ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභා සතු ඇතැම් බලයන් සංවර්ධන නියෝජන ආයතනයකට පැවරෙන අයුරින් සකස් කර ඇති සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පතට කිසිම පළාත් සභාවකින් අනුමැතිය නොලැබෙනු ඇතැයි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයේ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් සත් දෙනා මෙම කෙටුම්පතට විරුද්ධ බවත් නැගෙනහිර හා උතුරු පළාත් සභා ද මෙයට විරුද්ධ වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු කීවේය.
ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.සුපිරි බලතල ඇති ඇමතිවරයකු නිර්මාණය කිරීම ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයේ මෙම කටයුතුවලට ශ්‍රීලනීප පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ද විරුද්ධ බව ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd