අයහපත් කාලගුණ තත්ත්වයෙන් පිඩාවට පත් වුවන් වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දිවයින පුරා බළකා 22 ක සහ පුහුණු පාසල් පහක සමාජිකයින් ලබාදුන් මිලියන 7ක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක භාණ්ඩ අද (23) ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අතින් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එස්.මියනවල මහතාට භාරදුන්නේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසුවේ කොළොන්නව බල ප්‍රදේශය යටතේ ග්‍රාම සේවක වසම් 38ක් සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම් පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින් 1000කට අධික පිරිසක් යොදවා සුද්ධ පවිත්‍ර කිරීම කටයුතු අඟහරුවාදා දින ආරම්භ කිරීමට නියමිත අතර අවිස්සාවේල්ල, සීතාවක සහ කඩුවෙල ප්‍රදේශවල මේ වන විට පොදු ස්ථාන, ළිං සහ පාරවල් සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.
මේ අතර ගංවතුර ආපදා සහන සේවා කටයුතු සඳහා රුපියල් තුන් කෝටි හැට ලක්ෂයක මුදලක් ප්‍රදානය කළ බව කොළඹ ඇමරිකා තානාපති කාර්යාලය පවසයි.
ඇමරිකාව ගංවතුරෙන් පීඩා විඳින ජනතාවගේ මානුෂීය ආධාර සඳහා සහාය වීමට ප්‍රදානය කළ රුපියල් ලක්ෂ 72ක මූල්‍යාධාරය සහ රුපියල් දහ හතර කෝටි හතළිස් ලක්ෂයක් වටිනා තුන් අවුරුදු පානීය ජල ව්‍යාපෘතියට අමතරව එම ප්‍රදානය සිදුකර ඇත.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර දේශපාලකයෝ හොරාකාපු සල්ලි 10% වත් දුන්නා නම් පිටරට ආධාර අපිට උවමනා නැහැ. (නි)
රුපියල් දහ හතර කෝටි හතළිස් ලක්ෂයක්.....! පිස්සු පුසෝ ටික මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියයිද දන්නේ නැහැ.....(බ)
මේ සියලු පරිත්‍යාගයන් හමුදාවට භාරදී නිසි සේ යොදවන්න, සුනාමි මුදල් වලට වෙච්ච දේ වෙන්නේ නැතුව. (නි)
මැති ඇමති ගොල්ලන් තමන්ගේ පුද්ගලික ධනයෙන් කීයකින්වත් ආධාර කළ බවක් තවමත් දැන ගන්නට නැත (බ)