එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වයට සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර තිබේ.
සන්ධානයේ මහලේකම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක වන ප්‍රේමජයන්ත මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතය. ඔහුට ජාතික ලැයිස්තුවෙන් තැනක් දීමේ අදහස වෙනස් වී ජනාධිපති උපදෙස් අනුව තරග කිරිමට යයි.
මේ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා අත්සන් කිරීම අද දිනයේ ආරම්භ කර තිබේ.හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ,විමල් වීරවංශ යන මහත්වරුන් ද නාමයෝජනා සඳහා අත්සන් තබා තිබේ.මොවුන් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සන්ධානයේ අගමැති අපේක්ෂකයා කරවිය යුතුයි යන ස්ථාවරයේ සිටි පිරිස් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලනොලත් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමනි ඔබට ජය ශ්‍රී. (බ)
අපි වෙනුවෙන් කැප වෙන ඔබ අපේ වීරයෙක් ජය වේ මැතිදුනි (බ).
ඔබතුමා ඉතා බුද්ධිමත් එමෙන්ම යහපත් දේශපාලකයෙකි. සාධාරණ මිනිසුන් ඔබට ඡන්දය දෙනු ඇති. ඔබට යහපතක්ම වේවා. (නි)
ඔබට සුබ පතනවා! (නි)
නායකත්වයේ වගකීම දරන්න පුළුවන් නායකයෙක් කොළඹ වගේ ජයගැනීමට අමාරු දිස්ත්‍රික්කයකට පත්කිරිමම සතුටක්. සුසිල් මැතිඳුනි, ඔබ ඇතුළු මුළු කණ්ඩායමටම මගෙන් සුබපැතුම්! ජයවේවා!!! (නි)
නියමයි. ජයවේවා! (නි)
සුසිල් උගත්, බුද්ධිමත්, කියන දේ කරන නායකයෙක්. ආදිසිසුන් හැටියට අපි ඔබට සුභ පතනවා! (නි)
ඔබතුමාට ජය! (නි)
බලයෙන් ඔලුව උද්දුම්මවාගෙන ඉන්නන් ගැන අපි බලාගන්නම් (නි)
නියමෙටම නියමයි. (නි)