ගම්පහ ඉඹුල්ගොඩ දී යතුරු පැදියක් විදුලි කණුවක හැපී කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණ විශ්ව විද්‍යාලයයේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර මිය ගියැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නැවත විමර්ශන පවත්වා සාධාරණයක් කරන ලෙස ඉල්ලමින් කැලණිය විශ්ව විද්‍යාල සිසුහු පිරිසක් අද උද්ඝෝෂණයක් පැවැත්වූහ.

අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන ලෙස ඉල්ලමින් මහින්ද රාජපක්ෂ මහතාගේ  කාලයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගෙන ගිය අරගලයට සහාය දක්වමින් අන්තරේ සිසුහු මහ නුවර සිට කොළඹට පෙළපාළියක් සංවිධානය කර තිබිණි.

ඒ සඳහා අවශ්‍ය කරන අත්පත්‍රිකා තොගයක් ගැනීමට 2012 සැප්තැම්බර 27 වැනි දා ගම්පහ බණ්ඩාරවත්තේ සිට නුගේගොඩට යද්දී සිසුහු දෙන්නා මේ අනතුරට මුහුණ පෑහ.

අනතුරට පත්වූ යතුරු පැදිය එම ස්ථානයට ගෙනැවිත් ප්‍රතිනිරූපනයක් කරන එවකට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රස පරීක්ෂකට නියෝග කළත්  එවැනි පරීක්ෂණයක් සිදු නොවුණු බව සිසුන්ගේ නීතීඥවරිය වූ රාජිකා ද සිල්වා මහත්මිය ඒ දිනවල පැවසුවාය.

2000- 2024-