මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් (තාරකී) ඝාතනය කර වසර 11ක් ගත වුවත් ඝාතකයන් නිදැල්ලේ යැයි කියමින් මාධ්‍ය උද්ඝෝෂණයක් අද (29) දහවල් කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට දී පැවැත්විණි.
දෙමළ ජනමාධ්‍ය සංවිධානය,ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දකුණු ආසියා නිදහස් මාධ්‍ය සංගමය (ලංකා පාර්ශ්වය), ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදියෝ ඇතුළු ජනමාධ්‍ය සංගම් ද ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ද උද්ඝෝෂණය සංවිධානය කළේය.
1959 අගෝස්තු 11වන දින මඩකලපුවේ උපන් සිවරාම් 2005 අප්‍රේල් 28 වැනි දා බම්බලපිටියේ දී පැහැරගෙන ගොස් මරා දමා තිබිණි. ඔහුගේ සිරුර හමුවූයේ පාර්ලිමේන්තුව ප්‍රදේශයෙනි.
සිවරාම් ඇතුළු සියලුම මාධ්‍යවේදීන්ගේ ඝාතන සම්බන්ධයෙන් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි වහා පරීක්ෂණ සිදු කළ යුතු බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ මහතා කීවේය.
ජායාරූප - ප්‍රදීප් පතිරණ
ජායාරූප - ඉෂාන් සංජිව
වීඩියෝ ඉෂාන් සංජිව
![IMG_0633[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/IMG_06331.jpg)
![IMG_0636[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/IMG_06361.jpg)
![IMG_0618[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/IMG_06181.jpg)
![DSC_1323[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC_13231.jpg)
![DSC_1340[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC_13401.jpg)
![DSC_1361[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC_13611.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කර ඇත්නම් කවදා හෝ දඬුවම් ලැබෙනු ඇත. (ර)
එක්නැලිගොඩ ගේ මල්ලි කොටි පත්තරේ ප්‍රධාන කතෘ. මොනවා හොයන්නද දැන් හෙවුවත් මොකද පන දෙන්න ද. තව ටික දවසකින් උස්සන් එයි බෝඩ් ලෑලි අහිංසක පභාකරන් මරපු උනුත් අල්ලන්න කියල. (බ)
මේ කට්ටිය දන්නේ නැද්ද මේ කියන්නේ හොදම කොටියෙක් කියල ...(බ)
ඔය මාද්‍ය සන්සදවලට පුළුවන්නේ ප්‍රභාකරන් විසින් මරපු අයත් නිදැල්ලේ කියලා උද්ගෝෂණය කරන්න. (ර)