කාලය හා ශ්‍රමයද ඉතිරිකර ගත හැකි පරිදි සීගිරියට කේබල් ක්‍රමයක් ඇති කරන්නැයි මධ්‍යම සංස්කෘතික අරමුදලට යෝජනා කරන බව සංස්කෘතික රාජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා සීගිරියේදී අද (29) කීවේය.
‘බොහෝ දෙනකුට අද සීගිරිය නගින්න අමාරුයි. ඒ නිසා දියුණු රටවල කේබල් කාර් තිබෙනවා. සීගිරියටත් එය සුදුසුයි. සීගිරියේ කැටපත් පවුරේ මෑතදී කොණ්ඩ කටුවකින් පෙම්වතාගේ නම ලියූ තරුණිය කර ඇත්තේ නොදැනුවත්කම නිසා ඇයට නියම කළ සිර දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලීමක්ද කළේය. මේ වගේ දේවල් කොලු කාලේ සිද්ධ වෙනවා. පෙම්වතා පෙම්වතියගේ නම ගස් ගල්වල ලියනවා. සීගිරි කැටපත් පවුරේ ඇත්තේ මොනවාදැයි අපට කියවා ගන්න බැහැ. ඒවා කුරුටු ගී. පොත්පත්වලින් තමයි අපට ඒවා තේරුම් ගන්න වෙන්නේ. මඩකලපු තරුණිය කැටපත් පවුරේ මොකක්ද ලිව්වේ එහි බරපතලකම දැනගෙන නොවේ. ඒ නිසා ඇයට සමාව දිය යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීගිරියට කේබල් කාර් ඉල්ලන සංස්කෘතික රාජ්‍ය ඇමැතිට සංස්කෘතියක් තියෙනවද කියල මුලින් බලන්න ඕන. (ම)
වැදගත් අවස්ථාවක්..හොද අදහසක් ..? ජපානයෙන් ඇනවුම් කරන්න, ශක්තිය සහ විශ්වාසනීය නිපැවුම්කරුවන්. මහජන මුදල් කවුරු කලත් හොරාකෑම නවත්වන්න ජගතෙක් නැහැ, ගසාකාවත් කමක් නැහැ සේවයක් වෙලා ....(ම)
මෝඩකමට ලොකු ලොකු ඈයෝ, දෙකක් තුනක් තම වරන්ඩා එකේ ඉදන් වත්ත වටේට සිරි නරබන්න යන්නත් හයි කරගනීවිද දන්නේ නැහැ ..? (ම)
කාශ්‍යප රජතුමා හිටිය නම් මේක දැන ගත්ත හැටියේ වහ කාලා මැරෙනවා. පූරා විද්‍යා වටිනා කම තියෙන්නේ කේබල් කර් එකේ ගිහිල්ල බලන එක නෙමෙයි ඇත්ත ඒ සැටියෙන් බලා ගැනීමට අමාරුවෙන් රජකාලේ විදියට ගිහින් බලන එකෙන්. කොහොමත් ජයවර්ධන පුරේ ඉන්න කට්ටියට උඩට නගින්න බැහැ බඩවල් එක්ක ජරාව කාල ඉදිමිලා තියෙන්නේ (බ)
යන්න බැරි අය නොගිහින් හිටියනම් ඉවරනේ (දිල්)
පරිසරයට හානියක් නොවන අයුරින් මේ ක්‍රමය ක්‍රියාත්මක කළා නම් හරි අපුරුයිනේ. (නි)
මරු මොලයක්නේ මේ ඇමතිතුමාට තියෙන්නේ. කෙලින්ම උඩට නගිනවා මිසක් අර මග දිගට තියෙන ගුහාවන්, කැටපත් පවුර වගේ දේවල් බලන්න එපාද? (බ)
ලංකාවේ කවදාවත් අලුත් දෙයක් ගැන හිතන්නේ නැහැ. කේබල් කාර් හොද අදහසක.(ම)
මම හිතන්නෙත් මේක හොද අදහසක් වයසක අයට නැරඹීමට අවස්ථාව ලබා දෙනවා මේ තුලින් ඒ වගේම කාලය ගොඩක් ඉතිරි වෙනවා සමහර විදේශිකයන් රටට එන්නේ සතියෙන් දෙකෙන් රටම නරඹලා යන්න සිගිරියටම දවසක් වැය කරාම ඔහුන්ට කාලය මදි වෙනවා හොද අදහසක් මේ කේබල් ක්‍රමය මධ්‍යයම කදුකරයේ සුන්දර ස්ථානවල සවිකරන්න පුළුවන් ඒ තුලින් සංචරක ව්‍යාපරයට වෙනසක් කරන්න පුළුවන්.(හේ)
කේබල් කාර් කෙසේ වෙතත් සිංහ කට ළඟ සිට ඉහලට යන්න ලිෆ්ට් එකක් දැම්මා නම් හොඳයි.(හේ)
කේබල් කාර් දාන්න ඕන තැන් ඕන තරම් මේ රටේ තියෙනවා හැබැයි සීගිරියේ පිහිටීම සහ අතරමගදී බලන්න තිබෙන දේවල් ගැන හිතුවාම මෙතනටනම් කේබල් කාර් හරියන්නේ නැහැනේද. අනික ඒවගේ පද්ධතියක් සවිකිරීම සඳහා සීගිරි ගලට සහ අවට පරිසරයට මොන විදිහේ වෙනස්කම් කරන්න වේවිද. ඇමති වුනත් කතාකරන්න කලින් කාරණා හොයලා බලලා කතා කරන්න ඕනනේ.(හේ)
බොහෝ විදේශිකයෝ කැමතියි කේබල් කාර් වලින් ගමන් කරන්න .ඒ නිසා කේබල් කාර් දැම්මම කැමති අය කාර් එකේ යාවි අනෙක් අය පයින් යාවි ඒක තමන්ගේ කැමැත්ත (බ)
මෙයා සීගිරියට කේබල් ඉල්ලනවා . වෙන වැඩ නැතුවද කරන්න. ජපානයේ උසම කන්ද වන ෆුජි කන්ද නගින්නේ කේබල් කාර් වලින් නොවේ .(ම)
කවුද මෙහෙම ඇමැති කම් දුන්නේ ඇඩෙනවා තනි ඇහැට (බ)
ලෝක උරුමයක් වන සීගිරියට ඉහලින් කේබල් කාර් සහ කේබල් පෙනෙන විට අර ලස්සන තවදුරටත් රැකෙයිද ? පහසුව පමණක් සිතා වැඩ කරන්න බැහැ.( දෙමල තරුණිය ගැනත් හරිම අනුකම්පාව?මොකද ඒකට හේතුව? චන්දෙ නෙමෙයි නේද ඇමතිතුමා?) (ස)
කැටපත් පවුර කුරුටුගාපු තරුණියට මාර අනුකම්පාවක් නේ .. (ස)