IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සංශෝධන එපා: ජනපතිවරණයක් දෙන්න

(අංජුල මහික වීරරත්න)

රටට මේ මොහොතේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නොව ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

රටේ ආර්ථික ප්‍රශ්නය 2028 දක්වා කල් දමා තිබෙන බව කී රණවක මහතා 2028න් පසු ආණ්ඩුවට ණය ගෙවන්න වැඩපිළිවෙළක් අවශ්‍ය බව පැවසීය.

ඒ කාලයේ දී රටේ ආර්ථිකය වර්ධනය කරන වැඩපිළිවෙළක් ජනරජ පෙරමුණ ඉදිරිපත් කර තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.

‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රායෝගික වැඩපිළිවෙළේ සාරාංශය රැගත් පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනකට ගම්පහ නගරයේ දී සහභාගී වෙමින් රණවක මහතා මේ බව කීය.



අදහස් (3)

සංශෝධන එපා: ජනපතිවරණයක් දෙන්න

arawinda Thursday, 18 July 2024 11:40 AM

අනේ පාඨලී ඔයත් දැන් මිනිස්සුන්ට දකිනකොට අප්පිරිය වුනු චරිතයක්. පටන්ගත්තේ සිහල උරුමයෙන් . අද මෙතන හෙට අතන වගේ තමයි . වැඩක් කරන්න පුළුවන් හැකියාවක් තිබුනට උද්දච්ච කම් නිසා කවදාවත් රටේ නායකත්වයට එන්න ලැබෙන්නේ නැහැ

:       5       53

Rataperata Thursday, 18 July 2024 06:32 PM

ව්‍යවස්ථාව සංශෝධනයක් කරන්න දෙයක් නැහැ කොහොම හරි නියමිත කාලයේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු නොකලත් පවත්වන කුමන මැතිවරණය වුනත් ඡන්දය තීරණය ගන්න අයට විරුද්ධව පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා බැසිල්ගේ අවශ්‍යතාව ඉටු කලොත් එජාපය හා පොහොට්ටුව නැත්තටම නැතිවේවි

:       0       0

Swene Haputhantirige Friday, 19 July 2024 08:04 AM

පාඨලී දක්ෂ බුද්ධිමතෙක්. එත් නායකත්වයට ඒමේ හුදු අභිලාශය නිසාම වැඩේ අවුල් වී ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site