( ජයන්ත සමරකෝන්)
මේ වසරේ අධ්‍යන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් අයදුම්පත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට විදුහල්පතිවරුන් හා පරිවේනාධිපතිවරුන් සැලකිල්ලක් දක්වා නැතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ලියනගේ මහතා පවසයි.
මේ මස 31 ට පෙර අයදුම්පත් යොමු කළ යුතු බව අදාළ පාලනාධිකාරීන් දැනුම්දී තිබුණද මේ වන තුරු නිසි සැළකිල්ලක් දක්වා නැතැයිද ඔහු පවසයි.
මේ වන විටත් එවා ඇති අයදුම් පත් අදාල චක්‍රලේඛයන්ට පටහැනිව ඉදිරිපත් කර ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.
මේ හේතුවෙන් විභාග අපේක්ෂකයින්ට කල් වේලා ඇතිව හැඳුනුම්පත් නිකුතු කිරීමට නොහැකි වීමෙන් ගැටළු රැසක් මතු වීමට ඉඩ ඇතැයි ද ඒ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් හරියන වැඩක් නෙමෙයි .. කොහේ බැලුවත් " තාක්ෂණික ප්‍රශ්න " .. ආදි කාලේ විදිහට
යල් පැනගිය ක්‍රම වෙනුවට අන්තර්ජාලය භාවිතා කරලා වැඩ කරන්න ක්‍රමවේද හදාගන්න. (අන්තර්ජාලය පහසුකම් නොමැති පාසල්වලට පුළුවන් ලඟම තියෙන නගරයේ පාසලක් හෝ රාජ්‍ය අායතනයකට විස්තර ටික බාර දෙන්න)