බහුතරයක් පාසැල්වල පංති කාමර සිසුන්ට හිතකාමී නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය කළ අධ්‍යයනයක දී හෙළිවී තිබේ.
විශේෂයෙන් දරුවන්ට සපයා ඇති ඩෙස් බංකුවලින් 80% ක්ම ඔවුන්ගේ ශාරීරික මිනුම් දඬු හා නොගැලපෙන බව ද එම අධ්‍යයනයෙන් කියවේ.
පාසැල් පංති කාමර තුළ සෞඛ්‍යාත්මක සාධක පිළිබඳ කළ මෙම අධ්‍යයනයේ දී ප‍්‍රමාණවත් ආලෝකය, වාතාශ‍්‍රය, පුද්ගල අවකාශය, වාඩිවන ස්ථානය, ඩෙස් බංකු, හා පාසැල් බෑගය යන අවශ්‍යතා දරුවන්ට ගැලපෙන අන්දමින් නොමැති බව හෙළි වූ බව එම අධ්‍යයනය මෙහෙයවූ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පැවසීය.
කළු ලෑල්ලට සාපේක්ෂව සෞඛ්‍යයට හිතකර පරිදි සිසුන්ට වාඩිවීමට අවස්ථාව නැති බවත් විටින් විට ඉරියව් මාරු කිරීමට සිසුන්ට අවස්ථාව නොලැබෙන බවත් අධ්‍යයනයේ දී හෙළිවූ බවද වෛද්‍යවරයා කීය.
මේ හේතුවෙන් දරුවන්ට විවිධ මාංශපේශී හා සැකිලි ආශ‍්‍රිත වේදනා, විඩාවට පත්වීම, මානසික අසමතුලිතතා මෙන්ම කොඳු ඇට පෙළ ඇදවීම ද සිදුවිය හැකි බව ජයරත්න මහතා පෙන්වා දුන්නේය.
අධ්‍යයනයේ දී හෙළි වූ විශේෂ කරුණ වන්නේ පාසල් දරුවන්ගෙන් 35% ක් නිදන් ගත මාංශ පේශී රෝග හා සැකිලි ආශ්‍රීත වේදනාවලින් පෙළෙන බව යැයි ද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පෙන්වා දුන්නට, පාලකයෝ ඉන්නේ බීරි අලින්ට වීණා වාදනය කරන ලෙසටයි. ඔවුන්ට ඒවායින් පලක් නැත. සාක්කුවට වැටෙන දේ ගැන තමයි සිතන්නේ. ලංකාව දියුණුවේ ඉහලට නොයන්නේ මෙවන් කරුණු නොපිලිපැදීම නිසයි. (ම)
තනිකර ඇත්ත අපිත් ඉගෙන ගත්තේ ඔය වගේ අසීරු වාතාවරණයක.... අනාගත පරපුර වෙනුවෙන් වත් යහපතක් කරන්න.(ම)
කරුනජිව මහත්තයෝ පාලකයන්ට ඕව වෙඩක් නැහැ. දැනට ලංකාවේ තියන ලොකුම ප්‍රස්නේ තමයි මැයි 1 වෙනිදට කිරුළපනට කියාද? ගාල්ලට කියාද ? කොලබට කියාද කියල මිනිස්සුන්ගේ ඔලු ගණන් කරන එක .මේ රටේ මිනිසුන්ගේ අවාසනාවට ප්‍රමාණික උගත්කමක් තියන රටට ආදරේ කරන නායකයෙක් පෙන මානෙක නැහැ. (ර)
ලෝකයේ ඕනෙම රටක පාසල් ගොඩනැගිලි හදන්නේ ශක්තිමත් විදිහට. සුළු සුළං, භුමිකම්පා වලට ඔරොත්තු දෙන්නට. ඒ රටක අනාගතය වන දරුවන්ගේ ජීවිතවලට ආරක්ෂාව සහ රටක හදිසි ආපදා තත්වයකදී ජනතාවට රැස්ව ජිවිත රැකගන්නට ඇති පොදු තැනක් ලෙස. එහෙත් අපේ රටේ පාසල් ගොඩනැගිලි යනු දුර්වල හුණු බදාමයෙන් බැදී කුළුණු මත ටොන් ගණනාවක් බර ලි බාල්ක අටවා ඒ මත රට උළු ටොන් ගණනාවක් පටවා සැදූ පාසල් ගොඩනැගිලි යනු ජිවිත බිලිගන්නට සැදූ මර උගුල් වැනිය. මේවා ගැන සිතා දැන්වත් අනාගතය වෙනුවෙන් ශක්තිමත් පාසල් ගොඩනැගිලි ඉදිකළ යුතුය. (ර)