පරිසර උවදුරක් වී ඇති ජපන් ජබර හා සැල්වීනියා වලින් කැබිතිගොල්ලෑව ඌරාවැව කාබනික පොහොර නිෂ්පාදනයට සිවිල් ආරක්ෂක බලකාය යොමුවී සිටියි.
රසායනික පොහොර භාවිතය වැඩි වීමත් සමග වකුගඩු රෝගය වසංගත තත්ත්වයට පත්වීමත් සමග කාබනික පොහොර භාවිතය හුරු කිරීමෙන් එම රෝගය මැඩීමට යම් මෙහෙයක් ඉටු කිරීම එක් අරමුණකියි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කැබිතිගොල්ලෑව කලාපයේ අණදෙන නිලධාරි වයි එම් පුංචි බණ්ඩා මහතා කියයි.
ගොම, වවුලන්ගේ, කුකුලන්ගේ, ඌරන්ගේ, එළුවන්ගේ බහිශ්‍රාව්‍ය කොටස්වලට පිදුරු, ඇල්බීසියා, පොස්පේට් ස්වල්පයක් ද සැල්වීනියා හා ජපන් ජබර ද යොදා නිෂ්පාදනය කැරෙන මෙම පොහොර එම පළාතේ අලෙවි කැරෙයි.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිවිල් ආරක්ෂක සෙබළු ජපන් ජබර වලින් හපන් වැඩක් කරයි
අනුර Thursday, 19 September 2013 08:15 PM
ඔබලාගෙන් රටට වෙන සේවය අප අගය කළයුතුයි. සියලු දේ ඉදිරියට ගෙන යාමට ධෛර්යය හා ශක්තිය ලැබේවා! (නි)
ලාල් ජකර්තා Thursday, 19 September 2013 08:18 PM
පුංචි බණ්ඩා මහතා ඇතුලු සියලුම දෙනාට අපගේ ප්‍රණාමය. (නි)
කුමාරන් Thursday, 19 September 2013 08:40 PM
තරුණ ශ්‍රමය ගම්වල ගොඩක් අපතේ යනවා,ගම්වල් ඉන්න සියලු රැකිය විරහිත තරුණ තරුණියන් සිවිල් ආරක්ෂක බලකායට බඳවාගෙන මෙවැනි ව්‍යාපෘති රට පුරා ව්‍යාප්ත කරන්න.මෙය අපි ඉතා ඉහලින් අගය කරන්නෙමු (අ)
උපාලි Thursday, 19 September 2013 02:28 PM
පුංචි බණ්ඩා මහතාණෙනි, ඔබ මෙහි නියමුවා නම් ඔබට ජාතියේ උපහාරය හිමිවිය යුතුය. මේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! (අ)
මොහාන් Thursday, 19 September 2013 02:30 PM
හොද වැඩක්. වගකිව යුත්තෝ මේ වැඩේට 100% ක් උදව් කරයි කියලා බලාපොරුත්තු වෙනවා.(නදී)
සරත් Thursday, 19 September 2013 02:38 PM
මේවට රජය උදවු කරන්න ඕනේ කොච්චර හොද වැඩක්ද උත්සහය අපතේ නොහරින්න (අ)
සිල්වා Friday, 20 September 2013 02:21 PM
ඉතාම හොඳ වැඩක්. කාලයට ඔබින රටට වැඩ දැයි වැඩක්. හැමොම අගය කරන්න ඕන මෙවන් වූ වැඩ කොයි තරම් විශිෂ්ට වැඩක් ද දිගටම මේ වැඩේ කරගෙන යන්න !!! (ස)
සිල්වා Friday, 20 September 2013 02:23 PM
කාලයට ඔබින හොද වැඩක්. අගය කරනවා (නි)
පිටබැද්දර ජයා Thursday, 19 September 2013 03:06 PM
ඇත්තටම මේ වැඩේ හරියට කලොත් දන උල්පතක් පරිසරයට සම්පතක් ජීවිතයට අත් වැලක්.(නදී)
සීල Thursday, 19 September 2013 03:22 PM
පමාවී හෝ කරන දේ ගැන අගයමු. මහා ආණ්ඩුව මේ දෙයට සම්පුර්ණයෙන්ම උපකාරී විය යුතුමය.(අ)
ධම්ම Thursday, 19 September 2013 03:29 PM
ඉතාම හොඳ ව්‍යාපෘතියක්. මේ වගේම අපේ රටේ සරුවට වැවෙන කොස්, කිතුල් හා කංසා ආදියෙන් ප්‍රයෝජන ගන්න ව්‍යාපෘති හදනවානම් කොච්චර හොඳද.(නදී)
කන්ද දිසා Friday, 20 September 2013 08:41 AM
රටට හොඳ වැඩක් (නි)
සසු Thursday, 19 September 2013 05:03 PM
කොයි ඔය හමුදාව ඔය වගේ වැඩ වලට යොදනාවට අකමැතිය. කීප දෙනෙක්ක්ගේ වැරදි වලට ඔක්කොටම බනින්න එපා. ඒ අය කරන ගොඩක් වැඩ අපේ අය කරන්න කම්මැලියි. හරියට කරන්නේ නැහැ. බේරේ වැව හොඳම උදාහරණයක්. කොන්ත්‍රාත් දුන්නත් බාගෙට කරන වැඩ. ලස්සනට කරන්නේ මේ අය විතරයි ඒකත් මාසේ පඩියට.(නදී)
කරුනාරත්න පෙරේරා Friday, 20 September 2013 11:30 AM
ආරක්ෂක අංශ වලට සම්බන්ධ අය මේ වගේ වැඩ කරනවට සමහර දේශපාලුවෝ විරුද්ධ මත පළකරාවී.මොකද නගර අලංකාර කිරීමට හමුදාවේ විරුවන් යොදාගන්න එකටත් දොස් කිව්වනේ. (නි)
කරුනාරත්න පෙරේරා Friday, 20 September 2013 11:32 AM
පරිසරය වනසන මේ උවදුරෙන් මිදෙන්න මහඟු අවස්ථාවක්. (නි)
වීරේ Friday, 20 September 2013 11:56 AM
තව තවත් ව්‍යාප්ත වෙන වැඩක්ද දන්නෙ නැහැ. අදාල ශිල්පීන්ගෙන් උපදෙස් ගත්තොත් හොදයි. (නි)