සුසුම්නා අනතුරුවලට ලක් වු ආබාධිත රෝගීන්ට දවසේ පැය විසිහතර පුරා වෛද්‍ය උපදෙස් ලබා දීම සඳහා විශේෂ දුරකතන අංකයක් ක්‍රියාත්මක බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධානී විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ මහතා පැවසීය.
011-2685814 නැමැති එම දුරකතන අංකය ඇමැතීමෙන් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට හැකි බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය පින්ටෝ මහතා සඳහන් කළේය.
කොළඹ ජාතික රෝහලේ සුසුම්නා අනතුරු පිළිබඳ සම්පත් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වෙයි.ඒ හා සම්බන්ධ වෛද්‍යවරු රැසක් මෙම මධ්‍යස්ථානයට අනුයුක්තව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් වැඩක් (බ)