සිලින්ඩර ධාරිතාව 1500 ට වඩා වැඩි වාහන මත මේ දක්වා ක්‍රියාත්මක කෙරුණු ඒකක බද්දේ අගය ඉහළ දැමීම නිසා එම වාහන වල මිල සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
ඒකක බද්දේ අගය රුපියල් ලක්ෂ 260 ක සිට රුපියල් ලක්ෂ 300 දක්වා ඉහළ ගොස් තිබීම හමුවේ ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක මත පැනවෙන බද්ද රුපියල් ලක්ෂ 33 සිට රුපියල් ලක්ෂ 77 දක්වා ඉහළ ගොස් තිබීම නිසා මෙරට ජනතාව ජපන් වාහන ආනයනයෙන් වැළකීමේ ඉඩක් ඇතැයි ලංකා වාහන ආයනයකරුවන්ගේ සංගමයේ ප්‍රධානී ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය.
සිලින්ඩර ධාරිතාව ඝණ සෙන්ටිමීටර 1500 ට වඩා අඩු එන්ජින් සහිත කුඩා පරිමානයේ මෝටර් රථ වන ටොයෝටා විට්ස්, ටොයෝටා පැසෝ, හොන්ඩා ෂට්ල් (හයිබ්‍රිඩ්), හොන්ඩා ෆිට්, හොන්ඩා ඉන්සයිට්, සුසූකි හස්ලර්, සුසූකි වැගන් ආර් (හයිබ්‍රිඩ්) ආදියේ මිල පහතට ගොස් ඇත.
‘‘මෑත ඉතිහාසයේ වැඩිම වාහන බදු වැඩිවුනු අවස්ථාව තමයි මේක.පසුගිය සති තුනේදී අවම මට්ටමක පවත්වාගැනුණු නිපැයුම් බද්දත් ඉහළ දමා තිබෙනවා.‘‘ මෙරෙන්චිගේ මහතා වැඩිදුරටත් කීය.
විදුලි බලයෙන් ජවගැන්වෙන මෝටර් රථ වල මිල ඒවායේ විදුලි කෝෂ ධාරිතාව අනුව ඉහළට යනු ඇත.එසේවුවත් විදුලි කෝෂ ධාරිතාව කිලෝවොට් 100 ක් වන මෝටර් රථ මත පනවා තිබූ රේගු බද්ද පහත දමා තිබේ.ඒ අනුව නිසාන් ලීෆ් වර්ගයේ විදුලි මෝටර් රථයක් මත පනවා තිබූ රැපියල් ලක්ෂ 29 ක් වූ රේගු බද්ද මේ අනුව රුපියල් ලක්ෂ 17 ක් දක්වා පහත දමා ඇත.
ලොරි,බස්,වෑන් ආදිය මත පනවා තිබූ බදු වල වෙනසක් සිදුව නොමැත.
‘‘මේ තත්ත්වය දිගටම පැවතුණහොත් සිලින්ඩර් ධාරිතාව 1000 ට වඩා අඩු මෝටර් රථ විතරක් රටට ඒවි.1000 - 1500 අතර ධාරිතාවයේ මෝටර් රථ ආනයනය සියයට 85 කින් විතර පහත බහීවි.‘‘ මෙරෙන්චිගේ මහතා පැවසීය.
පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු අතිවිශේෂ ගැසට් නියෝගයකට අනුව ඒකක බද්දෙහි අගය ඉහළ දමා ඇති නිසා සිලින්ඩර් ධාරිතාව 1600 ට වඩා වැඩි මෝටර් රථවල මිල ඉතා ඉහළට යනු ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා කීය.නිසාන් එක්ස් ට්‍රේල් වර්ගයේ රථයක් මත මේ දක්වා පනවා තිබූ රුපියල් ලක්ෂ 40 ක් වූ බදු මුදල , බදු සංශෝධනය හමුවේ රුපියල් ලක්ෂ 80 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය දෙගුණයක වැඩිවීමක් බවත් ඔහු පෙන්වාදේ.
රුපියල් ලක්ෂ 38 ක් වන මැස්ඩා ඇක්සෙලා වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 80 ක් දක්වා ඉහළට යනු ඇත.
ටොයෝටා ප්‍රාඩෝ වර්ගයේ රථයක මිල රුපියල් ලක්ෂ 50 කින් ඉහළ ගොස් තිබෙන අතර ලෑන්ඩ් කෘෘසර් 202 වර්ගයේ රථයක මිල රුපියල් ලක්ෂ 100 කින් ඉහළ ගොස් ඇත.
‘‘මේක අස්වාභාවික වැඩිවීමක්.ඒ වගේම කෙටි කාලයක් ඇතුළත මේ වගේ දෙතුන් සැරේට වාහන මිල සංශෝධනය කරන එකත් සාධාරණ නැහැ.‘‘ සරත්චන්ද්‍ර මහතා පැවසීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු වැඩිකිරීමෙන් රජයට අපේක්ෂිත ආදායම ලැබෙන්නේ මිනිස්සු වාහන මිලදී ගත්තොත් විතරයි.මිනිස්සුන්ට දරන්න බැරි ගානට මිල වැඩි වුණාම මිනිස්සු වාහන ගන්න එක නවත්තපුවම අන්තිමට පාඩුව රජයට.හොදම විසදුම කාල පරාසයක් නියම කර පැරණි වාහන ඉවත් කර නවීන වාහන පාරට දැමීමයි (ම)
අනේ පව් මේ ආණ්ඩුව කොච්චර කාලයක් තියේද දන්නේ නෑ නේද? මෙහෙම යන කොට (ම)
කොහොමත් ලංකාවෙන් වාහනයක් ගන්න සල්ලි වලින් අපි ඉන්න රටේ (ප්‍රංසය) වාහන 5ක් විතර ගන්න පුළුවන්. (ම)
මේක හොඳ දෙයක් පොඩි මිනිහාට පොඩි වාහනයක් ගන්න අවස්ථාව දීලා තියෙනවා .....(ම)
හොඳ තීරණයක් (ම)
දැන් ලංකාවේ සමහර අය ආණ්ඩුවට බනී. හැබැයි එයාල ඉඳල තියෙන්නේ අධි සුඛෝපභෝගී වාහන ගන්න. ඒත් විදුලි කාර් සහ පොඩි වාහනවල අඩුවීම එයාලට පේන්නේ නැහැ.(ම)
මේ බදු වැඩිවීම හොඳයි - විදුලි වාහන මිල පහලට, සීසි 1500 අඩු වාහන වල මිලත් පහලට ..පොඩි වාහන පාවිචිචි කරනවානම් කටත් හොඳයි .තදබදයත් අඩුවේවි ඉන්ධන පාවිච්චිය අඩුවේවි,(ම)
වාහන වල බදු වැඩි කරලා පොදු ප්‍රවාහන සේවය වැඩි දියුණු කලොත් තමා නියම ආර්ථික වාසිය මෙරටට ලැබෙන්නේ..(ම)
ලොකු අයට ලොකු කාර් පොඩි අයට පොඩි කාර්. එහෙම තමයි ඇමතිතුමෙක් කියන්නේ. (ම)
පුදුම ආණ්ඩුවක් තමයි අද කාලේ සාමාන්‍ය මිනිහාට වාහනයක යන්න තියෙන ආසව අත් හැර ගන්න වෙලා මෙහෙම බදු ගැහැවුවාම (ම)
ඉන්දියන් මල ජරාව ට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ, මැති ඇමැතිවරුන්ටත් නිකන්ම පර්මිට් ලැබෙනවා, ලෝකෙට ණයවෙලා ගෙදර සේරටම යන්න හැකි කල්පවතින ආරක්ෂාකාරී ජපන් වහනයක් ගන්න හිටි මිනිහ ඉවරෙටම ඉවරයි (ම)
ඉන්දියන් මෝටර් රථ වලට මොකද වෙන්නේ? (ම)
පොඩි වාහනයක් ගත්තට දුර දුවන්න බැහැනේ. ආරක්ෂාව අඩුයි. පිට රටවල් වල පොඩි වාහන තියෙන්නේ නගරයේ දුවන්න. අඩුගානේ මධ්‍යම ප්‍රමානෙය් වාහන ඒ කියන්නේ එන්ජින් ධාරිතාව 1500 සිට 2000 දක්වා අඩු කරන්න. ඕන කෙනෙක්ට තමන් කැමති වාහනයක් මිලදී ගැනීමේ අයිතියක් තියෙනවා. හරිනම් කරන්න ඕන වාහන මිලදී ගැනීමේදී බදු නැති කරලා, අවුරුද්දෙන් අවුරුද්ද අදායම් බද්ද ගන්න එක ප්‍රතිශතයක් විදියට වැඩි කරන එක. එතකොට පැරණි වාහන මාර්ගයෙන් ඉවත් වෙනවා. අලුත් වාහන මාර්ගයට එනවා. (රේ)
ලෝකයේ දරුණුම ගනයේ කම්බා හොරු ඉදිරියේ නිවට, නියාලු,බියගුළු ප්‍රතිපත්තියක් අනුගමනය කරන මේ අය ,අසරණ මිනිසුන් ඉදිරියේ කොන්ද කෙලින් තියන් තීන්දු තීරණ ගන්නවා.ඒ ගැන අපගේ උපහාරය.අපිට තිබුන අමාරුව දැන් හොදටම සනීපයි.(අ)
අවරුදු 6-8ක් මැදපෙරදිග දුක් විඳලා මදැයි අපිත් පරණ කාර් එක විකුණලා අලුතින් කාර් එකක් ගන්න සිහින මැව්වා..(අ)
මෙවැනි අසාමාන්‍ය ලෙස බදු වැඩි කළ හේතුව අභ්‍යන්තරයේ සැඟවුණු රහසක් ඇති බව නම් මට හැගී යනවා. මෙයින් විශාල වාසියක් අත්වන්නේ ඊළඟට රජයේ මැති ඇමැතිවරුන්ට බදු නිදහස්ව ලැබෙන ලැබෙන වාහන බලපත්‍ර වලට අඩුම ගනනේ රුපියල් ලක්ෂ 150ක තවත් වැඩියෙන් ලැබීමයි. (ම)
තව අවුරුදු තුනක් ඉවසන්න වෙනවා (ම)
අධික ලවණ සහිත මුහුදකින් වට උණු දුපතක් වන ශ්‍රී ලංකාව වගේ රටකට ගැල පෙන්නේ යුරෝපීය තාක්ෂණයෙන් නිෂ්පාදිත වාහන ජපන් වාහන ලවණ ගතියට ඔරොත්තු දීම අඩුයි ඒක නිසා කෙටිකලකින් විනාස වෙනවා (ම)
පොදු ප්‍රවාහන සේවා තවත් පුළුල් කළා නම් හොඳයි. අපි වගේ පොඩි රටකට දරන්න බැරි තරම් වාහන පුරවගෙන කරදරේ වැටෙන්න ඕනේ නෑ (බ)
වාහනයක් ගන්න තුන් හිතකවත් තිබුණෙ නැති එවුන් තමයි වාහන ගණන් ගියාම වැඩියෙන්ම කෑ ගහන්නෙ...(ම)
කරන කියන හැම දෙයකින්ම පෙනෙන දේ තමයි ආණ්ඩුවට රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම හෝ බදු ආදායම් වැඩි කර ගැනීම ගැන කිසිම අවබෝධයක් , නිවැරදි ප්‍රතිපත්තියක් , වැඩපිළිවෙලක් නැතිකම . උසස් තත්වයේ ජපන් වාහන ආනයනය නැවත්වීම හෝ අඩුවීම හරහා රජයට අහිමිවෙන බදු මුදල් ගැන කිසිම සැලකීමක් කරලා නැහැ . ආණ්ඩුව මේ නොකියා කියන්නේ බාල වර්ගයේ වාහන ආනයනය කරන්න කියලයි (බ)
මේක ඉන්දියාව සමග ඇතිකරගත් ගිවිසුමක් විය හැකියි. මොකද වැඩිහරියක් ඉන්දීය වාහන 1000සීසී වලට වඩා අඩුයි. අඩු ගණනේ රටේ ජාතික ගමනාගමන පහසුකම් හරියට හදලා ආණ්ඩුව මේක කළානම් කමක් නෑ. (බ)
මම නම මෙය දකින්නේ සුබවාදී විදියට අද රටේ කිසිම පාරක යන්න බැහැ එ්තරමට වාහන වෙනද විනාඩි 10 ගිය තැනට අද යන්න අඩුම ගානේ විනාඩි 30 වත් යනවා ත්‍රී රෝද වල මිල වැඩිවීම වඩාත් හොද දෙයක් පාරවල් අවහිර කරන තරමක් කරන්නේ අය සහ යතුරුපැදි. (බ)