(සුජිත් හේවාජුලිගේ)
කොලොන්නාව මුතුරාජවෙල සපුගස්කන්ද ඇතුළු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩිපෝ වල ඇති තෙල් ප්‍රමාණයට වඩා වැඩි තෙල් ප්‍රමාණයක් රටේ වෙනත් තැන්වල පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
කවුරු මොනවා කිව්වත් ඇත්ත කතාව එය බවද හෙතෙම සඳහන් කළේය.
කොපමණ තෙල් පැමිණියත් අවශ්‍යතාවේ අඩුවක් සිදු වී නැතැයි පැවසූ අමාත්‍යවරයා ඉන්දියානු ණය වැඩපිළිවෙලේ අවසාන තෙල් නැව ලබන 16 වැනිදා පැමිණෙන බවද ප්‍රකාශ කළේය.
මෙයට අමතරව තවත් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට ඉන්දියාව සමඟ සාකච්ඡා කර ගෙන යන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි. මෙහෙ තරමටම තෙල් ස්ටොක් අරාබියේත් නෑ. කොච්චර තෙල් නැති වුණත් වාහනවල අඩුවක් නෑ නේද?
තෙල් පාවිච්චිය වාහන වලට පමණද? සියලු කෘෂිකර්මාන්තයන් සඳහා භාවිතාවන යන්ත්‍ර සූත්‍ර, ජල විදුලි හිඟය නිසාවෙන් භාවිතාවන විදුලි ජනන යන්ත්‍ර වගේම පාරේ කාපට් එකත්, තෙල් හෝ තෙල්වල අතුරු ඵලයක් බව අමතක වුණාද?
ඇති හැකි අය තෙල් ස්ටොක් කර ගනී. නැති බැරි මිනිහා හැම වෙලේම බැට කනවා. ඕක තමයි අපි කියන්නේ තෙල් සලාක ක්‍රමයකට බෙදන්න කියලා.
බුද්ධි අංශවලින් හොඳ මෙහෙයුමක් කරලා ඔක්කොම අරගෙන පවතින මිලට ජනතාවට විකිණීමෙන් රජයට ආදායමක්ද ලැබී තෙල් සඟවා තැබීමත් නවතීවි..
පිස්සු කතා කිය කිය ඇදගෙන යනවා ඡන්දයක් ආවානම් මෙයාලාව නිවාඩු යවන්න පුළුවන්...
පෞද්ගලික අංශයට තෙල් ආනයනය කරන්න අවසර දෙන්න. ඔවුන්ට එම තෙල් නිකුත් කිරීමට අවසර හිමි විය යුත්තේ කර්මාන්ත කෘෂිකර්මය හා ධීවර කටයුතු වලට පමණයි. වාහන වලට ඉන්ධන සැපයීම සපුරා තහනම්. දැනට තියෙන ඩොලරයේ පාලන මිල අයින් කරන්න එවිට පෞද්ගලික අංශයට අවශ්‍ය වන ඩොලර් සපයා ගන්නට පුළුවන් වෙනවා. ප්‍රශ්නෙ සෑහෙන දුරකට අඩු කරන්න පුළුවන් මේ විදියට.
මාස 03කට කළින් මෙහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මිනිස්සු ගෙවල්වල තෙල් ගහගෙන හිටියේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. ඒක තේරුම් ගන්න.
කළයුත්තේ ජපානයේ ඇති කියලා හිතන්නේ... තෙල් අවශ්‍ය කරන ලිස්ට් එකක් අරන් එක ගමකින් සතියකට ප්‍රධාන බවුසරයක් යා හැකි මාර්ග අසලට එන්න කියලා කාලය දාලා වට්ස් ඇප් ගෘෘප් එකකින් පාරවල්වල රස්තියාදු වෙන්නේ මොකටද? {හැබැයි ගමේ රාලහාමි (Android තාක්ෂණ දැනුම තිබිය යුතුයි) හාමුදුරුවන් හරහා විය යුතුයි.