( නිමන්ති රණසිංහ)
පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ මානසික වෛද්‍ය කණ්ඩායමක් වෙත යොමු කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(12) නියෝග කළාය.
මෙම තැනැත්තියගේ මානසික මට්ටම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවට අධිකරණ වෛද්‍ය නිලධාරීනිය කළ ඉල්ලීමක් මත මහෙස්ත්‍රාත් විසින් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට මෙම නියෝගය නිකුත් කළාය.
එමෙන්ම ඇයගේ විදෙස් ගමන් තහනම ලබන 17 වැනිදාතෙක් තවදුරටත් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමටද නියෝග කෙරිණි.
අද (12) නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සුවිස් කේස් එකේ සිද්ධියේදී බොහෝ විද්‍යුත් මාධ්‍ය මෙන්ම පුවත්පත් පවා කොලේ වහලා කියන්නේ.., මේවායේ යටින් ඉන්න මූලධර්මවාදී, අන්තවාදී කිතුණු කල්ලි ගැන නොකියන්න පරිස්සම් වෙනවා..
මොල සෝදා ආගමට හැරවීමෙන් ස්වර්ගය කෙසේවෙතත් ස්විස් යාහැකියි.