සිවිල් සංවිධානයක් විසින් මහේස්ත්රාත්වරයකුට එරෙහිව ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ අධිකරණ සේවා කොමිෂන් සභාව එම මහේස්ත්රාක්වරයා සේවයෙන් පහකර ඇතැයි ශ්‍රි ලංකා මානව හිමිකමි කේන්ද්‍රය පවසයි.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙසේ සේවයෙන් පහකර ඇත්තේ කොළඹ 10 ජල ටැංකිය පාරේ ව්‍යාජ ලිපිනයකින් අධිකරණ සේවයේ පත්වීම් ලැබු ඩි.එම්.ඒ.අයි.දිසානායක නමැති මහේස්ත්‍රාත් වරයා බවත් 1977 වසරෙන් පසු සිවිල් වැසියකු කළ පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාවක් මගින් මහේස්ත්රාත්වරයෙකු සේවයෙන් ඉවත් කළ පළමු අවස්ථාව මෙය බවත් ශ්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක රජිත් කිරිති තෙන්නකෝන් මහතා පවසයි.
ව්‍යාජ ලිපිනයකින් අධිකරන ක්ෂේත්රයට ඉල්ලුම් කිරිම,මහේස්ත්රාත්වරයෙකු ලෙස සිටිමින් ක්‍රියාකාරි දේශපාලනයේ නියැලිම ඇතුළු චෝදනා රැසක් මෙම මහේස්ත්රාත්වරයාට ඇතැයි තෙන්නකෝන් මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහපු නඩු වලට මොකද කියන්නේ? (බ)
වීරසිංහ මහත්තයෝ, ප්‍රදීප් මහත්තය කියන්නේ ,අර නිල් බළකාය තිබුන කෙනා වෙන්ඩ ඕන (බ)
රෝහණ ජයවීර මහත්තයෝ, ඔයා කියන කෙනා නම් නෙමෙයි, අර කාර් රේස් පැද්ද කෙනා කෙනා වෙන්ඩ ඕන මේ කියන්නේ ....(බ)
ප්‍රදීප්, කියන්න බලන්න කවුද එයා කියලා. (නි)
ඒ සිවිල් වැසියාට ජයවේවා!
අධිකරණ කොමිසන් සභාව මීටවඩා ක්‍රියාකාරී වියයුතුය.... (නි)
ප්‍රදීප්, ඔය හොර වැඩේ කවදත් තිබුනා. ඔය නීති විද්‍යාලයට පහුගිය කාලේ අසීමිත විදිහට එක කට්ටියක් බඳවා ගත්තා. බණ්ඩාරනායක මැතිතුමා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව නොකරන්න සිංහලයා අදට අනාථයි. (නි)
ජයග්‍රහණයට ජයවේවා! (නි)
පොඩි මිනිහාට ජයවේවා! (නි)
බොරු පොරොන්දු දීමෙන් ජනතාවගේ කතිර මනාපය ගත්තහම මොකක්ද දඬුවම? (නි)
මහේස්ත්‍රාත් කෙනෙකුටත් මෙහෙම වුණා නම්, හොරට විභාගය ලියපු එක්තරා තරුණ නීතිඥ මහත්තයෙක්ගේ හොරේ ඔප්පු වුණොත් එයත් ගෙදර යනවද? (නි)