ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩ වල දී වංචා කරන මුදල් කළු සල්ලි ලෙස ශාන්ත කිට්ස් හා නෙවිස් (බටහිර ඉන්දියා කොදෙව් දූපත් දෙකක්) සීෂෙල්ස් හා ඩුබායි ආදී රටවල ඇදී යන බවත්, එම රටවල බදු සහන ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (17) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
නීත්‍යනුකූල නොවන ලෙස ලබා ගත් වරදාන වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා මෙවර ජනාධිපතිවරණයට නීත්‍යනුකූල නොවන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරන බව ද , ජනවාරි නම වැනිදායින් පසු එලෙස වංචා කළ පිරිස් ජනතා අධිකරණයක් හමුවට ගෙන බන බව ද, ඔහු ප්‍රකාශ කළේය.
‘අපි දිගින් දිගටම කිව්වා මේ ආණ්ඩුවෙන් කරන වංචා දූෂණ ගැන. නමුත් සමහරුන් විශ්වාස කළේ නෑ. ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන් එළියට ඇවිත් දැන් ඒ ගැන හෙළි කරනවා. චම්පික රණවක හිටපු ඇමැතිතුමා කියනවා ඇතැම් අවස්ථාවල කොමිස් ගහන්නේ සියයට දහය නොව සියයට දෙදහසක් පමණ බව.
යාපනය දුම්රිය මාර්ගය හදන්න කිලෝමීටරයට ඇමෙරිකා ඩොලර් මිලියන හැටක් යන බවට ඇස්තමේන්තු කර තිබුණා. හම්බන්තොටට දුම්රිය මාර්ගය හදන්න කිලෝමීටරයට ඇමෙරිකා ඩොලර් මිලියන එක් දහස් ගණනක් යන බව කියනවා. සියයට කීයට වැඩිවීමක්ද? මේ සල්ලිවලට මොකද වුණේ කියා අපි හෙළි කරනවා.
මේ කළු සල්ලි වැඩි වශයෙන් යන්නේ සෙන්කෙට්සන් නොවිස් කියන රාජ්‍යයට. ඒ වගේම සීෂෙල්ස් සහ ඩුබායි වලටත් යනවා. ජනවාරි නම වැනි දා අපි මේ ෆයිල් ජනතා අධිකරණයට ඉදිරිපත් කරනවා.
මේ මුදල් නැවත ණය වශයෙන් අපේ රටටම එනවා. ණය ගන්නෙත් සියයට හතේ පොලියට.
අද අපේ රටේ ආයෝජනය කරන්න එන්නේ කැසිනෝ කාරයෝ, කුඩුකාරයො සහ ජාවාරම් කරයොයි. ‘
පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා -
‘මෛත්‍රී පාලනය කියන්නේ යහ පාලනයේ රාමුවක්. ආණ්ඩුව දැන් දැන්වීමක් ප්‍රචාරය කරනවා මෛත්‍රීපාල සිරිසේන මහතා මීට වසර ගණනාවකට පෙර කළ ප්‍රකාශයක්. එය ඒ කාලයට වලංගු වුවත් අදට වලංගු වෙන්නේ නෑ. එවැනි දෑ ප්‍රචාරය නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධීයි.
යටිතල පහසුකම් සංවර්ධනය කරනවට අපි විරුද්ධ නෑ. නමුත් ඒවා සිදුවන ආකාරය ගැනයි ගැටළුව තිබෙන්නේ.
හම්බන්තොට ගුවන්තොටුපොළ අපි දේශිය ගුවන් තොටුපළක් ලෙසට පත් කර ලබා ඉපයීමට බලාපොරොත්තු වෙනවා. හම්බන්තොට වරාය තියෙන්නේ කොළඹට එන නැව් ගෙන්වා ගන්න නොවෙයි. අපි එය ඵලදායී ලෙස යොදා ගන්නවා.
2014 පමණක් රුපියල් බිලියන 330ක් පමණ මාර්ග ඉදිකරන්න කොන්ත්‍රාත්කරුවන්ට දී තිබෙනවා. නමුත් ඒ සඳහා වැය වන මුදළ රුපියල් මිලියන 130යි.
අපි මේ රටේ අපනයන වැඩි කරනවා. චීනය දියුණු වුණෙත් අපනයන වැඩි කරලයි. අපනයන වැඩි කරන්නේ නැතිව දියුණු වෙන්න බෑ. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ මහවැලියෙන් ගහපුවා, රජයේ ආයතන කුනු කොල්ලෙට තමන්ගේ හිතවතුන්ට දීපුවා, සොත්ති උපාලිලා, ගෝනවල සුනිල්ල සුරතල් කරපුවා අමතකද ? හැට දහසක් සිංහල කෙල්ලෝ කොල්ලෝ අමානුෂික ලෙස ඝාතනය උනේ යහපාලනයෙන්ද ? (නදී)
හාරදහස් පන්සිය ගානක පාඨකයින්ගෙන්, එකම දැක්මෙන් බුධිමත් අදහස් 13 ක් මා කියෙවුවේ හරිම ආඩම්බරෙන්. ඒ වගේම ඝමබරව ඒ සියල්ල පලකරලා. ආඩම්බරයි. (ර)
මේ කියන දේවල් වලට අපි කලබල විය යුතු නැහැ.(හේ)
මේක තමයි ඒ ගොල්ලෝ කොහොමහරි දිනනවා කියන්නේ (අ)
මේවා කියල මිනිස්සු රවටන්න නම් බැහැ. දැන් යහපාලනය සහ දුෂණය පොත් පැත්තකට දාල වෙන මොනවා හරි රසවත් කතාවක් කියන්න. (නදී)
කරලා පෙන්වන්න එතකොට බලමු.(හේ)
මොකටද 9 වැනිදා වෙනකම් ඉන්නේ, දැම්මම මේ අයගේ නම් ටික එලියට දාන්නකෝ, අපිත් කැමතියි මේ අය කවුද කියලා දැනගන්න. (හේ)
දැන් බලයේ ඉන්න අයත් එදා කිව්වේ ඔහොමම තමයි "වංචා කළ පිරිස් ජනතා අධිකරණයක් හමුවට ගෙන බව". කෝ ගෙනාවද?. දැන් ඔය එලියට ඇවිල්ල කෑ ගහන අයියලා ඇතුලේ ඉඳන් කොච්චර හොරකන් කරලා ඇත්ද?. හොරා කෑම අඩුවෙනකොට හරි, අහුවෙන්න යනකොට හරි, අනිත් පැත්තට පැනලා කෑ ගහනවා. කොයි අයියත් එකයි. අපේ ජනතාවට ඕක තේරෙන්නේ නැ.(හේ)
හර්ෂ ද සිල්වා මහතා බුද්ධිමත් දැක්මක් ඇති කෙනෙක්.මේ කියන දේවල් බොරුනම් ආණ්ඩුවෙන් මේ තර්ක බිදින්න ඕනේ.(හේ)
ජනතා අධිකරණය කියල කියන්නේ මහා ඡන්දයට මිස වෙනත් උසාවියකට නොවෙයි. උසාවියකට යන්න නම් නිවැරදි සහ සත්‍ය ශාක්ෂි තිබිය යුතුයිනේ. ජනතා අධිකරණයට නම් මේ වගේ වේදිකාවක කීවාම ඇති. කොහොමටත් මේ කතා වැඩිදුර යන එකක් නැතිවෙයි. හේතුව මේ ආකාරයෙන්ම මේ කට්ටියගේ සමහරු තම කළු සල්ලි පිටරට තැන්පත් කරලා තියෙනවා. (නදී)
සත්‍ය කවදා හෝ ජයගනී. (නදී)
කවුද හොරු කියලා රටම දන්නවා. (නදී)
ඔබලාගේ කාලයේ සතොසට මොකද උනේ කියල කියන්නකෝ. (නදී)
ඇයි 9 වෙනකන් ඉන්නේ . දැන්මම එළියට දාන්නකෝ. (හේ)
මේ ඔක්කොම කියන්නේ ජනතාවගේ ඡන්දෙ ගන්න. අඩුම ගානේ නමක්වත් කියන්නේ නැහැ මොකද මේවට පදනමක් නෑ. අනික මේ අයත් දගලන්නේ ඕක කරන්න මිසක් ජනතාව ගැන හිතලද? (නදී)