරනම ගහයිද දන්නේ නැහැ. (ර)
මිනිහා මේ සතියේ ඇමෙරිකා ගිහින් හිටියා නේද (බ)
හොඳ -හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට (නි)
සුසිල් කියන්නේ එකපාරක් මහ ඡන්දෙන් වාර්තාගත ඡන්ද ගණනක් ගත් නිහතමානී උගත් කෙනෙක්. ඒ වගේ කෙනෙකුට මේ අවස්ථාවේ බුද්ධිමත් තීරණයක් ගත යුතුවෙනවා. ඩී. වී. උපුල්ලගේ කණ්ඩායමට එක්වෙන්න හිත එකඟ කරගන්න බැරි එක සාධාරණයි. (නි)
එයා දන්නවා එන පොට හොඳ නැති බව. එනිසා හෙමින්ම පාර මාරු කලා. ඔය දේ නොකළ හිටපු ලොක්ක පස්සේ ගිය සේරමට " අබ සරණ " තමා. (නදී
සුසිල් ඔබ ඔබගේ වැදගත් මහත්මා දේශපාලනයකට තිබෙන උනන්දුව පෙන්නුවා.(නදී
පාර නම් වරද්දාගන්න එපා (නි)
වෙලාව ආපු ගමන් බැටේ දෙන්නනේ මෙහෙම කරන්නේ. මෙහෙම නොකර වෙන කොහොමද ඒක කරන්නේ. (නදී
සුසිල් ප්‍රේමජයන්ත මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කරන කෙනෙක් නෙවේ, එතුමා ටිකක් පසු වී තියෙන තත්වය තේරුම් අරගෙන නිවැරදි තැනකට ඇවිත් තියන පාටයි. එතුමා කොහොමද දුමින්ද, උපුල්, විමල්, රත්රන්, චොකා මල්ලි, ඇතුළු නම් නොකියවූ පුද්ගලයින්ට නාම යෝජනා දෙන්නේ. ඔබ නිවැරදියි (බ)
ජීවිතය පුරාම නායකයෝ පස්සේ යනවා මිස තමන්ගේ කියා ස්වාධීන මතයක් කවදාවත් ගොඩනංවා ගන්න සමහරු අපොහොසත් (නි)
මෙදා සැරේ අපි දෙනවා වැඩේ. (නි)
මෙයාගෙ ඇඟ මෙතන තිබුනට හිත වෙන කොහේද වගෙයි තියෙන්නෙ. අන්තිම පොටෝ එකේ මෛත්‍රී දිහා බලාගෙන ඉන්න හැටි නම් එච්චර හොඳ නැහැ වගෙයි පෙනෙන්නේ. (නදී)
කොහොමත් මේ ඔක්කොම ගැන මෙදාපාර තීරණය වේවි (නි)
හේමපාල, ඔයා හරි (නි)
දැන් කට්ටියට වරදිනවා වැඩියි වගේ (නි)
මෛත්‍රී මහත්තයාගේ අතේ දෙපත්නයා ගාපු තෙල මොකක්ද..?(නදී)
මොකක්ද කරන්නේ කියලා ඒයාටත් හිතා ගන්න බැරුව ඉන්නේ.(හේ)
මෙතුමා උදේ වරුවේ සිටියේ මැදමුලනෙයි (නදී)
පුද්ගලයින් වැරදි මඟ යන්නේ සල්ලි නිසා නේ .මම නම් හිතන්නේ විමල්, රත්රන්, චොකා මල්ලි, සුසිල්, දුමින්ද, උපුල්, මේ ඔක්කොම ගැන මෙදා පාර තීරණය වේවි (ම)
මෛත්‍රී ජනපති තුමන් පරෙස්සම් වෙන්නෝන මේ වගේ දෙපත් නයින්ගෙන් (නදී)
කොහොම හරි මෛත්‍රී හරි පාරට ගන්න උගත් රටට ආදරය කරන කෙනෙක් හැටියට සුසිල් අන්තිම වෙනකම් උත්සහයක් ගනීවි. පස්සේ එය හරි තැනක යාවි.(ම)
මුගේ බැල්ම අල්ලන් නෑ (ම)
යන මඟ වරද්දාගන්න නම් එපා (නි)
මෙතන ඉන්න අයගෙන් විජේදාස රාජපක්ෂ මහත්තයා විතරනේ සිනාමුසු මුහුණින් ඉන්නේ! (නි)
සුසිල් ඔලුව එක පැත්තකට හරවගෙන ඇස් දෙකෙන් අනිත් පැත්ත බලනකොට හරි ශෝක් (ම)
දෙවෙනි ෆොටෝ එකයි හතරවෙනි ෆොටෝ එකෙනුයි මිනිහගේ සැබැ ස්වරුපය පෙන්නනවා.(බ)