බුද්ධ පුත්‍රයකු වූ තම පුතාගේ අතින් අල්ලාගෙන ගමන් කරනුයේ එම බුද්ධ පුත්‍රයා බිහි කළ වයෝවෘද්ධ මාතාවයි.
පුතා ගිහි ගෙය අත් හැරියත් මවට ඇති ආදරයේ වෙනසක් නැත. තමන් වහන්සේ වීරකැටිය මණ්ඩාඩුව පුරාණ විහාරයේ වැඩ වාසය කළත් තම මවට වහළක් නැති දුක ජඳුරේ සුමනසිරි (29) හිමියන්ට තදින්ම දැනී ඇත.
පසුගිය බිනර පෝදා සුමනසිරි හිමියන් තම මව ද සමඟ ජඳුරට වැඩම කළේ හිතවතකු හමුවීම සඳහාය. ඒ මවට හදා දීමට යන ගෙට උදව්වක් ලබා ගැනීමටය.
පන්සලේ දායක සුදත් ජානක මහතා සුමනසිරි හිමියන්ට බ්‍රහස්පතින්දා (11) ජංගම දුරකතනයක් පරිත්‍යාග කළේය. දුරකතන අංකය - 071 57 26 989
සුමනසිරි හිමියන්ගේ ගිහි නම වන එච් ඒ තිසර රුවන් නමින් මහජන බැංකුවේ අඟුණකොළ පැලැස්ස ශාඛාවේ ගිනුමක් ඇත. 205 2001 800 390 12
ලිපිනය - ශ්‍රී සුධර්මාරාමය, මණ්ඩාඩුව, වීරකැටිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට සරණා කප්යුග සංසාරේ ..... කුමට පතන්නෙද ගෞතම සමිඳුනි ඔබේ පුතුන් සරණා අතරේ.... (නි)
වෙන මොකුත් විස්තර ඕනෑ නැහැ. අපි හැමෝටම පුළුවන් ඔය තියෙන අංකයට කතාකරලා උදව් කරන්න. (නි)
ඇන්ඩෝ, ඔබ නම් හරිම අන්ධයෙකි (නි)
කරුණාකර ලිපිනය සහ බැංකු ගිණුම් අංකය සඳහන් කරන්න. (නි)
අපි හැමෝම උදවු කරන්න කැමතියි (නි)
කාට කාටත් පුළුවන් හැටියකට උදව් කරමු .දුක හිතෙන දසුනක් (නි)
අපි මේ අංකයට කතා කළා. එහෙත් සම්බන්ධ කර ගන්න බැරි වුණා. ලංකාවෙන් බැහැරව ඉන්න ගමන් මේ තීරය සමග මව්බිමට ඇති ආදරය නිසා සම්බන්ධ වෙන අපිට පසුගිය කාලයේ සමහරු නොයෙකුත් උපහාස කතා කිව්වා. (නි)
ස්වාමින්වහන්සේ, මට ඔබතුමාගේ බැංකු ගිණුම් අංකය එවන්න පුලුවන්ද? (ස)
දෙවිපිහිටයි ඔබ වහන්සේට. (ස)
උදව්වක් කිරීමට බලපොරොත්තු වෙමි. දුරකථන අංකයක් හරි ලිපිනය සදහන් කරන්න. (ස)
දකින්නත් ආසා හිතෙන දසුනක්. හිමියනි, ඔබ නම් නියම බුද්ධ පුත්‍රයෙකි (නි)
ලංකාදීපය මාධ්‍යකින් සිදුවිය යුතු යුතුකම් හා වගකීම් සැමදා අකුරටම ඉටුකළා. හැකිනම් මේ පුවත යළි යාවත්කාලින කරන්න තොරතුරු සහිතව. මා මෙන්ම ගොඩක් දෙනා උපකාර කිරීමට කැමැත්තෙන් සිටිනවා (නි)
රූපවති සොයුරිය, ඔබට ස්තුතියි! (නි)
කරුණාකර ලංකාවේ ඉන්න කෙනෙක් මේ අංකයට කතා කළොත් කියනවාද දුරකතනය විසන්ධි නොකර භාවිතයේම තියාගන්න කියලා. අපි වෙලාවේ වෙනස බලලා කතා කළත් සම්බන්ධ වුණේ නැහැ. ස්තුතියි. (නි)
ලංකාදීපයට මගේ ප්‍රණාමය! (නි)
මමත් හැකි අයුරින් පිහිට වෙනවා (නි)
ඔන්න බුද්ධ පුත්‍රයෝ. හාමුදුරුවන්ගේ දුර. අංකයක් හෝ ගිණුම් අංකයක් දැම්මොත් ලේසි. (ස)
බලන්න, පිටරට ඉඳලා ආධාර කරන්න හොඳ හිතින් කී දෙනෙක් ඉදිරිපත් වෙලාද කියලා. මම දන්නා කෙනෙක් ඊයේ පිටරටින් කතා කරලා වැඩි විස්තර දැනගෙන කියන්න කිව්වා ආධාරයක් කරන්න. ඒත් මම දැකලා තියනවා සමහරු පාඨක තීරයේ, පිටරට ඉන්න ලාංකිකයන්ට එක එක කතා කියන හැටි. (නි)
ශාසනයට දරුවන් පුජා කළ මව්වරුන්ට අසරණ වෙන්න ඉඩදෙන්න බැහැ. මේ මාසයේ පඩියෙන් කොහොමහරි යමක් ඉතිරි කරගෙන මගේ මහත්තයාවත් සම්බන්ධ කරගෙන මේ පින්කමට සහභාගි වෙනවා. (නි)
ශාසනයට දරුවකු පුජා කරන්න ලැබෙන්නේ මහා පින් කළ අම්මලාට විතරයි. අපේ දරුවනුත් මේ වැඩේට හැකි පමණින් ආධාර දෙනවා කිව්වා. ඒ අසා මට අම්මා කෙනෙක් හැටියට ලොකු සතුටක් දැනුනා. (නි)
ඉක්මනින් උදවුවක් කිරීමට බලාපොරොත්තු වෙනවා!! (නි)
මගේ මව මියගියේ මට අවුරුදු 6 විතර වයසේදී. අම්මා කෙනෙකුගේ අගය දැනුනේ තාත්තා කුඩම්මා කෙනෙකු ගෙදරට ගෙනවිත් ටික කලක් ගියාට පස්සෙයි. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ උත්සාහයට මමත් උපකාර කරනවා. "ගෙදර බුදුන් අම්මා" රැකගැනීම මහඟු පින්කමක්. (නි)
අජිත් සොයුර, ඔබගේ අදහස මා නෙතු තුලට කදුලක් නැගුනා. අම්මල වගේ කුඩම්මලත්, කුඩම්මලා වගේ අම්මලත් ඉන්න බව එසැන තුලින්ම අපි දන්නවා. ඔබේ මවට මෙවන් අකල් මරණයක් මතු සසරක නොවේවා කියල පතනවා. මෙවැනි දේ වලට උපකාර කිරීමට මමත් ආසයි නමුත් මේ දිනවල ටිකක් අපහසුයි ටෙලිෆෝන් නොම්මරේ ලියල තිය ගත්තා ඉදිරි දිනක උදව්වක් කරන්න. බුදු පුතෙක් උනා මගේ එකම පුතා, මේ අම්ම ගොඩක් වාසනාවන්තයි., දීර්ඝායුෂ පතනවා (නදී)
අජිත්, මට ඔබ ගැන හරිම කණගාටු හිතුනා. මට නම් අම්මා කෙනෙක් වගේ අක්කා කෙනෙකුත් ඉන්නවා. ඔබ මේ ආත්මයේ පුළුවන්තරම් පින් කරලා සසර පුරා මව් සෙනෙහස ප්‍රාර්ථනා කරන්න. (නි)
වරුණ, ඔබගේ අදහස ඉතාමත් අගය කරනවා. ඒක බලපු මට නොදැනීම කඳුළු වැටුනා. ඇත්තමයි වරුණ, මම හැකි හැම විටම පින් දහම්වල යෙදෙනවා. මතු භවය තුළදීවත් මගේ අම්මට අකල් මරණ සිදු නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඔබගේ අක්කාට දීර්ගායුෂ ලැබේවා! (නදී)
ඔබ නියම බුදු පුතෙක්. ඔබට නිවන් යන්න මේ පිනම ඇති (නදී)
ගොඩාක් සංවේදී සිදුවීමක්. මටත් හැකි අයුරින් උපකාර කරනවා. ලංකාදීප කළ මෙහෙවරට තුති පුදමි (නි)
කරුණාකරලා අපිට බැංකු ගිණුම් අංකයක් ලබාදෙන්න. එංගලන්තයේ සිට කෙළින්ම මුදල් දාන්න කැමති අය ගොඩක් ඉන්නවා. (නි)
මම මෙය ලියන්නේ එංගලන්තයේ ඉඳලා. කරුණාකරලා බැංකු ගිණුම් අංකය දන්වන්න. මෙවැනි කතාවක් ඔබ පුවත්පතේ දැමීම ගැන අපි බොහෝ කෘතඥ වෙමු. ඔබට පින්සිද්ධ වෙනවා. (නි)
ස්වාමින් වහන්සේගේ පැවිදි ජීවිතය ගැන ලිපියකුත් හැකිනම් පළකරන්න. (නි)
උදව් කරන්න කැමති අයට අංකයක් මෙහි සඳහන්ව තිබෙනවානේ.... (නි)
මේ පින්වත් මෑණියන්ට උදවු කිරීමට මම කැමතියි (නි)
මම දන්නවා අපේ රටේ ඕනෑ තරම් පින්වතුන් ඉන්නවා නම් ප්‍රසිද්ධ කරන්ට අකමැති නිහඬව සමාජ සේවය කරන. එම පින්වත් උදවිය අනිවාර්යයෙන්ම මේ මවට උදව් කරාවි. බුදු සරණයි ! (නදී)
මමත් අනිවාර්යයෙන් උදවුවක් කරනවා (නි)
අදහස් ඉදිරිපත් කළ සහ උදව් කිරීමට බලාපොරොත්තු වන සැබෑ මිනිසත්කමට මාගේ ප්‍රණාමය! හිතවත් ලංකාදීප, ඉහත බුද්ධ පුත්ත්‍රයන් වහන්සේ ඍජුවම සම්බන්ධ කළ හැකි නිවැරදි තොරතුරු සහ ගිණුම් අංක මෙම පුණ්‍යවන්තයින් වෙත ලබාදීමට කටයුතු කරන්න. එමෙන්ම ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය දන්වන්න. මේ පුවත පළකිරීම වෙනුවෙන් ඔබට ස්තුතියි! (නි)
ගිණුම් අංකයක් දැනුම් දෙන්න. (ස)
උදව් කරන්න නම් කැමතියි, එහෙත් අද ලංකාවේ මිනිස්සු මේ වගේ අසරණ ෆොටෝ එකක් අරන්, දුරකථන අංක, ගිණුම් අංක දමා සල්ලි හම්බ කරනවා. අපිට පුලුවන්ද මේවා විශ්වාස කරලා උදව් කරන්න. (ස)
බුදු මඟ යන බුදු පුතෙක්. දෙදෙනාටම සසර කතර එතෙර පතමි. (නි)
කරුණාකර බැංකුවේ නම ශාඛාව , ගිණුම් හිමියාගේ නම , ගිණුම් අංකය ,ස්විෆ්ට් කෝඩ් අංකය යන විස්තර පල කරන්න. දැන් මෙච්චර විස්තර මොකටද කියල හිතන උදවියට මම පිටරටින් සල්ලි එවන්න යන්නේ කියන දේ අකමැත්තෙන් ලියන්න වෙනවා. පසුගිය පුවතකට මගේ ප්‍රතිචාරයකදී කෙනෙක් ඇහුවා මට පිටරට ඉන්නවා කියල ප්‍රසිද්ධ කරන්න ඕනද කියලා. (නදී)
එංගලන්තයේ තියෙන ප්‍රධාන බෞද්ධ විහාරයේ දැනට වැඩ සිටින කෝන්වැවේ ආරියරත්න හමුදුරුවොත් මම උපන් අනුරාධපුර පළාතේ ඉපදුන බෞද්ධ පුත්‍රයෙක්. මේ හාමුදුරුවන්ටත් හොදට ඉගෙන ගෙන මේ වගේ රටකට ඇවිත් දහම් දේශනා කරන්ට ලැබේවා. (නදී)
අජිත් මගේ නෝනත් ලඟදි මිය ගියා. මගෙත් දෙවෙනි දරුවට අවු 6 යි .මට එයාව මතක් වුනා. හැබැයි මම ආයිත් කසාදයක් කරගන්නේ නැහැ. නෝනා පතපු දේවල් කොහොම හරි ඉෂ්ට කරලා සසර කෙටි කරගන්න බලනවා. (නදී) හිතවත් ලංකාදීප/පාටකයිනි,, ප්‍රවුර්තියේ සඳහන් අංකයට කතා කර ස්වාමීන් වහන්සේ සම්බන්ධ කර ගත්තා.උන්නාන්සේට පරිදි උන්නාසේ පැවිදි වීමට ප්‍රථම ආරම්භ කරනලද ගිණුමක් ඇත.පැවිදි වූ පසු මුදල් පරිහරණයට අකමැති නිසා ගිණුමක් ආරම්භ කර නොමැත.තවද උන්නසේගේ අවශ්‍යතාවය ලක්ෂ 2කි.(පැවිදි නම සුමන හිමි) ඊට වඩා වැඩි මුදලක් අවශ්‍ය නැති බවද සඳහන් කලා. බැංකු විස්තර පහත පරිදිය. ගිණුමේ නම : තිසර රුවන් ගිණුම් අංකය : 20520180039012 මහජන බැංකුව , අගුනුකොලපලැස්ස
මම ඉන්නේ එංගලන්තයේ. දුරකථන අංකවලින් වැඩක් නැහැ මට අවශ්‍ය බැංකු ගිණුම් නොම්මරය. ලංකාදීප පත්තරයේ මෙවැනි දේවල් නිතර දෙකල තියනවා. මේ පත්තරේ වැඩ කරන කාර්ය මණ්ඩලේ මහත්වරු නෝනා වරු දකින්න හරිම ආසා හිතෙනවා. හරිම කරුණාවන්ත පිරිසක්. මම ලංකාදීපය අන්තර් ජාලයෙන් දවසකට සියක් වාරයක් කියවනවා. (නදී)
අනේ, හරිම දුක හිතෙනවා. අම්මට පය දෙකට සෙරෙප්පු දෙකක් වත් නැහැ වගේ. ඔලුවට පොරවාගෙන ඉන්නේ තුවායක්. ත්‍රී රෝද රථයක්වත් ගන්න සල්ලි නැතුවා වගේ පේන්නේ. මට නම් අද දසටම මේක හිතෙන් අයින් කරන්න බැහැ (නදී)
මෙම ස්වාමින් වහන්සේ දුටුවහම මට මතක් වුනේ එක ජාතක කතාවක බෝධිසත්වයන් තම මව උරහිසේ රුවාගෙන සයුර තරණය කරන විලාසය. මහලු දෙමාපියන් නිවසින් එලියට දමන සමාජයේ මේ පිනම ඇති ඔබ වහන්සේට නිවන් දකින්න. තවමත් කුලුණු බර හදවත් ඇති ලාංකිකයන් සිටින බව කොමෙන්ට් දැකීමෙන් පෙනෙනවා. ඔබ සියලු දෙනාටමත් ලබාදෙන දේ මෙන් දහස් ගුණයක් ලැබේවා, දිවි සරුවේවා (නදී)
ස්වාමින් වහන්ස, දශ බල සේනා නැතත් ඔබ වටා පින්වත් ලාංකික සේනා ඇත ඔබ වෙනුවෙන් ලොව වටා ඔබ වහන්සේගේ ගිනුමක අංකයක් දායක මහතාට ලබාදෙන්න (නදී)
පද්මේන් සොයුර, නෝනා මහත්මියගේ අකල් වියෝව ගැන ශෝක වෙමි. ඔබගේ ප්‍රාර්ථනාව අනුව දරුවා හදා වඩා ගෙන උසස් අධ්‍යාපනයක් ලබාදීමට හැකිවේවා! අපේ කුඩම්මා මම 5 ශිෂ්‍යත්වයට ලියන දවසේ උදේ පාසල් ඇඳුම් වතුරේ ඔබලා තිබුනා. මම අල්ලපු ගෙදර අයිය කෙනෙකුගේ ලොකු ඇඳුම් ඇඳලා ගිහින් විභාගේ ලියල තමයි විභාගේ සමත් උනේ. මට උදවු කල අය එම සිද්ධි හොඳින් දන්නවා. ඔය එකක් විතරයි. බුදු බව අත්වෙයි පද්මේන්, දෙවෙනි කසාදයක් නම් කර ගන්න එපා. පහන්දී සොයුරිය, එහෙම හොඳ කුඩම්මලත් ඇති. ඒත් මට ලැබුණු කුඩම්මා එහෙම නැහැ. මම පාසල් ගිහින් එනකොට බත් මුට්ටිය ට වතුර දාල තියෙනවා. මොනවා කරන්නද වතුර ටික පෙරලා දිය බත්වලට ලුණු ඉහගෙන කාලා කුස ගින්න නිවා ගන්නවා. සමහර දාට කොස් ගැටයක් කඩල මදුළු දෙකට දෙකට කපලා තම්බලා කනවා. ළඟ ඉන්න අපේ ආච්චිලගේ ගෙදරට ගිහින් මොනවා හරි ඉල්ලන් කෑවොත් මම හිගමනේ ගිහින් අපේ පවුලට ලජ්ජා කරනවා කියල තාත්තා හවස ගෙදර අවාම කියල වේවැලකින් පිට හරහට ගස්සෝනවා එහෙම ගුටි කාපු දවසක ගෙදරින් පැනල ගිහින් තමයි මම මේ තත්වයටවත් ඉගෙන ගත්තේ. උසස් රැකියාවක් හිමි උනේ. අනේ මට උදවු කරපු සැමට පින්. කලින් කසාදයේ දරුවෝ ඉන්න කිසිම තාත්තා කෙනෙක් දෙවැනි කසාදයක් ගැන හිතනවා නම් කලින් දරුවන්ව මරලා දාන්න. ඒක පව් නැහැ දෙවැනි කසාදයට වැඩිය. (නදී)
මා වෙස්ටර්න් යුනියන් මඟින් යැවූ මුදල් ලබාගත් බවට අද මට දැන්වුවා. හැකිකෙනෙක් රුපියල් 100කින් හෝ උදව්වක් කරන්නේ නම් අපි බෙර ගහමින් මහා ලොකුවට සතිගණන් ගමකට කන්න දෙන්න බත් තම්බනවාට වඩා උතුම් පිනක්. හිසට සෙවණක් දී, අසරණයෙකුගේ සිත සතුටු කිරීමෙන් අපි මෙලොවදීම ඒ පින් ලබාගෙන අපේ ජීවිත ආලෝකමත්ව බැබළෙනවා ඒකාන්තයි. (නි)
මෙවැනි හිමිවරු තමයි මතු බුදු වෙන්නේ. කරුණාකර ගිණුම් අංකය එවන්න (නදී)
මම අද උදේ විදේශයක සිට ඇමතුවත් කිසිවෙකු ඇමතුවේ නැහැ. උදව් කිරීම සඳහා හදවතින්ම කැමති වූ දැහැමි අපේ ශ්‍රී ලාංකිකයෝ කී දෙනෙක් නම් ඉදිරිපත් වී සිටියත් ඒ අවස්ථාව උදා කරගන්න, ඒ හාමුදුරුවන් වහන්සේට හැකියාවක් නැති එක ගැන මට ගොඩාක් දුකයි. මා ලංකාවේ හිටියා නම් මගේ වියදමින් හොයාගෙන ගොස් දුරකතනයක් ලබා දෙනවා මේ ආධාරය ලබා ගැනීමට කරනා පුණ්‍යකර්මයක් හැටියට සිතලා. හිතට දුකයි. ඔවුන්ව යොමුකර ගැනීමට නැවතත් උත්සාහ කරමි! (නි)
උපකාර කිරීමට විස්තර පහත පරිදිය. ශ්‍රී සුධර්මාරාමය, මණ්ඩාඩුව, වීරකැටිය. දුරකතන අංකය :0715726989 නම : තිසර රුවන් ස්වාමීන් වහන්සේ ගිණුම් අංකය : 205200180039012 මහජන බැංකුව , අගුනුකොලපලැස්ස. (අ)
මේ හාමුදුරුවෝ විවිධ සේනාවලට නොබැඳි මෙහෙම කරන එක ලොකු දෙයක් (නි)
ලංකාවේ ඉඳලා සාධාරණව උපයන මුදලින් මේ මෑණියන්ට උදව් කරනවා නම් මම කැමතියි. මමත් හැකි විදිහට උදව්වක් කරනවා. (නි)
කරුණාකර ගිණුමේ විස්තර සමග බැංකුවේ ස්විෆ්ට් කෝඩ් අංකය පළකරන්න. අපි පිටරටින් සල්ලි එවන්නේ. ඒ නිසා එම අංකය අවශ්‍යයි. ඇත්තටම මම පිටරටින් සල්ලි එවනවා කිව්වේ නොලියා බැරි තැන. සමහරු අහයි සල්ලි එවන්නේ කොහෙන්ද කියලා කියන්නත් ඕනෑද කියලා. මෙතන සමහර කට්ටිය අපට කරන උපහාස වල හැටියට බුද්ධිමත් පාඨකයන් බහුතරයක් නිසා තමයි තවමත් මේ සභාවේ රැඳී ඉන්නේ. (නි)
මගේ දෙමව්පියන්ට පින් පතා මම කරන්නේ ලංකාවේ සිටින මගේ සහෝදරයින් දෙන්නට සැළකීමයි. මාස්පතා මම එය කරනවා. අජිත් සොයුර , ඔබේ දුක්බර කතාව දැක මම හැඬුවා. පැමිණි දුක් පැණි රසයි කියා හිතලා අද ඔබ සමාජයේ උසස් තැනක ඉන්න එක ගොඩක් සතුටක්. සියල්ලන්ට මව්ගුණ දැනේවා. (නි)
කරුණාකර ගිණුමේ සියලුම විස්තර - බැංකුවේ නම , ශාඛාව , ගිණුම් හිමියාගේ නම සහ ස්විෆ්ට් කෝඩ් අංකය පළකරන්න. අපි ලංකාවෙන් බැහැරව සිටියත් මව්බිමට ඇති ආදරය නිසා මේ පාඨක තීරයෙන් සම්බන්ධ වෙනවා. ඒත් සමහර උදවිය පිටරට යන වචන අල්ලාගෙන අපිට කියන කතා නම් ඉතා අප්‍රසන්නයි. (නි)
සිසිර, ඔබ හරි වෙන්න පුළුවන් (නි)
සිසිරගේ අදහසම තමයි මටත් කියන්න තියෙන්නේ. (නි)
බුද්ධ පුත්‍රයෙක් වුවත් තම මව බලාගැනිමේ වගකීමක් ඇති බව පසක් කරන්නක්. (නි)
මම මේ ස්වාමීන් වහන්සේට කතා කළා. හැකි ඉක්මනින් මුදල් එම ස්වාමීන් වහන්සේට ලැබෙන්න සැළැස්වුවා. හිතට සතුටුයි ..! (නි)
ඔබ ඇත්තටම බුදු පුතෙක්! (නි)
අජිත් කරුණාරත්න ..සොයුර පද්මේන් සොයුර, ඔබ දෙපලගේ ලිපි ගොඩාක් සංවෙදියි නෙතින් කදුලක් ගලාගෙන ගියා නොනැවතීම ..ඔයාලගේ ආත්ම ශක්තියන් ගැන මම ගොඩාක් ආඩම් බර වෙනවා.. ඔයාල ඔයාලගේ දරුවන්ට කවදාවත් වැරදිනේ නැහැ දේවාශිර්වාදය අනිවාර්යෙන් ලැබෙනවා ..! අපි කවදාවත් අනුන් කරන දේට දඩුවන් කරන්න හොද නැහැ ..අපි ඒවා නොදක්කසේ අපේ ඉලක්කයන් ජයගන්න උතසාහ කරන්න ඕන .. ඒටික තමයි ඔයා අද ජය ගෙන තියෙන්නේ ...ඔයාල අනිකුත් අයට ආදර්ශයක්ම වේවා ..!තෙරුවන් සරණයි ..! පද්මේන් සොයුර දියණියව රැක බලාගැනීමට අධ්‍යපනයට ඔබට මහා මෙරක් සේ ශක්තිය ලැබේවා ! ඔසවන අඩියක් අඩියක් පාසා වාසනාවේ දොරටු විවර වේවා ..!!! (අ)
පනාමුර සුරියකන්ද පාරේ තියන ජදුරද මේ කියන්නේ? මටත් පුළුවන් උදවු කරන්න. (නි)
අජිත් මහතා , ඔබේ කතාව අසා මට කඳුළු නවතාගන්න බැරි වුණා. මම මහත්තයාගේ නංගිගේ දරුවෙක්ව ආදරයෙන් දරුකමට හදාගන්නවා. නංගි දරුවාට මාස 6දි පිළිකාවකින් නැති වුණා. එදා ඉඳලා ළමයා භාරගත්තේ මම. ඒ දුව සාමාන්‍ය පෙළ ඒ 9ක් එක්ක සමත් වෙලා දැන් උසස් පෙළ ලියනවා. මගේ දරුවාට වඩා ඒ දුව මට කීකරුයි. ඔබ කණගාටු නොවී ජීවිතය ජයගන්න. හැකි තරම් අනාථ දරුවන්ට සළකන්න. ඔබට සසරේ කවදාවත් යළි මව් සෙනෙහස අහිමි නොවේවි. (නි)
මොන විදියකටවත් දුරකතනයෙන් සම්බන්ධ කරගන්න බැරි වුණා. බැරිම තැන ලංකාවේ ඉන්න මගේ මල්ලිට සල්ලි යවලා එයාට කිව්වා ස්වාමින් වහන්සේගේ ගිණුමට සල්ලි දාන්න කියලා. (නි)
" මාතා පිතු උපට්ඨානං පුත්ත දාරස්ස සංඝහෝ "බුද්ධ පුත්‍රයෙකු උනත් තමා බිහිකළ මෑණියන්ට ඇප උපස්තාන කිරීම පුතෙකුගේ වගකීමක්. ගිණුම් අංකයක් සඳහන් කරන්නේ නම් අපටද සම්මාදමක් විය හැක. (ස)
සංවේදී අයගේ අදහස් දුටුවිට විශාල ආඩම්බරයක් හිතට දැනුනා. ලංකාදීපයට ස්තුතියි! (නි)
ලංකාවේ අය දේපල නිසා මරාගන්නවා.පොඩි හාමුදුරුවනේ, පවුලේ අය නම් ඕකට ගාවාගන්න එපා.තනියම කරන දෙයක් කරන්න (නි)
උදව්වක් කරන්න විධියක් කියන්න. දු. ක. 0966508587200...(ස)
දැස නොපෙනෙන මවට උපකාර කිරිම ඇස් ඇති බලවතුන්ගේ ඇස් ඇරේවා. (ස)
මේ හාමුදුරුවන්ව සම්බන්ධකර ගන්න ලිපිනයක් හරි...දුරකතන අංකයක් හරි දෙන්න පුලුවන්ද? උදව්වක් කරන්න බලාපොරොත්තු වෙනවා. (ස)
මට ලිපිනය ලබාදෙන්න මට පුළුවන් උදව් කරන්න මගේ ටෙලිෆොනේ 00973 39725559 (අ)
දුර කතන අංකය ඔය තියෙන්නේ පැහැදිලිව ම.0717686016. උදව් කරන අයට ඒ පිනෙන් මතු සංසාරේ හොඳ නිවාස වල ට හිමිකම් ලැබේවි.(අ)
සජිත් මහත්තයාව හමුවෙන්න, සැබෑවටම පුලුවන් උදව්වක් කරයි. (ස)
මේ පින්වත් අම්මට හිතෙනවා ඇති එදා අත අල්ලාගෙන ඉස්කෝලෙට අරන් ගිය හැටි. අපේ සංස්කෘතික වටිනාකම් තවමත් ජීවමානය. (ස)
රූපවති සොයුරිය, මේ මගේ දුක්බර කතාවෙන් කොටසක් විතරයි. මා වෙනුවෙන් කණගාටුවට පත් ඔබට අපි සදා ලැදි වෙමු. නැගණිය, ඔබටත් අනුන් වෙනුවෙන් උණුවන හදවතක් තිබීම ගැන සතුටු වෙමි. (නි)
කරුනාකර ආධාර කරන්න පුළුවන් ක්‍රමයක් පල කරන්න. මුදල් යැවීමට යම්කිසි විස්වාස කටයුතු බැංකු ගිණුමක් තිබුනොත් වඩා පහසුයි. මේ මාතාවට බැංකු ගිණුම් තියනවා කියල හිතන්න අමාරුයි. (නදී)
දුරකථන අංකය දමන්න. හාමුදුරුවනේ, අපි ඔබ වහන්සේගේ ක්‍රියාවට දායක වන්නම්. (නදී)
පවු උදවු කරන්න.(අ)
අපිට පුළුවන් උදව් කරන්න (නි)
දයාබර ලංකාදීපය, මෙවැනි දේවල් සඳහා ඔබ කරන දායකත්වය ඉතාම අගයකරමි, සැමවිටම මෙවැනි දෙයක් පලකරන විට ගිණුම් අංකයත් සමග හෝ සම්බන්ධතා ලිපිනයක් පළකිරීම අගනේය.. මමද විදේශයක සිට උදව්වක් කිරීමට බලාපොරොත්තු වෙමි. (ස)
බුදුබව පතන කාලයේ සිය මෑණියන්ව කරමත තබාගෙන මහ මුහුදට පීනා තරණය කළ අප බෝසතුන්. හාමුදුරුවනේ, ගිණුම් අංකය දෙන්න. (ස)
අවශ්‍ය වේලාවට උදව්වක් කිරීම අපේ වගකීමයි (නි)
ඔන්න මම 2000 ක් දැම්මා. (නදී)
ගාමිණී කඩේ යනවා නේද? (ස)
කවුරුන් හෝ සල්ලිකාරයෙක් උදව් කරන්න. (ස)
ධෛර්යවන්ත හාමුදුරුනමක්. හැකි නම් උදව් වෙන්න. ලොකු පිනක් (නි)
බුදු පුතෙක්! (නි)
අම්මේ, ඔබ අපේ ආයුෂත් ගෙන බොහෝ කල් ජීවත්වේවා! (නි)
වැදු මවට කම්මුල් පහරදී නිවසින් පන්නා දමන දරුවන් සිටිනා සමාජයක මේ දසුන දුටු මගේ හදවත පතුලෙන්ම කඳුලක් නැඟවිත් නෙතින් ගලාගෙන ගියා. අපිටත් ආදරණීය දෙමවුපියන් සිටියා. පුද්ගලයෙකුට හිසට සෙවණක් දීම මේ භවයේත් මතු භවයේත් තමන්ට ඒකමතිකවම, කරගන්නා මහගු පුණ්‍යකර්මයක්. මම පුද්ගලිකවම උදව් කරනවා. (නි)
කරුණාකරලා ගිණුම් අංකය කියන්න අපිටත් සම්මාදම් වෙන්න. දුක හිතෙනවා මේ ඡායාරූපය දැක්කම (නි)